|
ලස්සනම චිත්‍රපටය ගැන තවත් ලස්සන කතාවක්සවුන්ඩ් ඔෆ් මියුසික් අවුරුදු 50
තුන් අවුරුද්දක් මුළුල්ලේ අතිශය සාර්ථකව වේදිකා ගත වුන සවුන්ඩ් ඔෆ් මියුසික් නාටකය
චිත්‍රපටයක් බවට පරිවර්තනය වන්නට පෙරාතුව ෆොන් ට්‍රැප් පවුලේ කතාන්දරය රූගත කරන්නට
හොලිවුඩ් නිෂ්පාදකවරුන්ගේ ඇස ගැසී තිබිණි. සැබෑ මාරියා ෆොන් ට්‍රැප්, ද ස්ටෝරි ඔෆ්
ද ට්‍රැප් ෆැමිලි සිංගර්ස් නමින් සිය ජීවන අත්දැකීම් ලියා පළ කරන ලද්දේ 1949
වසරේදීය සමාගමේ අධ්‍යක්ෂවරයාව සිටි වින්සන්ට් ජේ. ඩොනී එය සංගීතවත් නාටකයක් ලෙස එළි දැක්වීමට අදහස් කළේය. වේදිකාවේ ජනප්‍රිය නිළියක වන මේරි මාටින් මාරියා සඳහා යෝජනා කෙරුණු අතර නිෂ්පාදනය පැවරුණේ හොවාඩ් ලින්ඩ්සේ සහ රසල් කෲස්ටය. බ්‍රෝඩ්වේ නාට්‍ය අතර අතිශය ජනප්‍රිය සංගීතඥයන් වූ රොජර්ස් සහ හැමර්ස්ටයින් තෝරා ගන්නා ලද්දේ ඔවුන් විසිනි. ඔස්ත්‍රියානු ජන සංගීතයට හැඩ ගැසුණු ට්‍රැප් පවුලේ සංගීත ඛණ්ඩයන්ට නොරැවටුණු රොජර්ස් සහ හැමර්ස්ටයින් නාට්‍යයට උචිත අලුත්ම සංගීතයක් නිර්මාණය කරන ලදී. එය මුල් වරට වේදිකා ගත වූයේ නිව්යෝක් නගරයේ ලුන්ට් ෆෙන්ටානා රංග ශාලාවේය. 1959 වසරේ හොඳම සංගීතමය වේදිකා නාට්‍ය ලෙස සම්මාන දිනුවේ ද එයයි. 1960 ජූනි මාසයේදී ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගමේ සභාපතිව සිටි රිචඩ් ඩි සානුක් නාට්‍යයේ අයිතිය චිත්‍රපටයක් සඳහා පරිවර්තනය කිරීමට ඩොලර් මිලියන 1.25 ක් ගෙවා ලබා ගන්නා ලදී. එවකට සභාපතිව සිටි සානුක් ෆොක්ස් සමාගමේ සම පුරෝගාමී ඩැරිල් එෆ්. සානුක්ගේ පුත්‍රයාය.
සානුක් චිත්‍රපටයේ තිර රචනය සංගීතමය
චිත්‍රපට වෙනුවෙන් නමක් දිනා සිටි අර්නස්ට් ලේහ්මාන් වෙත පවරන ලදී. නාට්‍යයේ පිටපත
හොඳින් නිරීක්ෂණය කළ ලෙහ්මාන් එය ඇසුරෙන් අලුතින් තිර නාටකයක් රචනා කරන ලදී. ඒ
වේදිකාවේ සිදුවීම් සිනමා කැමරාවට ඔබින ලෙසය. ඕස්ත්‍රියානු දේශ සීමාවේ ඇල්ප්ස් කඳු
වැටි ද ඇතුළත් චිත්‍රපටයේ මුල් ජවනිකාව ආදිය එකතු කරමින් අලුත්ම තිර නාටකයක් ඒ අනුව
ලියැවිණ. ලෙහ්මාන් විසින් රචනා කරන ලද තිර නාටකය ඉතා විශිෂ්ට එකක් විය. නාට්‍යයට
අඩංගු වූ ඩූ රේමී ගීතය ඕස්ත්‍රියාවේ සුන්දර තැනිතලාවක රූ ගැන්වීමේ අවස්ථාව ලෙහ්මාන්
මාරියා හා දරුවන් අතර සබැඳියාව ගොඩ නැඟෙන අපූරුවට ඉස්මතු කරන ලෙස පරිවර්තනය විය.
නාට්‍යයට ඇතුළත් වූ ගීත දෙකක ජවනිකා ලෙහ්මාන් විසින් ඉවත් කරන ලදී. ජර්මන් බසින්
තැනුණු චිත්‍රපට යුගලම ඔහු නැරැඹුවේ 1963 වසෙර්ය. එහෙත් එයින් වැඩක් ගන්නට ඔහු
අකැමැති විය. මාරියාගේ සත්‍ය අත්දැකීම සහ වේදිකා නාට්‍ය පමණක් ඔහුට ප්‍රයෝජනවත්
විය. ලෙහ්මාන් තිර නාටකය පිළිබඳ උනන්දුවද්දී සානුක් අධ්‍යක්ෂණය පිළිබඳ සොයා බැලීය.
ඔහුගේ මුල්ම තේරීම රොබට් වයිස් විය. රොබට් වයිස් ඒ වන විට තවත් බේරීඩ්වේ සංගීතමය
නාට්‍යයක් වූ වෙස්ට් සයිඩ් ස්ටෝරි අධ්‍යක්ෂණයෙන් ඉහළ නමක් දිනා සිටියේය. එහෙත් ඒ වන
විට ඔහු ද සදන්ඩ් පෙබ්ලස් නම් චිත්‍රපටය සඳහා සූදානම්ව සිටියේය. එබැවින් ස්ටැන්ලි
ඩොනන්, ජීන් කෙලී, ජෝර්ජ් රෝයි හිල් වැනි නම් දැරූ
මෙ අතරවාරයේ ලෙහ්මාන් ද තම සිත් ගත් අධ්‍යක්ෂවරයකු වූ හොලිවුඩ් සිනමා දැවැන්තයකුව සිටි විලියම් වයිලර්ට ආරාධනා කළේය. බෙන්හර්, රෝමන් හොලිඩේ වැනි විශිෂ්ට චිත්‍රපට නිර්මාණය කරන ලද වයිලර් සවුන්ඩ් ඔෆ් මියුසික් නාට්‍යය නැරැඹීම සඳහා හොලිවුඩයේ සිට නිව්යෝක් කරා පැමිණියේය. එහෙත් ඔහු නාට්‍යයට පස් පඩංගුවේ බැණ වැදින. ලෙහ්මාන් ඊළඟ සති දෙක පුරාම තිර නාටකය පිළිබඳ විග්‍රහයක යෙදිණ. එහි ප්‍රතිඵලය වූයේ විලියම් වයිලර් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය බාර ගැනීමය. ඒ අනුව සංගීතය මෙහෙය වූ රොජර් ඊඩ්න්, වයිලර් හා ලෙහ්මාන් ඕස්ට්‍රේලියාවේ සැල්ස්බර්ග් බලා පියාසර කළහ. සති දෙකක් ඇතුළත දර්ශන තල 75 ක් පිරිස සොයා ගත් අතර චිත්‍රපටය පිළිබඳ වයිලර්ගේ ප්‍රතිචාර ගැන නිරන්තරයෙන් සානුක් දැනුවත් කිරීමට ලෙහමාන් පියවර ගත්තේය. සානුක් තිර නාටකයේ පළමු කොටස වයිලර්ට යැවීමට ද පියවර ගත්තේය. එහෙත් වයිලර්ගෙන් එයට ප්‍රතිචාරයක් නොවීය. ලෙහ්මාන් රහසිගතවම තිර නාටකයේ පිටපතක් රොබට් වයිස්ට යැවීය. වයිලර් සිය නවතම එමෙන්ම විශිෂ්ටතම චිත්‍රපටයක් වූ ද කලක්ටර් නිර්මාණය කිරීමට සැරසිණ. සානුක්, ද සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේ සියළු වැඩ කටයුතුවලින් වයිලර් ඉවත් කළහ. වාසනාවකට රොබට් වයිස් නිර්මාණය කිරීමට සැරසුන ද සෑන්ඩ් පෙබ්ලස් කල් ගියේය. ඔහු ලෙහ්මාන් ගේ තිර නාටකයට එකඟ විය. වයිස් 1963 ඔක්තෝබරයේ සම නිෂ්පාදක සෝල් චැප්ලින් හා නිෂ්පාදන කණ්ඩායමක් සමඟ දර්ශන තල සොයා යළි ඕස්ත්‍රියාවට ගියහ. එහිදී තෝරා ගත් ඇතැම් දර්ශන එයට පෙර වයිලර් තෝරා ගත් ඒවා විය. ලෙහ්මාන්ගේ තිර නාටකය හා චිත්‍රපටයේ සංගීතය පිළිබඳ නව යෝජනා රැසක් අලුතින් එක් විණ. වෙස්ට් සයිඩ් ස්ටෝරි මෙන්ම සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටයේ ද ආරම්භක ජවනිකා ගුවන් දර්ශන විය. එහෙත් එය ඒ ආකාරයෙන්ම තිබෙන්නට හැරිණ. සම්තිංග් ගුඩ් හා අ හැව් කන්ෆිඩන්ස් නමින් අලුත් ගීත දෙකක් ඇතුළත් කෙරිණ. 1963 දෙසැම්බර් 20 වනදා විට තිර නාටක දෙවන පිටපත අවසන් විය. එහි තුන්වන පිටපත ලෙහ්මාන් විසින් අවසන් කරන ලද්දේ 1964 මාර්තු 20 වැනිදාය. ඒ වන විට කපිතාන් ෆොන් ට්‍රැප්ගේ චරිතය සඳහා ක්‍රිස් ටෝපර් ප්ලමර් තෝරා ගෙන අවසන්ය. ප්ලමර්ගේ චරිත ස්වභාවය අනුව මෙන්ම ඔහුගේ යෝජනා අනුව එක්තරා හාස්‍ය රසයක් ගොඩ නැංවීමට තිර නාටක රචක ලෙහ්මාන් සමත් විය. ලෙහ්මාන් තිර නාටකය බාර ගන්නා විට ඔහු මාරියාගේ චරිතය සඳහා හිතේ දරාගෙන සිටියේ ජුලී ඇන්ඩෲස්ය. ග්‍රේස් කෙලී සහ ෂර්ලි ජෝන්ස් ඇයට විකල්පයන් විය. ජුලී ඇන්ඩෲස් හෙවත් ඩේම් ජූලියා එලිසබෙත් ඇන්ඩෲස් ඒ වන විට 29 හැවිරිදි වියේ පසු විය. ඇය මේරි පොපින්ස් චිත්‍රපටයේ රඟපෑමත් සමඟ ඉහළ කීර්තියක් අත්පත් කර ගත්තාය. සවුන්ඩ් ඔෆ් මියුසික් චිත්‍රපටය සඳහා ඇය තෝරා ගන්නට පෙර වයිස් හා ලෙහ්මාන් වෝල්ට් ඩිස්නි සමාගමේ අවසරය පරිදි ඔවුහු මේරි පොපින්ස් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නැරැඹූහ. ශාලාවෙන් එළියට පැමිණි වයිස්, ලෙහ්මාන්ට දැනුම් දුන්නේ කාටවත් ඇස ගැසෙන්නට කලින් මේ කෙල්ලත් එක්ක අස්සන් කරපන් යනුවෙනි. මේ සඳහා ජුලී ඇන්ඩෲස්ට ඩොලර් 2,25000 ක ගෙවීමක් කෙරිණ. වඩාත්ම අවුල තිබුණේ කැප්ටන් ෆොන් ට්‍රයර්ගේ චරිතය සඳහාය. බිං ක්‍රොස්බි, යුල් බ්‍රයිනර්, ෂීන් කොනරි හා රිචඩ් බර්ටන් ඒ සඳහා තෝරා ගත්හ.
ඒ එකෙක්වත් සියයට සියයක්
ගැලපණේ නැත. අවසානයේ වේදිකවේ රඟපෑ ක්‍රිස්ටෝපර් ප්ලමර් ඒ සඳහා තෝරා ගැනිණ.
වේදිකාවෙන් සිනමාවට මාරුවීම ස 1964 මාර්තු 26 වැනිදා වන විට චිත්‍රපටයේ මුල් දර්ශනය හොලිවුඩ් හි ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් චිත්‍රාගාරයේදී රූ ගන්වන ලදී. ඒ මාරියාගේ නිදන කාමරයේ ජවනිකාවකි. අනතුරුව ට්‍රැප් පවුල පලා යාමේදී හමු වන සුසාන භූමිය ද රූ ගැන්වූයේ එහිදීය. පසුව මේ පිරිස අප්‍රේල් මාසයේදී ඕස්ත්‍රියාවේදී ස්විට්සර්ලන්තයේ හා ජර්මනියේදී චිත්‍රපටයේ රූ ගැන්වීම් කෙරිණි. මාස තුනක් තිස්සේ කතාවේ සැබෑ සිද්ධින් වූ ස්ථාන ද ස්විටසර්ලන්තයේ හා ඕස්ත්‍රියාවේ උස් කඳු බිම්වල දී චිත්‍රපටය රූ ගැන්වයි. දවසකට වඩා වැස්සෙන් බාධාවක් නොවිණ. ජූලි මාසයේ මැද යළි රූ ගැන්වීම් ඇරැඹිණ. ගෘහ අභ්‍යන්තර ජවනිකා මෙන්ම සම්තිං ගුඩ්, යු සික්ස්ටින් වැනි ගී ගැයුණේ එහිය. චිත්‍රපටය මාස 5 ක් ඇතුළත දර්ශන තල 83 ක රූගැන්විණි. චිත්‍රපටයේ සංගීතය අර්වින් කොස්ටල් අතින් ද සමස්ත සංස්කරණය විලියම් රෙනෝල්ඩින් අතින් ද සිදු කෙරිණ. ඒ රොබට් වයිස්ගේ උපදෙස් පරිදිය. චිත්‍රපටයේ විශේෂ දර්ශනයකින් පසු එයට ලැබුණු ප්‍රතිචාර උණුසුම් විය. එහෙත් එයින් පසු දර්ශන කිහිපයක් යළි සංස්කරණය කෙරිණ. මිලි මීටර් 70 ප්‍රමාණයෙන් රූගැන් වූ චිත්‍රපටය මිනිත්තු 174 ක් දිග විය.
සවුන්ඩ් ඔෆ් මියුසික් ගැන තවත් ලිපියක් ලබන සතියේ.
|