|
|
||||
![]() |
|
වීඩු |
කෙසේ වෙතත් ඔහු ඉන්දියාවේ පූනා හි පිහිටි සිනමා සහ රූපවාහිනි ආයතනයට ඇතුළත් වනුයේ 1966 වසෙර්ය. කැමරාකරණය ඔහුගේ විෂය වුව ද අනවසරයෙන්ම ඔහු සිනමාවේ සෙසු අංශ පිළිබඳ අධ්‍යයනයන්ගේ ද නිරත විය. අවසානයේ 1969 වසරේ ඔහු එයින් පිටව යනුයේ රන් පදක්කමක් දිනා ගැනීමෙනි.
1971 වසරේ දී ඔහු සුප්‍රකට මලයාලම් සිනමාකරු පී.එන්.මෙනන් ගේ “පානි මඩක්කු” චිත්‍රපටය උදෙසා කැමරාකරණයෙන් දායක විය. එහෙත් ඔහු වඩාත් අවධානයට පත් වනුයේ 1974 වසරේ රාමු කාරියත් ගේ “නෙල්ලි” චිත්‍රපටයේ කැමරාව මෙහෙයවීම ත් සමග ය. එය එම වසරේ හොඳම කැමරාකරණය උදෙසා කේරළ රාජ්‍යය සම්මානය දිනා ගත්තේය. මේ වන විට ඉන්දියානු සිනමාවේ නව මං සොයා යන සිනමා පැලැන්තියක් බිහි ව සිටියහ. එය වඩාත් බලපෑවේ මලයාලම් සිනමාවටය. එබැවින් දෝ බාලු මහේන්ද්‍ර කැමරාකරණයෙන් දායක වන මුල් චිත්‍රපට සියල්ලම මලයාලම් බසින් තැනුණ ඒවා විය.මෙනන්, රාමු කාරියත්, මෙන්ම භරතන්, කේ.එස්.සේතුමාධවන්, කේ.විශ්වනාත්, ඒ.බී.රාජ් වැනි සිනමාකරුවන් රැසකටම මහේන්ද්‍ර අත්‍යාවශ්‍ය කැමරා ශිල්පියා විය. ජනප්‍රිය දෙමළ සිනමාකරු ජී.මහෙන්ද්‍රන් ගේ මුල්ම චිත්‍රපටය වන මුල්ලුම් මලරුම් සහ මනිරත්නම් ගේ මුල්ම චිත්‍රපටය වන කන්නඩ භාෂිත පල්ලවි අනු පල්ලවි යන චිත්‍රපට සඳහා කැමරා ශිල්පියා වනුයේ ද බාලු මහේන්ද්‍රය.
බාලු මහේන්ද්‍ර ගේ මුල්ම අධ්‍යක්ෂණය එළි දකිනුයේ 1978 වසෙර්ය. ඒ කන්නඩ බසින් තැනුන කෝකිලාය. කෝකිලා එම වසරේ හොඳම කැමරාකරණයට හිමි ජාතික සම්මානය දිනා ගත්තා පමනක් නොව එම වසරේ කර්නාටක සිනමා උළෙලේ හොඳම තිර නාටකයට හිමි සම්මානය දිනා ගත්තේය. මේ චිත්‍රපටය අතිශය සාර්ථක විය. එය එදා මෙදා චෙන්නායි හි දින එකසිය පනහ ඉක්මවා ප්‍රදර්ශනය කළ එකම කන්නඩ භාෂිත චිත්‍රපටය ලෙස වාර්තාවක් තබා ඇත්තේය. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ කමල්හසන්ය. කමල්හසන් ඒ උදෙසා හොදම නළුවා ට හිමි සම්මානයට ද පාත්‍ර විය. ඒ සමඟ කමල්හසන් සහ බාලු මහේන්ද්‍රන් සමග ඇති වූ මිත්‍රත්වය බාලු මියයන තුරුම නොකඩවා පැවැත්වුණ එකක් විය. ඔහු ගේ දෙවැනි චිත්‍රපටය වනුයේ අලියාද කෝලංගල් චිත්‍රපටයයි. එය ඔහුගේ මුල්ම දෙමළ භාෂිත චිත්‍රපටයයි. තෙවැන්න මුදු පානි නම් විය.එයට පාදක වනුයේ ඇල් ෆ්‍රඩ් හිච්කොක් ගේ සයිකෝ චිත්‍රපටයයි.
මුදුපානි චිත්‍රපටයේ සිට බාලු මහේන්ද්‍ර සිය සිනමාව උදෙසා භාවිත කරන ලද්දේ ඉලයරාජාගේ සංගීතය පමණී. ඔහුගේ වඩාත්ම වාණිජමය වශයෙන් සාර්ථක වූ ද ලොව පුරා ඔහු අවධානය දිනා ගත්තා වූ ද චිත්‍රපටය වනුයේ මුන්ද්‍රම් පිරෙයි නිර්මාණය වනුයේ අනතුරුවය. කමල් හසන් සහ ශ්‍රී දේවි ප්‍රධාන චරිත රඟපෑ මේ චිත්‍රපටය දින තුන් සියය ඉක්මවා තමිල්නාඩුවේ තිරගත විය. ශ්‍රී දේවි යනු අති දක්ෂ රංගන වේදිනියක් බැව් මුලින්ම ප්‍රේක්ෂකයන්ට ඔප්පු කර පෙන්වූයේ එමගිනි. එමෙන්ම ඔහු නිර්මාණය කරන ලද මූන්ද්‍රම් පිරෙයි සහ ඕලන්ගල් යන චිත්‍රපට යුගලම එම වසරේ හොඳම චිත්‍රපට ලෙස ෆිල්ම්ෆෙයාර් දකුණු ඉන්දියානු සම්මානය දිනා ගත්තේය. ඔහු මුන්ද්‍රම් පිරෙයි හින්දි බසින් ප්‍රති නිර්මාණය කරන ලද්දේ සද්මා නමිනි. ඔහු නිර්මාණය කරන ලද චිත්‍රපට අතර වඩාත් විචාරක අවධානයට පාත්‍ර වනුයේ යාත්‍රා, වීඩු සහ සන්ධ්‍යා රාගම්, වන්න වන්න පූක්කල්, මරු පඩියම් යන චිත්‍රපට පෙළයි.
වීඩු වඩාත් කතා බහට ලක් වනුයේ නිවාස ගැටළුව එහි තේමාව වූ බැවිනි. නිවසක් ඉදි කරීමට වෑයම් කරන මධ්‍යම පංතියේ පවුලක් එහි තේමාව විය. නීන්ගල් කෙට්ටාවයි, උන් කන්නීල් නීර් වලින්දල්, නිරීක්ෂණා. රෙට්ටයි වාල් කුරුවි, සතී ලිලාවතී, ඕර් එක් ප්‍රෙම් කහානි,රාමන් අබ්දුල්ලා. ජුලී ගණපති, අදු ඕරු කන කාලම් ඔහුගේ චිත්‍රපට අතර විය. ඔහුගේ අවසන් චිත්‍රපටය මිය යන්නට මාස කිහිපයකට පෙර එළි දැක්විණ. ඒ තලයිමුරුගල්ය. එයට පාදක වනුයේ පිටිසර ගමක වෙසෙන සම්ප්‍රදායික මුත්තණුවන් දකින්නට එන කුඩා මුණුබුරෙකු පිළබඳ කතාවකි. මේ දෙදෙනා සංස්කෘතින් දෙකකට අයත්ය. තමා නිර්මාණය කරන ලද සියලු චිත්‍රපට සඳහා තිර රචනයෙන් කැමරාකරණයෙන් මෙන්ම සංස්කරණයෙන් ද බාලු මහේන්ද්‍ර දායක වූයේය. එහෙත් ඔහුගේ අවසන් චිත්‍රපටයේ දී මේ පිළිවෙත මදක් වෙනස් වූයේ එහි ඔහු තවත් අමතර කාර්යයක් ද කළ බැවිනි. ඒ එහි ප්‍රධාන චරිතය වන මුත්තනුවන්ගේ චරිතය නිරූපණය කරමින් රංගනයට ද දායක වූ හෙයිනි. එය ඔහුගේ මුල්ම එකම සහ අවසාන රංගනය විය. සිය සිනමා ජීවිතයේ දී ඔහු චිත්‍රපට 22 ක් අධ්‍යක්ෂණය කළේය.
![]() |
|
මූන්ද්‍රම් පිරෙයි |
ඔහු ගේ චිත්‍රපට විවිධ තේමාවන්ගෙන් යුක්ත විය.ඇතැම් චිත්‍රපටයක් තනන්නට ඔහු හොලිවුඩ් කතා ආභාසය ලබා ගත්ත ද සමස්තයක් ලෙස ඔහු සිනමාවේ දී ජීවිතයේ විවිධ පැතිකඩ සොයා සිය සිනමා චාරිකාව ගමන් කරවූයේය. වීඩු,සන්ධ්‍යා රාගම්,වන්න වන්න පූක්කල්,මරු පඩියම් මෙන්ම අවසන් චිත්‍රපටය වන තලයිමරුගල් තම ජීවිත අත්දැකීම් සිනමාවට නැංවූ අවස්ථාවන්ය. ඔහුගේ සති ලීලාවතී අතිශය හාස්‍යත්පාදක චිත්‍රපටයකි. පසුකලක බිවි නම්බර් වන් නමින් හින්දි සිනමාවට නැගුණේ එයයි. මූන්ද්‍රම් පිරෙයි අවසානය මිනිසුන්ගේ ඇසට කඳුළු උණන වර්ගයේ චිත්‍රපටයක් විය. ආලෝකකරණයේදී ඔහු ස්වභාවික ආලෝකය ඉතා හොඳීන් සිය රූපයට මුසු කළේය. එය සම්ප්‍රදායික දෙමළ සිනමාවේ එවකට කිසි විටෙක හෝ කිසිවකු විසින් හෝ අත්හදා බලන්නට නොගිය කාරණාවකි. පසු කලක එයින් ආභාෂය ලද තරුණයන් ඔහු අතික්‍රමණය කළේය. එමෙන්ම මේ සිනමා න්‍යායන් දෙමළ සිනමාවට පෙර අපේ රටේ සිනමාකරුවන් අත්හදා බැලූ ඒවා වග ද සඳහන් කළ යුතුය.
බාලු මහේන්ද්‍රන් දෙවරක් විවාහ වූයේය. ඔහුගේ මුල්ම භාර්යාව මලයාලම් නිළියක වූ සෝභාය. ඇය සුප්‍රකට මළයාලම් නිළි ප්‍රේමා ගේ දියනියයි. දා හත් හැවිරිදි විය එළැඹෙන විටත් සෝබා ජනප්‍රිය නිළියකව සිටියාය. බාලු මහේන්ද්‍ර ඇයට වඩා වසර විසි තුනකින් වැඩිමහල් විය. පහලොස් හැවිරිදි වියේ දී විවාහ වන ඇය එයින් දෙවසරකට පසු දිවි නසා ගත්තාය. එය මිනීමැරුමකැයි මුලින් සැක කළ තමිල්නාඩු පොලීසිය ඒ පිලිබඳ බාලු මහේන්ද්‍රන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්ණ කළේය. ඒ ප්‍රශ්ණ කිරීම් පසුපස සිටියේ එවකට තමිල්නාඩු මහ ඇමැති එම්.ජී. රාමචන්ද්‍රන් බැව් කියැවේ. එයට හේතුව වනුයේ බාලු මහේන්ද්‍ර ගේ සිනමාව එම්.ජී.ආර් ලාගේ සම්ප්‍රදායික සිනමාවේ උදහසට ලක්වීමයි. පසුව ඔහු ගේ භාර්යාව වනුයේ අභිලේශ්වරීය. එම විවාහයෙන් ඔහුට පුතෙකු ලැබිණ. පසුකලක බාලු මහේන්ද්‍ර චෙන්නායි හි හොඳ සිනමා පාසැලක් පවත්වා ගෙන ගියේය. එහෙත් යළි මව්බිමට පැමිණීමට බාලු මහේන්ද්‍රට නොහැකිවිය.
ඔහුට කිසි කලක ඉන්දියාවේ පුරවැසි බව ලැබුණ වගක් ද වාර්තා නොවේ. කිසියම් හේතුවක් නිසා ඔහු ආගමන විගමන නීති කඩා තිබිණ. එබැවින් ඔහුට ලංකාවේ හෝ ඉන්දියාවේ විදේශ ගමන් බලපත්‍රයක් නොවිණ. ඔහුගේ චිත්‍රපට මෙරට වාණිජමය වශයෙන් මෙන්ම සිනමා උත්සව ආදියේ ද තිර ගත විය. එහෙත් ඒ හැම වතාවකම ඔහුට එරටින් පැමිණිය නොහැකි විය. ඒ ආගමන නීති සම්බන්ධව කාරණයක් මත ඔහුට විදෙස් ගමන් බලපත්‍රයක් නොමැතිවීම හේතුවෙනි. සෝබා ගේ මරණය හේතුවෙන් පොලීසිය ඔහු පසුපස ලුහු බැන්දේ මේ ආගමන නීති දඩමීමා කර ගෙනය. එබැවින් මිය යන තෙක්ම තමන් අයත් වනුයේ කවර රටකටදැයි දැන සිටියේ ඔහුම පමණී. ඔහුගේ මරණය සම්බන්ධව කමල්හසන් තව දුරටත් මෙසේ සටහන් කර තිබිණ. ඔහු මිය ගිය බව ඇත්තය. එහෙත් අපේ හැම නිර්මාණයක් පසුපසම ඔහු සදාකල් ජීවත් වන්නේය.
ඔහු මිය ගියේ පසුගිය 2014 පෙබරවාරි 13 වැනි දිනය. ඒ හෘදයාබාධයකිනි.




කමල්හසන් විසින් කොතැන සිට පැමිණියා ද යනුවෙන් සඳහන් කරන සිනමාකරු උපන්නේත් හැදී
වැඩුණේත් ශ්‍රී ලංකාවේය. කලකට ඉහත අපේ සිනමාව පෝෂණය කරන්නට දකුණු ඉන්දියානු
සිනමාකරුවන් පැමිණි විලසටම බාලු මහේන්ද්‍ර මෙරට සිට දකුණු ඉන්දියාවට ගොස් චිත්‍රපට
නිර්මාණය කළේය. එපමණක් නොව ඔහු දකුණු ඉන්දියාවේ සියලු භාෂාවන්ගෙන් චිත්‍රපට නිර්මාණය
කළේය. ඔහු මුල්වරට කැමරාව මෙහෙය වූයේ මලයාලම් චිත්‍රපටයකය. ඔහුගේ මුල්ම වෘතාන්ත
චිත්‍රපටය තැනුණේ කන්නඩ බසිනි. ඔහු වැඩිපුරම චිත්‍රපට තැනුවේ දෙමළ බසිනි. තෙළිඟු සහ
මලයාලම් යන සෙසු ද්‍රවිඩ භාෂාවන්ගෙන් ද ඔහු චිත්‍රපට නිර්මාණය කළේය. එමෙන්ම හින්දි
බසින් ද ඔහු චිත්‍රපට නිර්මාණය කළේය. භාෂාව ඔහුට ගැටළුවක් නොවිණ. එයට හේතුව ඔහු මුල්
වරට තමිල්නාඩුවේ දෙමළ සිනමාවට රූපයෙන් කතා කරන්නට ඉගැන්වූ හෙයිනි.

