|
ජීවන් චිත්‍ර අඳිනු බලන්නට හෝකන්දර ගිය ගමනසඳසේයා දර්ශන තලයේ දවසක්
ජීවන් කුමාරණතුංග කලාකරුවකු නිහතමානි මිනිසෙකු ලෙස මෙන්ම දේශපාලනඥයකු ලෙස අපේ රට
තුළ ප්‍රකට චරිතයකි. නමුත් හෙතෙම සිත්තරෙකු ලෙස අප කිසි දිනෙක හඳුනාගෙන
හෝකන්දරට නුදුරු සුවිසාල බංගලාවක ගෙමිදුලට වී ජීවන් චිත්‍රයක් අඳින අයුරු දැකීම පෙරකී කතාව නිවැරදි එකක් බවට පත්කොට තිබුණි. සුවිශාල ගේට්ටු කුළුණට බරදී ඔහු අපූරු සිතුවම නිම කරන තෙක්ම අපි මහා හුඟක් වේලා බලා සිටියෙමු. “මහත්තය හම්බවෙන්නද?” අප දුටු මෙහෙකාරිය පැමිණියේ සිත්තරාගේ දැහැනද බිඳ දමමිනි. “ආ..එන්න... මේ අපේ සරසවියේ කට්ටියනෙ.” ජීවන් කතාබහ කළේ සුපුරුදු ළෙන්ගතු කමිනි.
“මං මේ දවස්වල අලුත් ටෙලි එකක වැඩ කටයුතු කරමිනුයි ඉන්නෙ...” කතාව තේරුණේ දැන්ය. ජීවන් ත්‍රිෂුලදීප තඹවිට ගේ නවතම ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුය. මෙය වෙනස්ම රිද්මයක් දැවටුනු අපූරු කතාන්දරයකි.
දුම්රිය ගමනේදී හමුවන අනපේක්ෂිත තරුණයා ඉදුවර පවනි සමඟ හාද වන්නේ ගමනේ දිගු දුර වෙහෙස නිමා දමමිනි. හපුතලේ දුම්රිය පොළෙන් බසින දෙදෙනා වෙන්ව යන්නේ යළි මුණගැසෙන බලාපොරොත්තුවද ඇතිවය. ඉඳුවර හපුතලේ බලා යන්නේ චිත්‍රයක් මිලට ගැනීමටය. තාත්තාගේ උපදෙස් මත චිත්‍රය මිලට ගන්නා ඉඳුවර නැවත කොළඹ බලා පැමිණෙයි. පවනි පසුදින එම චිත්‍රය මිලට ගැනීමට යනවිට චිත්‍රය කෙනෙකු ගෙනගිය බව සැලවෙයි.
චිත්‍රය තැන්පත්කොට තිබූ නිවෙසේ තමා ඉඳුවරට දුන්
නවකතා පොත තිබෙනු දැක පවනි මෙම චිත්‍රය ගෙනගිය පුද්ගලයා ඉඳුවර බව වටහා ගනී. ඉඳුවර
මෙම චිත්‍රය ලබා ගත්තේ ඇයි. පවනි මෙම චිත්‍රය සොයන්නේ ඇයි. තිෂුල දීප ඇතුළු පිරිස
නිර්මාණය කරන්නේ ඒ සුන්දර කතාන්දරයයි. හපුතලේ ඇතුළු සුන්දර දර්ශනතල රැසක රූගත කළ මෙම ටෙලි නාට්‍යය විනෝජා නිලන්තිගේ නිෂ්පාදන කටයුත්තකි. ඉඳුවර චරිතටය පණපොවන්නේ රොෂාන් රණවනය. පවනි ලෙස රිෂි ඒන්ජල් ටෙලි වංශකතාවට එක්වන්නීය. දිල්හානි පෙරේරා, සංඛේත් වික්‍රමගේ, නිශ්ශංක දිද්දෙණිය, ශ්‍රීමාල් වෙඩිසිංහ, හෂිනිකා කරල්ලියද්ද, ජයරත්න රූපසිංහ, දිලිප් මනෝහර, ප්‍රියන්ත සෙනෙවිරත්න, ප්‍රසන්න ෆොන්සේකා මෙන් ප්‍රධාන චරිතවලට පණ දෙති. කුතුහලය ත්‍රාසය මෙන්ම ප්‍රේමය පිරුණු මෙම ටෙලිනාට්‍යය තුළ චිත්‍රයක් තුළ සැගවුණ වස්තුවක් පිළිබඳ කතාබහට ද ලක්වෙයි. අධ්‍යක්ෂණය සහ කැමරාකරණය – ත්‍රිෂූල දීප තඹවිට
කලා අධ්‍යක්ෂණය – චන්දන ප්‍රිංකර වේෂනිරූපණය – ප්‍රියන්ත තිලක්රත්නායක සංගීතය – දිනේෂ් සුබසිංහ සංස්කරණය - ශාන් සුදසිංහ නිෂ්පාදනය - විනෝජා නිලන්ති
|