|
ලෙඩ වුණු පවුල්
ඇයට මෙසේ කොණ්ඩය අහිමි වී ඇත්තේ විටමින් ඌනතාව නිසයි. ඇඳ විවේකයෙන් පසුවන මන්යාතා අසල තවදුරටත් රැඳී සිටීමට සංජේගේ සිත අයදිද්දී, නීතියෙන් ද ඒ අවසරය පැතීමට ඔහු පෙලඹී සිටියි. එහෙත් නීතිය ඒ තරම් කාරුණික වේවි ද? සංජේගේ මව, ප්‍රවීන නිළි නර්ගීස් මෙන්ම ඔහුගේ පළමු බිරිය රීචා ෂර්මා ද මිය ගියේ පිළිකාවක් වැළඳීමෙනි. දෙසැම්බර් මාසයේ සිටම බිරිය ළඟ සිටීමට නීතියෙන් අවසර ලැබුණ ද මේ ඉල්ලීම ඉටු වේවිදැයි යන්න නම් සැක සහිතය. මේ අතර අක්ෂේ කුමාර්ගේ බිරිය, නිළි ට්වින්කල් ඛන්නා ද මෑතක දී සැත්කමකට ලක් කෙරුණාය. එක්වරම හටගත් දැඩි උදර වේදනාවක් නිසා ට්වින්කල් රෝහල් ගත කෙරුණු අතර පසුව සැත්කමකට ද ලක් කර ඇත.සැත්කම කර තිබෙන්නේ ට්වින්කල්ගේ උදර වේදනාවට හේතු වූ වකුගඩු ගල ඉවත් කිරීමටයි. දැන් ඇය සම්පූර්ණ සුවය ලබා ඇත. අක්ෂේ මෙන්ම නිළි මව ඩිම්පල් කපාඩියා ද සැත්කමින් පසු ඇය අසලින්ම සිටියහ.
|