|
ග්‍රැමි සම්මානයෙන් පුද ලද ලංකා පුත්රයාහුසේන් ජිෆ්රි
හුසේන් ජිෆ්රි ඇතුළු හර්බ් ඇල්පර්ට්ගේ සංගීත කණ්ඩායම මෙම සම්මානය හිමි කර ගත්තේ ‘ස්ටෙපින්ග් අවුට්’ නැමැති වසරේ හොඳම පොප් ගී ඇල්බමය වෙනුවෙනි. හැත්තෑව දශකය ආරම්භයේදී සිය සංගීත දිවිය ආරම්භ කර ඇති හුසේන් ජිෆ්රි මෙරටදී ජොෆ්රි ජයරත්නගේ සංගීත කණ්ඩායම සමඟත් චරදේ, ගැලක්සි සංගීත කණ්ඩායම් මෙන්ම සුප්‍රසිද්ධ ඇමෙසින් ග්‍රේස් සමඟ ද සම්බන්ධව කටයුතු කරන්නත් අවස්ථාව ලබාගෙන තියෙනවා. ඒ වගේම ඔහු ජාත්‍යන්තර සංගීත ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ ශිල්පීන් වන විට්නි හුසේන්, ඩියොන් මර්වික් සහ යානි සමඟ ද සංගීත නිර්මාණ කටයුතුª සිදු කළ ශිල්පියෙක්. දැනට කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් හි වෙසෙන මේ ශ්‍රී ලාංකික සංගීත ශිල්පියා කැලිෆෝනියා සංගීත ආයතනයේ උපාධිධරයෙකු වන අතර කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා නර්තන සංගමය සමඟ ද කටයුතු කරමින් සිටින්නේය.
|