|
බලනවා නම් චිත්‍රපටOBLIVION
‘ඔබ්ලිවිඔන්’ හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක්. ජෝෂප් කොසින්කි
විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ටොම් කෲස්, මෝගන් ෆ‍්‍රීමන්, ඔල්ගා
‘ඔබිලිවිඔන්’ මිනිත්තු 124 ක ධාවන කාලයකින් යුතු වේ.
THE GREAT GATSBY ‘ද ග්‍රේට් ගැට්ස්බි’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. බාස් ලුර්මන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ජොඑල් එඩිගර්ටන්, ටොබි මාගියුරි, ස්ටීව් බිස්ලි, රිිචඩ් කාටර්, සමඟින් ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් රංගනයෙන් එක් වේ. ‘ද ග්‍රේට් ගැට්ස්බි’ මිනිත්තු 142 ක ධාවන කාලයකින් යුතු චිත්‍රපටයකි.
‘ස්ටාර් ට්‍රෙක් ඉන්ටු ඩාර්ක්නස්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. ජේ. ජේ. ඒබ්‍රම්ස් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු 132 ක ධාවන කාලයකින් යුතුවේ. ක්‍රිස් පයින්, සැචරි කුයින්ටෝ, සෝ සල්ඩානා, කාර්ල් අර්බන්, ජෝන් චෝ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
THE HANGOVER PART III ‘ද හැන්ග්ඕවර් පාර්ට් III’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. ටොඩි පිලිප්ස් අධ්‍යක්ෂණය කළ මෙහි බ‍්‍රැඩිලි කූපර්, ඊඩ් හෙල්ම්ස්, සැච් ගැලිෆිනකිස්, ජස්ටින් බර්තා, කෙන් ජෙඔන්ග්, ජෝන් ගුඩිමෑන්, මෙලිසා මැක්කාර්ති ප්‍රධාන චරිත නිරූපණය කරති.
එම්. නයිට් ශ්‍යාමලන් අධ්‍යක්ෂණය කළ ‘ආෆ්ටර් අර්ත්’ හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්. මිනිත්තු 100 ක ධාවන කාලයකින් යුතු ‘ආෆ්ටර් අර්ත්’ හි ජේඩන් සුමිත්, විල් ස්මිත්, සොෆී ඔකොනේඩො, සෝ ක්‍රාවිටිස්, ග්ලෙන් මෝර්ෂවර්, ක්‍රිස්ටෝෆර් හිව්‍යුජු ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
BOMBY TALKIES ‘බොම්බේ ටොල්කීස්’ නවතම හින්දි චිත්‍රපටයක්. කරන් ජොහාර්, ඩිබාකර් බනිර්ජි, සොයා අක්තාර්, අනුරාග් කාශ්‍යප් විසින් අධ්‍යක්ෂණය කල මෙම චිත්‍රපටය මිනිත්තු 127 ක ධාවන කාලයකින් යුතු වේ. රාණි මුකර්ජි, රන්දීප් හෝඩා, සකීබ් සලීම්, විනීට් කුමාර් සිංග් මෙහි රංගනයෙන් දායක වෙති.
‘ෂූට්අවුට් ඇට් වාදාලා’ ක්‍රියාදාම හින්දි චිත්‍රපටයක්. සන්ජේ ගුප්තා විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ජෝන් ඒබ්‍රහම්, අනිල් කපූර්,මනෝජ් බජ්පායි, කන්ගනා රානවුට්, තුෂාර් කපූර්, සෝනු සෝද් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ‘සූට් අවුට් ඇට් වදාලා’ මිනිත්තු 155 ක ධාවන කාලයකින් යුතුවේ.
SHREE ‘ශ්‍රී’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් විද්‍යා ප්‍රබන්ධ හින්දි චිත්‍රපටයක්. රාජේෂ් බච්චනි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ හුසේන් කුවජර්වාලා, පරේෂ් ගනාත්‍රා, අංජලී පටේල්, ශිවානි නෙස්ක්ලේ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. |