|
මේ දිනවල ලොව පුරා ජනපි‍්‍රය Honey Bunny
“අදහසක් ” කෙතරම් ප්‍රබල ද ? මෙකී අදහස, ප්‍රචාරක දැන්වීමක් හරහා, රූපවාහිනියෙන් විකාශය වීම, ඕපාදූපයකට තටු ලැබීමක් වැනිය. අද ලොව පුරා මිලියන ගණනක් මුමුනන “හනී බනී “(Honey Bunny) ද තටු ලැබුණු, ප්‍රබල අදහසකි. ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්‍රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. රට පුරා, විවිධ ප්‍රාන්තයන් හි තම ජංගම දුරකථන සේවා ජාලය ව්‍යාප්ත කිරීම, “හනී බනී” දැන්වීම පසුපස සැඟවුණු අරමුණයි. Lowe Lintas දැන්වීම් ප්‍රචාරක ආයතනයට මෙම දැන්වීම නිර්මාණය කිරීම පැවරිණි. ගීතය සංගීතවත් කළේ, අමිත් ත්‍රිවේදි. “වේක් අප් සිඩ් “, “දේව් ඩී “, “ඉන්ග්ලිෂ් වින්ග්ලිෂ්” චිත්‍රපටය සඳහා සංගීත අධ්‍යක්ෂණය කළේ ඔහුයි. ගී පද සංකල්පනාව අමිතාබ් භටාචාර්යා විසිනි. සංගීතවේදියා හා පද රචකයා, යන දෙදෙනාම ගායනයෙන් එක්වෙති. ප්‍රචාරක දැන්වීමට ප්‍රසිද්ධිය ලැබුණු මුල් දින 9 දීම, සාර්ථක ප්‍රතිඵල හිමිවිය. මුල් දින කිහිපයේ, ආදිත්‍ය බිර්ලා සමාගම් වෙබ් පිටුවට මිලියනයකට අධික පිරිසක් පිවිසුණහ. “යූ ටියුබ්” හි ඒ සඳහා නැරඹුම් ලක්ෂයකට අධිකව ලැබිණ. වත්පොතේ ඒ සඳහා මනාප දෙදහසකට වැඩිය හිමිව තිබේ. ජනප්‍රියත්වයෙන්, මෙන්ම සාර්ථකත්වයෙන් කිරළු පළන් “හනී බනී” සුන්දර ආදර ගීතයක් ලෙසින් රූප රචනය කෙරෙන්නේද ඉන් අනතුරුවයි.
Honey Bunny Song
TOP TENපෙබරවාරි 19 වෙනි දින වන විට පසුගිය සතියේ හොලිවුඩ් චිත්‍රපට ලැබූ ආදායම
1. “අ ගුඩ් ඩේ ටු ඩයි හාර්ඩ් ” – ඇ.ඩො.මි. 33.064 2. “ අයිඩෙන්ටිටි තීෆ් ” – ඇ.ඩො.මි. 70.962 3. “ සේෆ් හෙවන් ” – ඇ.ඩො.මි. 30.279 4. “ එස්කේප් ෆ්‍රොම් ප්ලැනට් අර්ත් ” – ඇ.ඩො.මි. 15.907 5. “ වොර්ම් බොඩීස් ” – ඇ.ඩො.මි. 50.051 6. “ බියුටිෆුල් ක්‍රීචර්ස් “ – ඇ.ඩො.මි. 10.122 7. “ සයිඩ් ඉෆෙක්ට්ස් ” – ඇ.ඩො.මි. 19.075 8. “ සිල්වර් ලයිනින්ස් ප්ලේබුක් ”- ඇ.ඩො.මි. 6.024 9. “ හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල් : විච් හන්ටර්ස් – ඇ.ඩො.මි. 49.739 10. “ සීරෝ ඩාර්ක් තර්ටි” – ඇ.ඩො.මි. 87.929
|