|
‘තරුමලී’ සෑම සතියේ දිනකම ස්වර්ණවාහිනියේ
කොටස් සියයකින් යුත් විනූ සිරිවර්ධන තරුමලී ලෙස රඟන තරුමලී දැන් සෑම දිනකම රාත්‍රී
9.30 ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙයි. බුද්ධදාස විතානාරච්චි, ජනක කුඹුකගේ, මීනා කුමාරි, අජිත් ලොකුගේ, කංචන කොඩිතුවක්කු, රිචාඩ් වීරක්කොඩි, සුරාජ් මාපා, කාවිංග පෙරේරා, උදයන්ති කුලතුංග, චමුපා ගොඩගේ, කුමාරි මුණසිංහ, ප්‍රසන්නජිත් අබේසූරිය, නිරෝෂා හේරත්, නිමල් ඇන්තනි, සුසිලා කෝට්ටගේ, ලක්ෂ්මන් අමරසේකර තරුමලී හැඩ කරන සෙසු රංගන ශිල්පීන් වේ. තරුමලී මහේන්ද්‍ර කුලසිංහගේ අධ්‍යක්ෂණයකි. සනත් සමරනායකගේ තිර රචනයකි. දිලීප පුස්සැල්ලගේ කැමරාකරණයකි. සමන් ආරියරත්න සංස්කරණ ශිල්පියාය. ජයන්ත සමරවික්‍රම සහ සමීර වීරසිංහ කලා අධ්‍යක්ෂවරුන්ය. අමිල ගයාන්ගේ අංග රචනයකි. තරංග සම්පත් නිරිඇල්ල සහාය අධ්‍යක්ෂවරයාය. කසුන් ද සිල්වා නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වන අතර චාමර සමරවික්‍රමගේ රේඛීය නිෂ්පාදනයකි.
ගාමිණී ගුණ සැමරුම් උළෙලේදී අංග රචනා ශිල්පී සුනිල් ජයවර්ධන සම්මානයෙන් පිදේ
කඳුරට සංස්කෘතික සහ කලා සංගමය මගින් සංවිධානය කළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ ඉන්දීය රංගන ශිල්පී එම්. ජී. රාමචන්ද්‍රන් යන මහත්වරුන්ගේ ගුණ සැමරුම් උළෙලක් මහනුවර කැප්පෙටිපොල ශාලාවේදී පැවැත්විණ. එහිදී කලාව වෙනුවෙන් කළ සේවය උදෙසා අංග රචනා ශිල්පී, කලා භූෂණ සුනිල් ජයවර්ධන මහතා එදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ඉන්දීය උප තානාපති ඒ. නඩරාජා අතින් සම්මාන සහතික පත්‍රයක් ලබාගත් මොහොතයි මේ. සෝමා දේවිය තිරයට නැගේ
වලගම්බා රජ සමයේ සෝමා දේවියගේ කතාව රැගත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට අධ්යක්ෂ කීර්ති බණ්ඩාර සූදානම් වෙයි. එහි පෙර නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදු වෙමින් පවතියි. ඡායාරූපයෙන් දැක්වනුයේ චිත්‍රපටයේ පිටපත එහි රචක සුමනසිරි දිසානායක අතින් කීර්තිට, එකල වලගම්බා රජු සැඟ වී සිටි ගිරිඋල්ල මැද්දපොළ රජ මහා විහාරස්ථානයේදී එම විහාරාධිපති මිරිහානේ ධර්මපාල ස්වාමීන් වහන්සේ ඉදිරිපිට දී බාර දුන් මොහොතයි.
|