|
සෝමපාල ලීලානන්ද ගේ පුතු විවාහ වෙයි
චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, ගීත රචකයකු මෙන්ම දක්ෂ තිර කතා රචකයකු වූ සෝමපාල ලීලානන්ද ගේ පුතු විරාජිත ලංකාගේ යුග දිවි පිවිසුම පසුගියදා පිළියන්දල සොනෙන් බ්ලුම් හෝටලයේදී සිදු විය. ඔහුගේ අත ගත් මනාලිය වූයේ නදීෂා නුවන්තිය. ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය මෙන්ම ක්ෂේත්‍රයේ කලාකරුවන් රැසක් මේ සුබ මොහොතට සහභාගි විය.
ජනාධිපති ආර්යාව මනාල යුවළ සමඟ දෙපස මවුපියන් පිරිවරා සේයාරුවකට පෙනී සිටි අයුරු.
සෝමපාලගේ රචනා වැඩි ගණනකට සංගීතයෙන් පණ දුන් සරත් දසනායක සංගීතවේදියාගේ බිරිය ප්‍රීති සහ පුතු රංග මංගල උත්සවයට ඇවිත්.
චන්ද්‍රිකා සිරිවර්ධන, නදීකා ගුණසේකර හමුවී. චන්ද්‍රිකාගේ සැමියා, ඇන්ටන් අල්විස් පසෙකින් වෙති
|