සුමනා ගෝමස්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය
සුමනා ගෝමස්ගේ
රාත්‍රී භෝජන සංග්‍රහය
කෙටි සංචාරයකට මෙරටට පැමිණි සුමනා ගෝමස් පසුගියදා නැවතත් අමෙරිකාව බලා පිටත්ව
ගියේය. ඊට මත්තෙන් ඇය කලා සහෘදයන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදීමට අමතක නොකළාය.
සුනිල් ටී. ප්‍රනාන්දුගේ පූර්ණ සංවිධානයෙන් යුතු වූ මෙය පැවැත් වූයේ රාජගිරිය
සවරින් හෝටලයේදීයි.
මේ එහි අවස්ථා කිහිපයකි.
සේයාරූ - ඉන්දික ප්‍රභාත්
 |
සේමිණී, නදීශා, ගයනා,
සුමනාව කලකට පසු හමු වී |
 |
සුනිල් ටී, ශ්‍රියානි
අමරසේන, සහන් විජේසිංහ, නිශානි ගමගේ, සුමනා සමඟ |
 |
සුමනා සහ ඇගේ සැමියා,
ක්ලීටස්, සනත්, සුනිල් ටී., විමාන |
නීති රඟ 2012 ප්‍රසංගයේ අවස්ථාවක්
නීතිඥ සහ නීතිඥවරියන්ගේ කලා කුසලතා එළි දැක්වීමේ අරමුණින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය
පවත්වනු ලබන නීති රඟ ප්‍රසංගය 20 වැනි වරටත් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී
පසුගියදා පැවැත්විණි.
නීති රඟ 2012 ප්‍රසංගය සංවිධායක කමිටුවේ සභාපතිනි නීතිඥ ප්‍රියානි පෙරේරා එදින
ගීතයක් ගායනා කළ අයුරු. නීතිඥ සිසිර එදිරිසිංහ හාස්‍යජනක නාට්‍ය නිර්මාණය වූ ‘සදහටම
ඔබ මගේ’ නාට්‍යයේ අවස්ථාවක්.
- යතේජා
‘මාරම්බරී’
23 දා
හොරණ ශ්‍රීපාලියේ

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය මාරම්බරී මෙම මස 23 වැනිදා හොරණ
ශ්‍රීපාලි විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
|