|
අප සොයන්නේ ඔබයි නර්තන, වාදන කණ්ඩායම් වලට සරසවියෙන් ඉඩක්
පුරා අඩ සියවසකට ආසන්න කාලයක් කලා ලොවට අනුපමේය සේවාවක් කළ සරසවිය ලබන වසරේ සිට ගම් දනව්වල සැඟ වී සිටින කලා කටයුතුවලට ලැදි තරුණ තරුණියන්ට අතදීමට සූදානම්. ඔබත් සංගීත, නර්තන කණ්ඩායමක සාමාජියෙක්ද? අප අමතන්නේ ඔබටයි. ඔබ කළ යුත්තේ මෙපමණයි. ඔබගේ සංගීත කණ්ඩායමේ නර්තන කණ්ඩායමේ, කණ්ඩායම් ඡායාරූපයක් සමඟ සියලු විස්තර ලියන්න අපට. ඒ සමඟ පහත පළවන කූපන් පත් පහක් ඒ සමඟ අමුණා එවන්නටත් අමතක කරන්නට එපා. ඔබේ අයදුම් පත්‍රය පළමුව අපට ලැබෙන්නට සලස්වා ඡායාරූප විද්‍යුත් තැපැල් මඟින් එවිය හැකි බවත් මතක තබා ගන්න.
ඔබ එවන නිවැරැදි, නිරවුල් ඔබේ විස්තර සරසවිය පුවත්පතේ පළවනවා නොඅනුමානයි. අපේ ලිපිනය: BAND LAND සරසවිය, ලේක්හවුස්, කොළඹ.
රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ නව නිලධාරීන් පත් කෙරේ
සභාපති - හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්, සම සභාපති – ගායිකා අයිරින් ලියනගේ, උප සභාපති – චාන්දනී ජයසිංහ, ලේකම් - සිරිමා ඇනස්ටා මර්සලීන්, උප ලේකම් – වින්ධ්‍යා කුමාරි, භණ්ඩාගාරික – ඊ. ජී. ඒ. චිත්‍රා කාන්ති, ගණන් පරීක්ෂක - ශ්‍රීමා ලියනගේ, සංවිධායක - සුසිල් වික්‍රමසූරිය, සහාය සංවිධායක – ඩී. ඒ. දේවප්‍රිය, ආගමික අංශ ප්‍රධානී – ඇන්ටන් වේවැල්දෙනිය. අනුශාසකවරු - සිනමා නළු බොනිපස් ප්‍රනාන්දු මහතා, ග්‍රන්ථ කර්තෘ සේනක ජයතිලක මහතා, බස්නාහිර පළාත් ප්‍රවාහන හා කලා කටයුතු අමාත්‍ය උපාලි කොඩිකාර මහතා, නීතිඥ රන්ජන් නිහාල් යහම්පත් මහතා. ක්‍රියාකාරී කමිටුව - චින්තක පතිරණ, වරුණ ශාන්ත අභයවර්ධන, විනිප්‍රීඩා මල්ලිකා පීරිස්, ආනන්ද තිස්ස අමරසිංහ, මල් රත්ගොඩ, සනී ප්‍රනාන්දු, හැමිල්ටන් අක්මීමන, රෝහණ ද සිල්වා, එල්. මල්ලිකා අයිරාංගනී, ඇල්ප්‍රඩ් මල්ලිකාආරච්චි, එඩ්වින් පෙරේරා, ගාමිණී රුග්ගහවිල යන මහත්ම මහත්මීන්. |