|
|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
‘ප්ලෙයින් ෆෝ කීප්ස්’ පාපන්දු ක්‍රීඩකයකු වටා ගෙතුන කතා පුවතක් ඇතුළත් ආදරය, හාස්‍ය මුසු වූ චිත්‍රපටයක්. ගේබ්‍රිල් මියුසිනෝ විසින් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 105 ක ධාවන කාලයකින් යුතු වේ. ජෙරාඩ් බට්ලර්, ජෙසිකා බෙල්, උමා තරමන්, කැතරිනා සිටා ජෝන්ස් සහ ඩෙනිස් ක්වෙයිඩ් ප්ලෙයින් ෆෝ කීප්ස්හි ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති.
‘ස්පිරිට් ඔෆ් වෙන්ශ්න්ස්’ චිත්‍රපටය 2007 වසරේ තිරගත වූ ‘ගොස්ට් රයිඩර්’ චිත්‍රපටයේ මීළඟ චිත්‍රපටයයි. වීර කතාවක් පදනම් වූ ස්පිරිට් ඔෆ් වෙන්ශ්න්ස් 3 ච් චිත්‍රපටය මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතුවේ. නෙව්ඩිනල් ටේලර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි නිකලස් කේජ්, සීරන් හින්ඩිස්, වයොලන්ට් ප්ලෙසිඩෝ, ජොනි විට් වොර්ත්, ක්‍රිස්ටෝපි ලැම්බර්ට්, අයිඩ්‍රිස් එල්බා ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.
ජෝෂ් ට්‍රැන්ක් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ඩේන් ඩිහැන්, ඇලෙක් රුසෙල්, මයිකල් බී. ජෝර්ඩින්, මයිකල් කෙලී, ඇෂ්ලි හින්ෂෝ චරිත නිරූපණය කරති.
‘නෝබොඩි වොල්ක්ස්’ ඇමරිකානු චිත්‍රපටය රුසෝ යන්ග් ගේ අධ්‍යක්ෂණයකි. ජෝන් ක්‍රසින්කි, ඔලිවියා ත්‍රිලර්බි, රොස්මෙරී ඩිවිට්, ජේන් ලිවී ප්‍රධාන චරිත නිරූපණය කරන මේ සඳහා 2012 වසරේ සන්ඩෙන්ස් චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයක් හිමි විය.
The Cup
බ්‍රයන් මාටින්, ස්ටෙෆන් කරි, ජෝඩි ගෝඩ්න්, ඇලිස් පාකින්සන්, ෂොන් මයිකල්ෆ්, මාටින් සක්ස්, කොලීන් හෙවෙට් ප්‍රධාන චරිත නිරූපණය කරති.
Agent Vinod
සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර රවී කිෂාම්, ප්‍රේම් චොප්රා, රාඕ කපූර්, ගුල්ෂාන් ග්‍රෝවර්, මාර්යම් ෂකරියා සෙසු චරිත සඳහා දායකත්වය ලබා දෙති.
‘ඒක් දීවානා තා’ ආදරණීය කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයක්. ගෞතම් මෙනොන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ඒ. ආර්. රහ්මන් විසිනි. ප්‍රතීක් බබ්බාර්, ඇමී ජැක්සන්, මනු රිෂි ඇතුළු පිරිසක් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.
|



Playing For Keeps
Ghost
Rider : Spitit
of Vengeance
Journey 2 :
Chronicle
Nobody
Walks
‘ද කප්’ 2002 වසරේ මෙල්බන් තුරඟ තරඟාවලියේදී ඩේමියන් ඔලිවර්ස්ගේ ජයග්‍රහණය ඇසුරෙන්
නිර්මාණය වූ චිත්‍රපටයක්. සීමොන් වින්සර් අධ්‍යක්ෂණය කළ ‘ද කප්’ පැය එකකුත්
මිනිත්තු 46 ක ධාවන කාලයකින් යුතු වේ.
‘ඒජන්ට් විනෝද්’ හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. මිනිත්තු 152 ක ධාවන කාලයකින් යුතු
‘ඒජන්ට් විනෝද්’ ශ්‍රීරාම් රාග්හවන්ගේ අධ්‍යක්ෂණයකි.
Ekk
Deewana Tha