|
|
බලනවා නම් චිත්‍රපට
අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.
ලියස් කැරැක්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘හෝලි මෝටර්ස්’ ප්‍රංශ විනෝදාත්මක චිත්‍රපටයකි. 65 වන කාන් චිත්‍රපට උළෙල සඳහා ඉදිරිපත් කළ මෙම චිත්‍රපටය එකිනෙකට වෙනස් සමාන්තර ජීවිත දෙකක් අතර ගමන් කරන මිනිසෙක් පිළිබඳ සඳහන් කතා පුවතකින් සමන්විත වේ. ඩෙනිස් ලැවැන්ටි, එඩිත් ස්කොබ් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.
ආදරය, හාස්‍ය ඇතුළත් ‘ද ඔරේන්ජස්’ චිත්‍රපටය ජුලියන් ෆරෙයිනෝ ගේ අධ්‍යක්ෂණයකි. හග් ලවුරින්, ලෙයිතන් මිස්ට්‍රර්, කැතරින් කීනර්, ඇඩම් බ්‍රෝඩි, ආලියා ෂෝකට්, ඔලිවර් ප්ලැට්, ඇලිසන් ජෙනි මෙහි චරිත නිරූපණය කරති.
‘රෙට්රිබ්යුෂන්’ රෙසිඩන්ට් එවිල් චිත්‍රපට මාලවේ පස් වැනි කොටසයි. විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය සඳහා මිලා ජෝවි, මයිකල් රොඩ්ඩ්‍රිකියුස්, කෙවින් ඩුරැන්ඩ්, සීනා ගිලරි, ෂෝන් රොබට්ස් ඇතුළු පිරිසක් දායකත්වය ලබා දෙති.
‘ලූපර්’ තවත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයකි. රේන් ජොන්සන් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ බෲස් විලීස්, ජෝෂප් ජෝඩ්න්, එමිලි බ්ලන්ට් ප්‍රධාන චරිත නිරූපණය කරති. ලූපර් මේ වසරේ ටොරෙන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ ආරම්භක චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කරන ලදී.
හාස්‍ය ආදරය රැගත් ‘මූන්රයිස් කිංග්ඩම්’ ගිම්හාන කඳවුරක සිටින ළමුන් පිරිසක් වටා ගෙතුන කතා පුවතකින් සමන්විත වෙයි. වෙස් ඇන්ඩර්සන්ගේ අධ්‍යක්ෂණයක් වන මෙහි ජෙරඩ් ගිල්මන්, කාරා හෙවාර්ඩ්, බෲස් විලිස්, එඩ්වර්ඩ් නොර්ට්න්, බිල් මරී ඇතුළු පිරිසක් දායකත්වය ලබා දෙති.
විනෝදාස්වාදය රැගත් සංගීතමය චිත්‍රපටයක් වන ‘පිච් පර්ෆෙක්ට්’ ජේසන් මෝරේගේ අධ්‍යක්ෂණයකි. මිකි රැජකින්ගේ ‘පිච් පර්ෆෙක්ට්’ කෘතිය ඇසුරින් මෙය නිර්මාණය වී ඇත. ඇනා කෙන්ඩ්‍රික්, රැබෙල් විල්සන්, බ්‍රිට්නි ස්නෝ, ඇනා කැම්ප්, ස්කයිලර් ඇස්ටින්, ෆ‍්‍රිඩ්ල් ස්ට්‍රෝමා මෙහි චරිත නිරූපණය කරති.
‘ආගෝ’ ඇමෙරිකානු ත්‍රාසජනක චිත්‍රපටයකි. බෙන් ඇෆ්ලෙක්ගේ අධ්‍යක්ෂණයක් වන ආගෝ හි බෙන් ඇෆ්ලෙක් ඇතුළු බර්ගන් ක්‍රාන්ස්ටන්, ඇලන් ආකින්, ජෝන් ගුඩ්මැන් චරිත නිරූපණය කරති.
‘චිතගොන්’ බොලිවුඩ් චිත්‍රපටය ජුන්කු නමැති අවුරුදු 14 ක ලැජ්ජාශීලී පිරිමි ළමයෙක් වටා ගෙතුන කතාවකින් සමන්විත වේ. බෙඩාබ්‍රාටා ජෙන්ගේ අධ්‍යක්ෂණයක් වන චිතගොන් හි මනෝජ් බජ්පායි, වේගා තමෝතියා, ජායිදීප් අල්වට් රංගන දායකත්වය ලබා දෙති.
|



Holy
Motors
The
Oranges
Resident
Evil .
Retribution
Looper
Moonrise
Kingdom
Pitch
Perfect
Argo
Chittagong