|
||
දැන් කොච්චර කාලයක් වෙනවද ලේක්හවුස් ඇවිල්ලාසරසවිය පොබ කළ මාධ්‍යවේදිනී නෙළුම් විමලරත්න
පසුගිය සතියේ ඉතිරි කොටස
නළුවන් පිළිබඳ ඔවුන්ගේ බිරියන් ද නිළියන් පිළිබඳ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් ද කතාබහක් විශේෂාංගයක් ලෙස මා සරසවියට ලිව්වේය. කලා ක්ෂේත්‍රයේ රැඳී සිටි දුව හෝ පුතා ගැන ඔවුන්ගේ දෙමාපියන් කියන විශේෂාංගයක් ද මම ලිව්වෙමි. මෙවැනි විශේෂාංගයක් සඳහා සරසවිය වෙනුවෙන් මම ගාමිණී ෆොන්සේකාගේ බිරිය වූ සුමිත්‍රා ෆොන්සේකා සොයා ගියෙමි. ඒ වන විට ගාමිණී ෆොන්සේකා ඇයගෙන් වෙන්ව සිටියේය. එහෙත් ඈ අපට ගාමිණී ගැන ඈ තුළ තිබෙන ළෙන්ගතුකම පවසා සිටියේ අපි ද පුදුමයට පත් කරමිනි. ඈ තුළ ගාමිණී පිළිබඳ තිබුණේ පුදුම සහගත ආදරයකි. ඒ ආදර කතාවේ සෑම දෙයක්ම ඈ අප සමඟ පවසා සිටියාය. ඒ කතා බහ ද පසු දිනෙක සරසවියේ පළ විය. මෙම ලිපිය සරසවියේ පළවීමත් සමඟ එවක රසඳුන කර්තෘවරයාව සිටි රෝහණ වෙත්තසිංහ මහතා මේ ලිපියම වෙනස් කර රසඳුනට ද ලියන ලෙස මගෙන් ඉල්ලීමක් ද කෙරිණ. බොහෝ විට මෙවැනි දෙයක් සිදු වූයේ කලාතුරකිනි. නිළියක් හෝ නළුවෙක් පිළිබඳ විශේෂාංගයක් කළ අවස්ථාවන්හිදී ඔවුන් හා සාකච්ඡා පවත්වන අතරතුර පවසා සිටින යම් යම් කරුණු පත්තරයේ පළවීමෙන් පසු එවැනි දෙයක් නොකියූ බව පවසා සිටින අවස්ථාවන් කීපයකට ද මට මුහුණදීමට සිදු විය. දිනක් මා සිනමාවේ දක්ෂතා පෙන් වූ ප්‍රධාන පෙළේ නිළියක හා සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී ඈ පැවසූ යම් කරුණූ කීපයක් මම ඈ පිළිබඳ ලියූ ලිපියට ඇතුළත් කළෙමි. ලිපිය පත්තරයේ පළවීමෙන් පසු එවැන්නක් නොකියූ බවට දොස් කියමින් කර්තෘවරයාට ඈ පැමිණිලි කර තිබුණේය. කිසිසේත් නොකී දෙයක් පත්තරයේ ලියැවුණේ මගේ හිතුමතේට බව ඇගේ චෝදනාව විය. මා මගේ නිර්දෝෂීභාවය කර්තෘවරයාට ඔප්පුකර සිටියේ ඇයත් සමඟ කළ සාකච්ඡාවේ සටහන් පෙන්වීමෙනි.
ගෙදර ඉදිරි අසුනේ වාඩිවී කල් මැරූ මාත්, ටෙනීත් ඉවසීමට බැරිම තැන ආපසු ආවෙමු. ටික වෙලාවකින් අපේ කර්තෘ තුමියට කතා කළ ගීතා නිවසට පැමිණි අය ආගිය අතක් නැතැයි පැවසුවාය. බලා ඉඳ බැරි තැන ආපසු පැමිණි වග දීප්ති ගීතාට පැවසුවාය. එහෙත් ගීතාගේ කෝපය සංසිඳී තිබුණේ නැත. එහෙත් යළි ගීතා සමඟ සංවාදය මට පැවරිණ. පෙරදා මෙන්ම වේලාව යොදාගෙන අපි නිවෙසට ගියෙමු. ඇය අප එන පෙර මඟට ආවාය. එහෙත් මේ නිහතමානී නිළිය අප දුටු මතින් පෙරදා සිදුවීමට සමාවද ඉල්ලුවාය. කෙසේ හෝ එදා අප පැය ගණනක් නිවසේ ගත කළේ ගීතා සමඟ දීර්ඝ සංවාදයකට මුහුණ දෙමිණි. ඒ අවදියේ මා සංවාද සටහන් කර ගත්තේ නෝට් පොතකය. “ඇයි නෙළුම් ඔයා රෙකෝඩරයක් පාවිච්චි කරන්නෙ නැත්තේ” ගීතා මගෙන් ඇසුවාය. “මේක මට ලේසියි” මම පැවසීමි. අපේ සංවාදය තවත් දිගට ගලා ගියේය. ඒ අතරවාරයේ, ගීතා කාට හෝ දුරකථනයෙන් කතා කළ අයුරුත් අනතුරුව ඇගේ ආරක්‍ෂක නිලධාරියකු ඒ තැනකට පිටත් කළ අයුරුත් සිදුවිණ. ඔහු නැවත ටික වෙලාවකින් පැමිණියේ පාර්සලයක් ද රැගෙනය. අප සංවාදය නිම කොට ආපසු යද්දී ගීතා සමු ගත්තේ සිපාචාර කොට ගෙනය. අනතුරුව ඇය මට “මේක මගෙන් තෑග්ගක්” යැයි කුඩා පාර්සලයක් අතට දුන්නාය. කාර්යාලයට පැමිණි මම එය විවෘත කර බැලිමි. එහි වූයේ කුඩා ටේප් රෙකෝඩරයකි. එතැන් පටන්, ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම යන තුරුම මා සංවාද පටිගත කළේ එම යන්ත්‍රයෙනි.
ඒ චිත්‍රපට උළෙල නිමිති කොට සෝනියා දිසා පිළිබඳ ගාමිණී ෆොන්සේකාගෙන් අදහස් දැක්වීමක් මගේ සම්මුඛ සාකච්ඡාවේ මාතෘකාව විය. නොදන්නා අයටත්, ආවාට ගියාටත් සාකච්ඡාවක් දීම ගාමිණී ෆොන්සේකා සිදු නොකළ බැවින් ඔහුත් සමඟ සාකච්ඡාව ගැනීමට සරසවියේ අප සම්බන්ධීකාරක ලෙස යොදා ගත්තේ එවක සරසවිය පත්තරයේ නියෝජ්‍ය කතුවරයාව සිටි දැන් සරසවිය ප්‍රධාන කර්තෘවරයා වී සිටින අරුණ ගුණරත්නය. අරුණත්, ගාමිණීත් අතර කිට්ටු මිතුදමක් තිබිණි. ඒ මිතුදම අපේ වාසියට හරවා ගත් මම ගාමිණී හා සාකච්ඡාවක් ලබා දෙන ලෙස අරුණට කීවෙමි.
කියු ලෙසම ජයලත් නැමැත්තා පැමිණියේය. මම ආ කාරණය කීවෙමි. නිවසේ ඉදිරිපස ෆෝටිකෝවේ ඉඳගන්නට කියා ආරාධනා කළේය. මම අසල තිබූ පුටුවක වාඩි ගත්තෙමි. ඇල්ශේෂන් බල්ලා ද මා අසලට විත් කට ඇරගෙන බලා ඉන්නට විය. මම ගැහි ගැහී වාඩි වී සිටියෙමි. බල්ලාට වගේම මා සිත තුළ තවත් බියක් හටගෙන තිබුණි. මා කිසි දිනෙක ගාමිණී ෆොන්සේකා සමඟ කතා කොට නොතිබිණි. ගාමිණී ගැන අසා තිබූ දේවල් මත මා ඔහුත් සමඟ කතා කිරීමට පවා සිත තුළ බියක් තිබිණි. ටික වේලාවකින් සරමක් හා කමිසයක් ඇඳ ගත් ගාමිණී ගේ ඇතුළෙන් එළියට ආවේ ඔයා කවුද කියා අසමිනි.
මම සරසවියෙන්. අරුණ කිව්ව ඉන්ටවීව් එක කරන්න ආවේ. මොකක්ද ඉන්ටවීව් එක? සෝනියා දිසා ෆිල්ම් ෆෙස්ටුවල් එකට සෝනියා දිසා ගැන ඉන්ටවීව් එකක් තමයි ඕනේ. ඒ සඳහා ගාමිණීගෙන් ලැබුණේ වෙනත් පිළිතුරකි. දැන් කොච්චර කාලයක් වෙනවද ලේක්හවුස් ඇවිල්ලා? ඔය විදියට ගාමිණී මගෙන් ප්‍රශ්න අසන්නට විය. මම ගැහි ගැහී ඔහු අසන දේට උත්තර දුන්නෙමි. එහෙත් මා ඔහුගෙන් ඇසූදේට මට පිළිතුරක් නැත. මා හනික මිස්්ට ගාමිණී, සෝනියා දිසා එක්ක චිත්‍රපට කීයක විතර රඟපෑවද? මා හනික පැනයක් දැමීමි. නිළියො හරියට නයා හැව ඇරිය වගේ. නිකම්ම නිකන් පුස්සක්.
මා හනික ගාමිණීගේ හිත වෙනස් කරන අපේක්ෂාවෙන් මිස්ට ගාමිණී ජී. එස්. ප්‍රනාන්දු ආටිස් අඳුනනවද? එයාගෙ චිත්‍ර එහෙම බලල තියනවද? ඒ මගේ තාත්තා. තාත්තා හිටිය කාලේ මම හිටියද දන්නෙත් නෑ. මම ඔය ආටිස් දන්නෙත් නෑයි ඔහු කීවේය. මේ ළමයෝ මම ඔය ජී. එස්. ප්‍රනාන්දුගේ චිත්‍ර බැලුවේ ඔය ළමයා ජංගියේ ඉන්න කාලේ වෙන්න ඇති. ගාමිණී මගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන පාටක් ද නැත. හැම වෙලාවෙම බලන්නේ එයින් ලිස්සා යාමටය. මගේ හිතේ බිය ද වැඩි වන්නට විය. සැඳෑ යාමයේ කළුවර ද වැටීගෙන එමින් තිබිණි. සෝනියා චිත්‍රපට කීපයක මාත් එක්ක රඟපෑවා. මට හරියට මොනවාද කියල මතක නෑ. ගාමිණී දුන්නේ එවැනි පිළිතුරකි.දැන් මා අසරණ වෙලාය. ගාමිණී මට අවශ්‍ය දේට පිළිතුරක් දෙන්නේ ද නැත. කෙසේ හෝ ලිපිය ද ලිවිය යුතුය. මට ගණ දෙවි නුවණ පහළ වූයේ එවිටය. මීට කලින් මා ගාමිණීගේ බිරිය හා සාකච්ඡා කළ සිද්ධිය හා ඇය කියූ දේවල් මට මතක් විය. මා හනික මිස්ට ගාමිණී මට වයිෆ්ව හම්බ වුණා. ටීනා අක්කව ඉන්ටවීව් කරලා අපි ලස්සන ලිපියකුත් සරසවියේ පළ කළා.
ගාමිණි සෝනියා ගැනබොහෝ දේ මා සමඟ පැවසුවේ මම ඔහුගෙන් අසන්නටත් පෙරය. මුලදී මුලදී ඉන්ටීව් එකට අදිමදි කළ ගාමිණී බොහෝ රෑ බෝ වෙන තෙක් පසුව මාත් සමඟ සුහද පිළිසඳරක් පැවැත් වූයේ මා ඔහුගේ බිරිය සුමිත්‍රා (ටීනා) පිළිබඳ සරසවියට ලියා තිබුණු ලිපිය නිසා යැයි මම විශ්වාස කරමි. සරසවියේ වැඩ කිරීම හරිම විනෝදජනක කාලයක් විය. එහි වැඩ කිරීම විනෝදබර වීම නිසාම කිසි විටෙකත් රස්සාවක් කරනවාය යන හැඟීමක් මා හට ඇති නොවිණි. වසර තිස් දෙකක් වූ මගේ පුවත්පත් කලා ජීවිතයේ මා වැඩිපුරම කටයුතු කරනු ලැබුවේ සරසවිය සමඟය. විටෙක සරසවිය මට ද සරසවියක් විය. මගේ ජීවිතයට සරසවියක් වූ දේශයේ ජාතික කලා පුවත්පත පනස් වසරකට එළඹෙන මේ මොහොතේ මා හද පත්ලෙන් එයට සුබ පතනුයේ මට සරසවියක් වූවා සේ තවත් චිරාත් කාලයක් අන් අයටත් සරසවිය සරසවියක්ම වේවා කියාය. |
||