|
අනෝමා රාජකරුණා ප්‍රංශයේ ජාතික සම්මානයෙන් පිදුම් ලබයි
ඒ ඇය චිත්‍රපටකරණය සහ ඡායාරූපකරණය භාවිත කරමින් කළ සේවය වෙනුවෙනි. මෙම සම්මානය මීට ප්‍රථම හිමි වූ එකම ලාංකිකයා වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියාය. ඇගේ බොහොමයක් නිර්මාණයන් සිදු කෙරුණේ දකුණු ආසියානු ජන ජීවිතයන් හී නොපෙනෙන පැතිකඩ විවරණය කරමිනි. අනෝමා මීට ප්‍රථම දකුණු ආසියානු හා යුරෝපීය රටවල් කිහිපයක මෙන්ම අමෙරිකාවෙන් ද සම්මාන ලබා ඇත. පානදුර බාලිකාවෙන් අධ්‍යාපනය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ ඇය බොන්සොවාර් රූපවාහිනී වැඩසටහනේ ප්‍රධාන සංස්කාරකවරිය වේ. එමෙන්ම ඇය ජාත්‍යන්තර කාන්තා ගුවන් විදුලි හා රූපවාහිනී සමුළුවේද සාමාජිකාවකි. දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම්වරිය වන්නේ ද ඇයයි.
දෙරණගමන ජනපති සුරතට
එහි නිෂ්පාදිකා සිරිමතී පුෂ්පා පරණගම, රංජිත් සිල්වා, අනුර වරාගොඩ ගේ සොයුරු රෙහෙන්සිරි වරාගොඩ සහ රිචඩ් අබේවර්ධන යන අය ද මේ අවස්ථාවට සහභාගි වූහ.
සැමීගේ කතාව වැන්කුවර් සිනමා උළෙලට කැනඩාවේ වැන්කුවර් සිනමා උළෙල සඳහා ප්‍රියංකර විතානාච්චිගේ ‘සැමීගේ කතාව’ චිත්‍රපටය තිරගත වෙයි. ඒ අනුව මෙම මස 1 වැනිදා උදෑසන 9.15 ට කැනඩාවේ ග්‍රැන්විල් ස්ට්‍රීට් තියෙටර් සහ එම්පයර් තියෙටර්හිදී ද, 2 වැනිදා දහවල් 12.30 ට වැන්කුවර් ෆිල්ම්ස් තියෙටර්හිදී ද, 3 වැනිදා දහවල් 12.15 ට එම්පයර් තියෙටර් සහ ගුල් ෆෝඩ්මේල් සරේ හී එය තිරගත වනු ඇත. කපිතාන් එල්මෝ ජයවර්ධනගේ ග්‍රේෂන් සම්මානය දිනූ නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙහි සනත් ගුණතිලක, ජගත් චමිල, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ ඇතුළු පිරිස රඟපාති. කැමරාකරණයෙන් රුවන් කොස්තා ද, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න ද මෙයට දායක වේ. සැමීගේ කතාව වැන්කුවර් සිනමා උළෙලට
ඒ අනුව මෙම මස 1 වැනිදා උදෑසන 9.15 ට කැනඩාවේ ග්‍රැන්විල් ස්ට්‍රීට් තියෙටර් සහ එම්පයර් තියෙටර්හිදී ද, 2 වැනිදා දහවල් 12.30 ට වැන්කුවර් ෆිල්ම්ස් තියෙටර්හිදී ද, 3 වැනිදා දහවල් 12.15 ට එම්පයර් තියෙටර් සහ ගුල් ෆෝඩ්මේල් සරේ හී එය තිරගත වනු ඇත. කපිතාන් එල්මෝ ජයවර්ධනගේ ග්‍රේෂන් සම්මානය දිනූ නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙහි සනත් ගුණතිලක, ජගත් චමිල, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ ඇතුළු පිරිස රඟපාති. කැමරාකරණයෙන් රුවන් කොස්තා ද, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න ද මෙයට දායක වේ.
ඇමැති ජීවන්ට අපූරු තෑග්ගක්
තෑග්ග තමයි ඔහුගේ උපදෙස්වලින් සැකසුණු ‘Hair and Beauty’ නම් ග්‍රන්ථය. ආරිය මධුරසිංහ කියන්නේ ජීවන් කුමාරතුංගගේ වගේම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ කේෂාලංකරණ ශිල්පියා විදියට කටයුතු කරන අයෙක්. ඒ විතරක් නෙවෙයි ආතර් සී. ක්ලාක් මහතා පවා සේවය ලබා ගත්තේ ඔහුගෙන්. Hair and Beauty තුෂාර ජගත්ප්‍රියගේ සංස්කරණයක් වන අතර මාලබේ සල්ගමුව පොත් මැදුරේ බෙදා හැරීමක්.
රෙක්ස් අපේ උණුසුම් සුභ පැතුම්
රෙක්ස් කොඩිප්පිලි යුවල විවාහ වී එළැඹෙන 31 වැනිදාට 50 වසරක් සපිරෙන අතර එදින සවස පන්නිපිටියේ ක්‍රිස්තුරාජ දෙව් මැදුරේ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් දිව්‍ය පූජාවක් පැවැත්වේ. මේ නිමිත්තෙන් ලබන දෙසැම්බර් 27 වැනිදා හිත මිතුරන් සහ කලා ලොවේ හිතවතුන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් දෙපානම වෝටර් විලා හෝටලයේදී පැවැත්වීමට රෙක්ස් බලාපොරොත්තු වෙයි.
ඔබ නැතිව ඔබ එක්ක ජපානය මිලයට ගනී
එය මේ වන විට අනාගත සිනමාකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එහි තැන්පත්කොට ඇත. දැනට ප්‍රසන්නගේ සිසිල ගිනි ගනී සහ පුරහඳ කළුවර හැර අනෙක් සියලුම චිත්‍රපට සංරක්ෂණාගාරයේ සුරක්ෂිතව පවතියි. ලබන දෙසැම්බරය වන විට චිත්‍රපටයන්හී පිටපත් යුගළ සංරක්ෂණාගාර ගත කිරීමට එම ෆුකෝකෝ බලාපොරොත්තුව බව ප්‍රසන්න වැඩිදුරටත් පවසයි. ලාංකේය චිත්‍රපට නිර්මාණකරුවකුගේ සියලුම නිර්මාණ ෆුකෝකෝ හි සංරක්ෂණය කර ඇත්නම් ඒ ප්‍රසන්නගේ පමණි. ජපානයේ ෆුකෝකෝ සංරක්ෂණාගාරය ලොව පිළිගත් චිත්‍රපට සංරක්ෂණාගාරයකි. එහි ආසියාවේ විශිෂ්ට සිනමාකරුවන්ගේ කෘති සංරක්ෂණය කරයි. |