|
මෙය ප්‍රේක්ෂකයාට අලුත් අත්දැක්කීමක්ඊඩිපස් ට දස වසරයි ඇන්ටිගනී දර්ශන වාර 50 යි ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය උළෙල හෙට සිට
ප්‍රියංකර රත්නායක නාට්‍ය නිර්මාණ වන ‘ඊඩිපස්’ සහ ‘විසේකාරියෝ’ සමඟ ‘අද වගේ දවසක ඇන්ටිගනී’ නාට්‍ය ත්‍රිත්වය රංගගත වීමට සූදානම්. මෙම ග්‍රීක නාට්‍ය උළෙල පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ විෂය භාර ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක සමඟ අපි කතා කළා. මෙවැනි විශේෂ නාට්‍ය උළෙලක් පවත්වන්නට අරමුණ වුණේ? උසස් නාට්‍ය රස වින්දනයට කැමැති මෙන්ම ලාංකේය හා විදේශීය නාට්‍ය කලාවන් පිළිබඳ අවබෝධයක් ලබා දීම සහ පාසල් සිසු සිසුවියන්ගේ නාට්‍ය රස වින්දන මට්ටම ගොඩ නැංවීම අරමුණු කොට තමයි සංවිධානය කරන්නට යෙදුණේ. මෙම ඇකඩමික් ප්ලේයර්ස් නාට්‍ය උළෙලේදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂයට නිර්දේශිත ‘ඊඩිපස්’ සහ ‘ඇන්ටිගනී’ සමඟ ‘ලයිසිස්ට්‍රාටා’ යන නාට්‍යවල සිංහල අනුවර්තන තුන ප්‍රදර්ශනය කෙරෙනවා. මේ සඳහා තවත් විශේෂ හේතුන් තියෙනවා. මවිසින් නිර්මාණය කළ ඊඩිපස් නාට්‍යයට දස වසරක් සපිරෙනවා. ඒ වගේම ඇන්ටිගනී නාට්‍යයේ දර්ශන වාර 50 සමඟ දෙවසරක් සම්පූර්ණ වෙනවා. එම නාට්‍ය දෙක උත්සවාකාරයෙන් ප්‍රදර්ශනය කිරීම සමඟ ග්‍රීක නාට්‍ය සාහිත්‍යයේ නිර්මාණය වු ශ්‍රේෂ්ඨතම කොමඩි නාට්‍යය වූ ඇරිස්ටොෆානීස්ගේ ‘ලයිසිස්ට්‍රාටා’ හි සිංහල පරිවර්තනය ‘විසේකාරියෝ’ නමින් රංග ගත කිරීමට කටයුතු සූදානම්. මේ නාට්‍ය ත්‍රිත්වය ගැන කෙටි සඳහනක් කළොත්? ග්‍රීක නාට්‍ය කලාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම නාට්‍යය ලෙස සැලකෙන ‘ඊඩිපස් රජ’ නාටකය ඇසුරින් නිර්මාණය වූ ‘ඊඩිපස්’ යුද්ධයක් ඇති වීම පිළිබඳ තමයි සඳහන් කරන්නේ. ඇරිස්ටොෆානීස්ගේ ‘ලයිසිස්ට්‍රාටා’ නාට්‍යය ග්‍රීසියේ ඇතැන්සය සහ ස්පාටා පෞර රාජ්‍ය අතර පැවැති යුද්ධය පසුබිම් කරගත් නාට්‍යයක්.
නාට්‍ය තුනක්. විශාල පිරිසක්. මේ සඳහා එක්ව සිටින පිරිස ගැනත් කියමු? මෙවැනි නාට්‍ය ත්‍රිත්වයක් ඇතුළත් නාට්‍ය උළෙලක් සංවිධානය කිරීම පහසු නැහැ. හැම නාට්‍යයකටම විසිපස් දෙනෙකුගේ විතර කණ්ඩායමක් ඉන්නවා. ඒ සඳහා නාට්‍ය හා රංග කලා විශේෂවේදී විද්‍යාර්ථීන් වගේම අධ්‍යාපනය ලබා පිටව ගොස් අද වේදිකා නාට්‍ය වගේම ටෙලි නාට්‍ය, චිත්‍රපටවල ප්‍රධාන භූමිකා බවට පත් වූ ශිල්පීන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඊඩිපස් වගේ නාට්‍යයක් අවුරුදු දහයක් පුරා පවත්වාගෙන එන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔවුන් ඒ කෙරෙහි ඇති ආදරයයි. එහි ගැඹුර සමඟ එයට අසීමිත ලෙස ඔවුන් එයට ආදරය කරනවා. මං එක්ක තරහ වුණත් නාට්‍ය දාල යන්නේ නැහැ. මට මොවුන් දරුවෝ වගේ. ඔවුන්ට නාට්‍යයේ චරිත දරුවෝ වගේ.
ගොඩක් ශිල්පීන් මෙම නාට්‍ය සමඟ වසර ගණනක සිට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. සමහර නාට්‍යවල මව්වරුන්ගේ, පියවරුන්ගේ චරිත තියෙනවා. ඔවුන් විද්‍යාර්ථීන් ලෙස ඒවා නිරූපණය කළත්, පසුකාලීනව ඔවුන් එම චරිත නිරූපණය කරන්නේ සැබෑම මව්පියවරු ලෙස. ඒ අත්දැකීම් සුන්දරයි. ඊඩිපස් නාට්‍යයේ මංගල දර්ශනය තිබුණේ එළිමහන් රංග පීඨයේ. ඊට පෙර දින රාත්‍රියේ අපි පුහුණුවීම්වල නිරත වෙන්නට සියලු කටයුතු සූදානම් කළත් ධාරාණිපාත වර්ෂාවක් එය විනාශ කරලා දැමුවා. එදා කට්ටියම හිටියේ හරිම දුකෙන්. 2006 වසරේදී අපි නාට්‍ය පුහුණුවීම්වල නිරත වෙමින් සිටින අතරතුර පණිවිඩයක් ලැබුණා මුහුද ගොඩ ගලලා කියලා. අපි එහෙම දෙයක් අහලා තිබුණේ රජ කාලේ එහෙම වුණා කියලනේ. ඒක එදා අපට විහිළුවක් වුණා. විහිළු කර කර අපි පුහුණුවීම්වල නිරත වුණා. පැය කීපයක් ගත වුණාම තමයි සිදු වෙලා තියෙන දේ බරපතළකම දැන ගත්තේ. පසුව කට්ටියම උදව් උපකාර කරන්න ඒ ප්‍රදේශවලට ගියා. මේ අතර ඉතිං තව කතා තියෙනවා. මෙය තරුණ පිරිසක් සමඟ කරන වැඩක් නේ. මේ අතරතුරේදී ප්‍රේම සම්බන්ධතා එහෙමත් ඇති වෙනවා. ඒවා කවදාවත් රංගනයට බාධා වෙලා නැහැ. ඒත් ඔවුන් අතර සමහර වෙලාවට ගැටුම් එහෙමත් ඇති වෙනවා. පුංචි පුංචි අමනාපකම් ඇති වුණාම තරහ වෙලා යනවා. නාට්‍යයට ඉතිං දෙන්නම ඕන වෙනවානේ. අනිත් හැමෝම එකතු වෙලා හිත හදන්න උත්සාහ කරනවා. මේ වගේ බරපතළ මෙහෙයුම් දියත් කරන්නට සිදු වුණු අවස්ථා එහෙමත් තිබුණා. ඒ වගේම ‘ඊඩිපස්’ නාට්‍යය මුලින්ම රංගගත කරන විට එය නරඹන්නට පැමිණි පාසල් ශිෂ්‍යාවක් තමයි අද ‘අද වගේ දවසක ඇන්ටිගනී’ නාට්‍යයේ ප්‍රධාන නිළිය වෙලා ඉන්නේ. මේ වගේ අත්දැකීම් රැසක් තියෙනවා. ඒ ගැන වෙනමම පොතක් ලියන්න පුළුවන්. මේ ශිෂ්‍ය පරම්පරාව ගැන ඔබේ අදහස? මාව අනුකරණය කරන ශිෂ්‍ය පිරිසක් දකින්න මම කැමැති නැහැ. ඔවුන්ද මේ ක්ෂේත්‍රය තුළ මා කළ දේම කරනවා නම් වැඩක් නැහැ. මම දකින්නට කැමැති මට වඩා වෙනස් විදියට හිතන පිරිසක්. ඇත්තටම මට ඒ ගැන සතුටු වෙන්නට පුළුවන්. තුමිඳු දොඩන්තැන්න, සමාධි ලක්සිරි, ප්‍රසාදිනි අතපත්තු, කෞෂල්‍යා මෙන්ඩිස්, සමන් මලලසේකර වැනි අය අද ප්‍රසිද්ධ වේදිකාවේ කැපී පෙනෙනවා. රංගනය විතරක් නොවේ. ඇඳුම් නිර්මාණය, ආලෝකරණය, පසුතල නිර්මාණය, වේදිකා පරිපාලනය වැනි අංශවලිනුත් ක්ෂේත්‍රයට දක්ෂයන් රැසක් බිහිවෙලා ඉන්නවා.
රාජිත දිසානායකගේ බකමූණා වීදි බසියි වේදිකා නාට්‍යයේ දැනට අධ්‍යාපනය හදාරණ සිසුන් වගේම දැනට ප්‍රසිද්ධ වේදිකාවේ ඉන්න අපේ පෙර ශිෂ්‍ය කණ්ඩායම්වල අය වගේම මමත් ඉන්නවා. ඔවුන් කොහේ හිටියත් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල සුවිශේෂත්වයක් තියෙනවා. සරසවියෙන් පිටවෙලා ගියත් ඔවුන් ඒ ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. පාසල් මට්ටමෙන් බැලුවම අද නාට්‍ය කලාව වෙනුවෙන් සැකසී තිබෙන පසුබිම ගැන ඔබේ අදහස? පාසල් මට්ටමෙන් පැවැත්වෙන නාට්‍ය තරගාවලි දෙස බැලුවම ඒ වෙනුවෙන් හොඳ පසුබිමක් ඇති වී තිබෙන බව කියන්න පුළුවන්. අද වන විට ග්‍රීක නාට්‍ය පවා පාසල් විෂය ධාරාවල අඩංගුªවෙලා තියෙනවා. අපෙන් අධ්‍යාපනය හදාරා පිටව ගිය සිසුන් සෛද්ධාන්තිකව වගේම නිෂ්පාදන අංශ වැනි දේ ගැනත් හොඳ දැනුමක් තියෙන අය. හැම සිසුවෙක්ම සරසවියේ ගත කරන සිව් වසර පුරාවට හොඳ නාට්‍ය තුනකටවත් දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ අත්දැකීම් ඔවුන්ට ඉදිරියට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙන බව දක්නට ලැබෙනවා. පිට පළාත්වල පාසල්වලට ගියාම ඒ බව මම දැකලා තියෙනවා. අවසන් වශයෙන් වර්තමානය වනවිට මෙරට නාට්‍ය කලාව සඳහා ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැනත් සඳහන් කළොත්? මෑත යුගයේදී ටෙලිවිෂනය වටා රොක්වීමට දක්වන උනන්දුව අඩුවන බවක් දක්නට ලැබෙනවා. මේ වන විට ප්‍රේක්ෂකයන් ටෙලිවිෂනය නිසා රැවටීමෙන් මිදිලා විවිධත්වයෙන් යුතු රස වින්දනයට යොමු වෙලා තියෙනවා. යුද්ධය අවසන්වීමත් සමඟ නිවෙස්වලට සිර වෙලා සිටි ප්‍රේක්ෂකයන් දැන් එළියට ඇවිත් චිත්‍රපට, නාට්‍ය බලන්න පෙලඹිලා තියෙනවා. අවුරුදු දහයකට විතර ඉස්සර මෙවැනි ප්‍රතිචාර තිබුණේ නැහැ. ඒ වගේමයි තවත් හානිකර දෙයක් තියෙන බව කියන්න ඕනෑ. මේ වන විට හුදු විනෝදාස්වාදය සඳහා නාට්‍ය නිෂ්පාදනය කරන බවත් ඒ සඳහා පිරිස් යොමු වන බවත් දක්නට ලැබෙනවා. එය අන්තරාකාරී වෙන්න පුළුවන්. සරල හාස්‍ය නාට්‍ය විනෝදාස්වාදය සඳහා පමණක් වුණත් ඒ තුළින් ගැඹුරු දෙයක් ලබා දුන්නේ නැතිනම් මෙම ප්‍රේක්ෂක පිරිස අඩු වී යන්නට පුළුවන්. අර්ථාන්විත අන්දමින් නාට්‍ය නිර්මාණය කරන්න නාට්‍ය නිෂ්පාදකයන් අවධානය යොමු කළ යුතු අතරම මෙවැනි නාට්‍ය පිළිබඳ ප්‍රේක්ෂක ජනතාවත් සැලකිලිමත් විය යුතුයි.
|