feedback

මහා ගාන්ධර්වයාණෙනි

ඔබේ හඬට වශී නොවන
ඇත්නම් යම් අයකු දියත
සත්තයි ඒ සියලුම අය
මහ පර්වත ගස් ගල්මය

අපේ හදට සිසිල ගෙනෙන
සවනට මධු මී වෑහෙන
මධුර මනෝහර ගීයෙන
සැමදා අප පිනවනු මැන

යසස් ලෙසින් පසැස් ලබා
උසස් විලස දිවි ගෙවනා
අපගේ උත්තමයාණෙනි
චිරං ජයතු චිරං ජයතු

ගිල්බට් පෙරේරා - තලවතුගොඩ පාර, හෝකන්දර දකුණ.


ශාලිකාට සුබපැතුම්

ඔබ රඟපෑ කෝරලේ මහත්තයා ටෙලි නාට්‍යයේ සිළිදිගේ චරිතය ඉතා සාර්ථකයි. ඔබගේ ඉදිරි ගමනට අපගේ සුබපැතුම්.

රත්නපුරේ - තනුජා දිල්හානි


මුතුට සුබපැතුම්

ආදරේ අහස තරම් ටෙලි නාට්‍යයේ ලෝචනාගේ චරිතය මුතු තරංගා ඉතා අපූරුවට සහ ලස්සනට රඟපෑවා. මතු වසරේදී ජනප්‍රිය නිළිය වීමටත් ඔබේ රංගන දිවිය සාර්ථකවීමටත් අපගේ සුබපැතුම්.

ශානිකා තිළිණි

කටුගස්තොට.


තිලක්ගේ රඟපෑම ඉතා ඉහළයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන අමා ටෙලි නාට්‍යයේ ජිනදාස නමැති දඩබ්බර චරිතය රඟන තිලක් කුමාර රත්නායකගේ රඟපෑම ඉතාම ඉහළයි.

කපුගොඩ මාළිඳ සරසවි නිවසේ

සරත් රණසිංහ


සුපිරි තරු පොදු ඉරණම

සිරස නාලිකාවෙන් මුලින්ම ආරම්භ වී අප රටේ සියලුම රූපවාහිනි නාලිකා අතරේ ව්‍යාප්තව ගිය සුපිරි තරු තේරීමේ තරග අතරින් එළියට ආ සුපිරි තරු සියල්ලම දැනටමත් ජනතා මතකයෙන් ඈත් වී ඇති බව නොකියාම බැරිය. ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත මත යැපෙමින් ඉදිරි පැවැත්ම සකසා ගැනීමට ගිය ඔවුන් ක්ෂණික නූඩ්ල්ස් මෙන් දිය වී යමින් සිටියි. පැරැණි ගීතම ගයමින් සංගීත අඹරේ සැරිසැරීමට උත්සාහ ගන්නා සියලුම සුපිරි තරුවල ඉරණම මෙය වන්නේය.

දූනගහ බටහිර අධිකාරිමුල්ලේ- ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු


ගෝකුලන්ට දීප්තිමත් අනාගතයක්

සෙල්වම් චිත්‍රපටය තුළින් අති දක්ෂ රංගනයකට එක් වී අප සිනමාවට පායා ආ ශාන්තලිංගම් ගෝකුලන්ගේ දීප්තිමත් රංගන ජීවිතයට මම උණුසුම් සුබපැතුම් එක් කරමි. සෙල්වම් චිත්‍රපටයේ ඔබේ රංගනය නිහතමානීකම, කැපවීම ප්‍රේක්ෂක අපේ සිත් ගනී.

හැඳල අල්විස්ටවුම පාරේ

පාලක සමන් පෙරේරා


ක්වීන්ස් ආදර්ශයක්

සිනමාහලකින් ප්‍රේක්ෂකයන්ට ලැබිය හැකි උපරිම වින්දනය ලබා ගැනීමට හැකි වන සේ ඊ. ඒ. පී. මණ්ඩලයට අයත් ගාල්ලේ ක්වීන්ස් සිනමාහල ගොඩ නඟා තිබීම සිනමා ප්‍රේක්ෂක අපට විශාල සතුටකි.

එමෙන්ම ක්වීන්ස් සිනමාහලේ කළමනාකරු ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ සියලු විනීීත, ගුණ පිරි සේවක මහතුන් අනෙකුත් සිනමාහල් සේවකයින්ට පූර්වාදර්ශයකි.

ගාමා ගාමිණී සුබසිංහ

හබරාදූව.


ඇත්තම ඇත්ත

මට දැන් හැදෙන චිත්‍රපට ගැන ඇත්තේ කනගාටුවක්. මෑතකාලීනව තිරගත වූ චිත්‍රපට බොහොමයක තිර පිටපත ලියන ලද්දේ මොන්ටිසෝරි දරුවන්දැයි මට සැකයි.

ඒ තරමටම ඒවා දුර්වලයි. හාස්‍යෝත්පාදක යැයි නම් කළ සිනමාපට කිහිපයක් ද තිරගත වූ නමුදු ඒවාහි ඇති විහිළුවලට සිනහ පහළවීම කෙසේ වෙතත් ඇසට කඳුළු එනවා.

ඒ අපව සිනහ ගැස්සීමට ඒ විකට නළුවන් ගන්නා අසාර්ථක උත්සාහය නිසා. අපේ රිදී තිරය විරාජමාන කළ නළු නිළියෝ අද කෝ? හෙළ සිනමාව හෙලට වැටිල කියන කතාව ඇත්තම ඇත්ත.

මංජුල සෝමකීර්ති

දඹවින්න.


බුද්ධියට නිගා කරයි.

සිංහල සිනමාවට මේ වසරේ 65 පිරෙනවා. අපට පැරැණි චිත්‍රපට බලන්නට ක්‍රමයක් නැත. ආචාර්ය ලෙස්ටර්, වසන්ත ඔබේසේකර, පතිරාජ, ප්‍රසන්න විතානගේ වැනි සිනමාකරුවෝ මෙරට සිනමාව ඉදිරියට ගෙන ගියහ. එහෙත් තවමත් අප සිනමා පත්තර ද, සිනමා පිටු ද, ඇතැම් චිත්‍රපට ද, ටෙලිවිෂන් වැඩ සටහන් ද අපේ බුද්ධියට නිගා කරයි. මේ සියල්ලම නළු නිළියන්ගේ කමකට නැති ඕපා දූපයන්ගෙන් පිරී ඇත්තේය. මේ බහුතරය නළු නිළියන් වන්නේ ද නමට පමණි. අලුත් පරම්පරාවට සිනමා කලාව ගැන කතා කරන්නට වඩා හොඳ පසුබිමක් අවශ්‍යයි.

රන්ජන් කිත්සිරි අබේගුණසේකර - පැල්මඩුල්ල.


උණ පඳුර රසවත්

ප්‍රවීණ ගායන ශිල්පී විජයසිරිවර්ධන පොළොන්ඕවිට මහතාණෙනි, ඔබතුමා නිකුත් කළ උණ පඳුරක මල් පිපිලා සී. ඩී. එකේ ගීත හරිම රසවත්.

පොළොන්නරුව චන්දන පොකුණේ

ජයන්ත අමරතුංග

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ