සළ රෑ ගී සර
තරංගා
පි - පවන් සුසුම් රැලින් වෙලී
ශෘංගාර රාවේ නොසංගා
නුවන් කොනින් සුපෙම් හැඟුම්
නිම්නාද නැංවේ තරංගා
ගැ - කුසුම් ලඳුන් බිඟුන් මුවින්
අනුරාග ගී රාව නංවා
ප්‍රසන්න බැව් පිරී තියේ
සංයෝග පෙම් ගී තරංගා
පි - පෙම් සිත වරුසාවෙ නිල් වැව් තලාවේ
අනුරාග හෝරාව එළඹී තියේ
මල් මාලියන් පෙම්වතුන් හා තුරුල් වූ
අභිෂේක යාමේ උදාවේ
ගැ - මනමාලියක් වන්න සිහිනෙන් පැතුම් පෑ
අනුරාග හෝරාව එළඹී තියේ
මුව මී තෙපුල් රොන් උරා බී සිනාසෙන්න
අභිෂේක යාමේ උදාවේ
පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය – පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
ගායනය - දේවානන්ද වෛද්‍යසේකර හා
ඉන්ද්‍රානි පෙරේරා
අධ්‍යක්ෂණය – විමල් වෛද්‍යසේකර
සුලෝචන වික්‍රමසිංහ
|