සිංහළ සිනමා විස්තරය

හන්තානේ කතාව

තිරගත වූ දිනය – 1969. 12. 30 (මෙම දිනයේ ප්‍රදර්ශනය කළේ එක් දර්ශනයක් පමණි. මහජන ප්‍රදර්ශනය ඇරැඹියේ 1970 මාර්තුª 05 වන දිනයි)
නිෂ්පානය - සීමාසහිත සමකාලීන චිත්‍රපට
කතාව සහ අධ්‍යක්ෂණය -
සුගතපාල සෙනරත් යාපා
තිර නාටකය – ධර්මසේන පතිරාජ / බර්ටි
ජයසේකර, බර්ටි ගුණසේකර
දෙබස් සහ සහාය අධ්‍යක්ෂණය – විජය ධර්ම ශ්‍රී
කැමරා අධ්‍යක්ෂණය - සුමිත්ත අමරසිංහ
සංස්කරණය - ටයිටස් තොටවත්ත
කලා අධ්‍යක්ෂණය – පුෂ්පානන්ද වීරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස
ගීත ප්‍රබන්දය – ධර්මසිරි ගමගේ, සුගතපාල
සෙනරත් යාපා, මහගමසේකර
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
ගීත ගායනය – නන්දා මාලිනි, සනත් නන්දසිරි,
වික්ටර් රත්නායක, ඩබ්ලිව්. ඩී. අමරදේව
ගීත -
දිගන්තයේ ඝණ අවිඳු අඳුර – ඩබ්. බී. අමරදේව
සරා සොඳුරු මල් පැටලී – නන්දා මාලිනී,
වික්ටර් රත්නායක
මහගිරි අරනේ මේ දිවි උයනේ – නන්දා මාලිනී
අනන්ත වූ දෙරණ සලා - සනත් නන්දසිරි
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
නළු නිළියන් -
ටෝනි රණසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, විජය කුමාරණතුංග, සෝබනී අමරසිංහ, සුනිලා ජයන්ති, දෙනවක හාමිනේ, තිලක් ධර්මසිරි, අමරසිරි කලංසූරිය, දයා තෙන්නතෝන්, සමන්ති ලැනරෝල්, එඩ්මන්ඩ් ජයසිංහ, ෆ්‍රෑන්ක් ගුණසේකර, බර්ටි ජයසේකර, මාලා වජිරා පෙරේරා, හේමා ගුණවර්ධන, සෝමපාල ලැනරෝල්, ජයා ටී. හේරත්. ජේ. ඩී. එල්. ගුණසේකර, පුෂ්පානන්ද විරසිංහ, ධර්මදාස කුරුප්පු
ප්‍රදර්ශනනය – සිලොන් තියටර්ස්
විශේෂතා - මේ සමඟින් ගාමිණී ගනේගොඩ සහ සමන් බොකලවෙල රඟපෑ විනාඩි 17 කින් යුත් ‘මිනිසා සහ කපුටා’ කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයද සුගතපාල සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණයකි. මෙය ඉන්දියානු ජාත්‍යන්තර ට්ත්‍රපට උළෙලේ දී රජත මයුර සම්මානය දිනා ගත්තේය.



බක් මහ දීගේ

තිරගත වූ දිනය – 1969 දෙසැම්බර් 31
(මෙදින පෙන්වනු ලැබූයේ එක් දර්ශනයක් පමණි. මහජන ප්‍රදර්ශනය ඇරැඹියේ 1970 අප්‍රේල් 09 වන දිනදීය)
ඉදිරිපත් කිරීම – ප්‍රභා චිත්‍රපට සමාගම
නිෂ්පාදනය – ප්‍රජාපාල ශ්‍රීී ගුණවර්ධන
අධ්‍යක්ෂණය, කතාව, දෙබස්, තිර රචනය,
ගීත ප්‍රබන්ධය – දයානන්ද ගුණවර්ධන
(ප්‍රංශ නාට්‍යකරු බොමෘෂේගේ පිගාරෝගේ විවාහය කෘතිය අනුව සකස් කළ ‘බක් මහ අකුණු’ නාට්‍යය ඇසුරින් නිෂ්පාදිතයි)
තිර නාටක රචනය සඳහා උපදෙස් -
රෙජී සිරිවර්ධන
කැමරා අධ්‍යක්ෂණය – විලියම් බ්ලේක්
සංස්කරණය - සුමිත්‍රා පීරිස්
වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
නැටුම් අධ්‍යක්ෂණය – කමල් රත්නසිරි
රසායනය – එස්. තිරනාවුකරසු
සැකසුම – විජය චිත්‍රාගාරය
සංගීත අධ්‍යක්ෂණය – සෝමදාස ඇල්විටිගල
ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී,
අමිතා වැදිසිංහ, වික්ටර් රත්නායක,
අතුල සෝමසිරි
ගීත -
ආදර හැ¼ගුම් - ඩබ්ලිව්. ඩී. අමරදේව
මලකින් මලකට – නන්දා මාලිනී
කන්ද උඩින් සඳ – අමිතා වැදිසිංහ
දියට නැමුණු මල් - නන්දා මාලිනී
අවි ගත් මදනායක – වික්ටර් රත්නායක
අහසේ සඳ පායා ආවා - අතුල සෝමසිරි,
අමිතා වැදිසිංහ
බක්මහටයි හෙන විදුලි - වික්ටර් රත්නායක
සරිගමපා - ඩබ්ලිව්. ඩී. අමරදේව
පබලිනෝ උඹ පබළු වැලදෝ
ගන්නම් පලි මම ගන්නම්
නළු නිිළියන්:
අයිරාංගනී සේරසිංහ, ඩැනියෙල් මුතුමාල, ඩී. ආර්. නානායක්කාර, අනුලා කරුණාතිලක, එල්සන් දිවිතුරගම, චන්ද්‍රා කළුආරච්චි, ගැමුණු විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක, දයානන්ද ගුණවර්ධන, ශ්‍රියානි පෙරේරා, ඇලෝයි ඩයස් අබේසිංහ, ලූෂන් පෙරේරා, නිමල් ගම්මුදලි



ලස්සෙට කොඩිය

තිරගත වූ දිනය – 1970 ජනවාරි 29
ඉදිරිපත් කිරීම - සරදිපානි චිත්‍රපට
නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය -
ශේෂා පලිහක්කාර
කැමරා අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් කරුණාරත්න
කතාව - අනුර මහානාම
දෙබස් රචනය – ඇල්ප්‍රඩ් පෙරේරා
සංස්කරණය – ජයතිස්ස දිල්ලිමුණි
නිෂ්පාදන කළමනාකරු – ඇල්ප්‍රඩ් අමරසිංහ
සංගීත අධ්‍යක්ෂණය – ඩබ්. ඩී. අමරදේව
ගීත ප්‍රබන්ධය - ඩෝල්ටන් අල්විස්, බී. ටී. මෙන්ඩිස්
ගීත ගායනය - සී. ටී. ප්‍රනාන්දු, අයිවෝ ඩෙනිස්,
සුජාතා අත්තනායක, අමිතා වැදිසිංහ,
අතුල සෝමසිරි, රංජනී පෙරේරා
ගීත -
පින් මහිමෙන් දුන් වරමේ – අයිවර් ඩෙනිස් සහ
පිරිස - පද – බී. ටී මෙන්ඩිස්
කඳුළු බිඳුවයි සිනා රැල්ලයි - සුජාතා
අත්තනායක – පද ඩෝල්ටන් අල්විස්
මගේ වැඩෙත් හරියා නම් - සී. ටී. ප්‍රනාන්දු සහ
පිරිස - පද – බී. ටී. මෙන්ඩිස්
න ාමාවලිය – දයා කරුණාරත්න
නළු නිළියන් -
ජෝ අබේවික්‍රම, සෝබනී අමරසිංහ, දෙනවක හාමිනේ, තිලකසිරි ප්‍රනාන්දු, ජෙසිකා වික්‍රමසිංහ, චන්ද්‍රා කළුආරච්චි, රීටා පීරිස්, එස්. ජේ. ප්‍රනාන්දු, සෝමා කිරිඇල්ල, ඇල්ෆ‍්‍රඩ් පෙරේරා, රෙජිනෝල්ඩ් පෙරේරා, සැමුවෙල් රොඩ්රිගෝ, මධුලතා ප්‍රනාන්දු, බර්ටි ගුණතිලක, ඇනස්ලි ඩයස්, මාක් සමරනායක, ඒ. පී. ගුණරත්න, ජී. ඊ. හල්වල, දේවිකා කරුණාරත්න, බැසිල් ද සේරම්, විජය පෙරේරා, ජේ. එච්. ජයවර්ධන, ධර්ම ශ්‍රී මුණසිංහ, බන්දු මුණසිංහ, ක්‍රිස් ග්‍රීට්, ෂෙල්ටන් ආටිගල, ඉමාරා ගුණවර්ධන, ශීලා සමරවීර, සුනිල් පොන්නම්පෙරුම, හියු පෙරේරා, ඔස්ටින් අබේසේකර, ශාන්ති කුලසේන, ස්ටැන්ලි සිල්වා


සුමුදු භාර්යා

තිරගත වූ දිනය – 1970 පෙබරවාරි 04
නිෂ්පාදනය – ඒ. ජේ. ජෙයරාජ්
කතාව, දෙබස්, අධ්‍යක්ෂණය - සිරිල් පී.
අබේරත්න
කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
(පසුබිම් සංගීතයේ ඇතැම් කොටස් සඳහා ප්‍රේමසිරි කේමදාස සම්බන්ධ වී ඇත)
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – වික්ටර් රත්නායක, එච්. ආර්.
ජෝතිපාල, ලතා වල්පොල, ශ්‍රීමතී රණසිංහ,
චම්පා අතපත්තු , ස්වර්ණා අබේරත්න,
ආනන්ද ජයවර්ධන
ගීත -
හා හා බය නොවන්න -
ජෝතිපාල, ශ්‍රීමති රණසිංහ
ආලය කාටත් පොදු දෙයකි - ජෝතිපාල
ප්‍රේම පරවියන් තිදෙනෙකු එක් වී –
ලතා වල්පොල
ආලය කටත් පොදු දෙයකි – වික්ටර් රත්නායක
මනහාරයි මනහාරයි - ශ්‍රීමති රණසිංහ සහ පිරිස
බෝනික්කා මං තුරුල් කරගෙන –
චම්පා අතපත්තු
පූර්ණ චන්ද්‍රා ලෙසේ දිනේ -
ජෝතිපාල, ශ්‍රීමති රණසිංහ
නළු නිළියන්:
රෝයි ද සිල්වා, ජීවරාණි කුරුකුලසූරිය, කනිෂ්ඨ අබේරත්න, සුමනා අමරසිංහ, ස්වර්ණා අබේරත්න, ලිලියන් එදිරිසිංහ, දොන් සිරිසේන, නෙල්සන් කරුණාගම, නෙලී ප්‍රනාන්දු, ඩිලන්ති සමරසේකර, හර්බට් කහවිට, විමලා කුමාරි, ප්‍රේමනී ගුණරත්න, හිල්ඩා ඇග්නස්



දැන් මතකද

තිරගත වූ දිනය – 1970 මාර්තු 13
නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය – නිල් රූපසිංහ
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි
කතාව - සේනාධීර රූපසිංහ, සිරිල් බී. පෙරේරා
තිර නාටකය – ලෙනින් මොරායස්, නීල් රූපසිංහ
දෙබස් - සේනාධීර රූපසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
සංස්කරණය – ඩබ්ලිව්. ඩී. කේ. රූබන්
කලා අධ්‍යක්ෂණ්‍ය - ඇන්ටන් ගරුස්වාමි, ඩී. ඇස්. හෙට්ටිආරච්චි
වේශ නිරූපණය - කේ. සුබ්බයියා
ඇඳුම් හා ආභරණ – චාන්දනී ලෙහෝරා
කොණ්ඩා මෝස්තර - සින්තියා බියුටි පාලර්
නිශ්චල ඡායාරූප – එල්. මාටින් පෙරේරා
සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
නැටුම් - හෙලන් කුමාරි
චිත්‍රාගාරය – විජය – හැඳල
ගීත තැටිගත කිරීම - සී. මනිකවාසගර්
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,
නිහාල් ඒ. ජයසිංහ, සිරිල් ඒ. සීලවිමල,
එම්. එස්. ප්‍රනාන්දු
ගීත ගායනා – මොහිදින් බෙග්, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක
ආදරේ හිතනවා දැක්කම – ජෝතිපාල, ඇන්ජලින්
මේ සීත සුවදෙන රැයේ - ජෝතිපාල, සුජාතා
හිස් ටින් එකක් වාගෙයි - ජෝති, බෙග්, මිල්ටන් (සිරිල් ඒ. සීලවිමල – පද රචනය)
කොහේදෝ කොහේදෝ - ලතා වල්පොල
අකල් වැස්ස තුරල් වෙලා – ජෝතිපාල, සුජාතා
මැණිකේ මම ආයේ ගෙදර – එම්. එස්. ප්‍රනාන්දු
(එම්. එස්. ප්‍රනාන්දු – පද රචනය)
නළු නිළියන් -
ආනන්ද ජයරත්න, මාලිනී ෆොන්සේකා, සේනාධීර රූපසිංහ, රීටා රත්නායක, ඩොමී ජයවර්ධන, අනුෂා ගීතාංජලී, ඇන්තනි සී. පෙරේරා, බන්දු මුණසිංහ, එච්. ඩී. කුලතුංග, හියුගෝ ප්‍රනාන්දු, සුමනා අමරසිංහ, නෙලී ප්‍රනාන්දු, කාන්ති ජයසේන, එම්. එස්. ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, හෙලන් කුමාරි, උදුලා දාබරේ, රෝයි හඳපාන්ගොඩ, ප්‍රැන්සිස් පෙරේරා, ශ්‍රීමති ජයසේන
ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    Q & A

    FEEDBACK

    මතු දිනෙක

    සිනෙ තරු වරුණ