වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




ළෙන්ගතු ආමන්ත්‍රණය නිහඬ වී තෙමසයි

ළෙන්ගතු ආමන්ත්‍රණය නිහඬ වී තෙමසයි

හේම නලින් කරුණාරත්න සහෘදයා අප අතරින් වියෝ වී තෙමසක් ගත වුණිද . . .? හිතා ගන්නත් අමාරුයි. කාලය එලෙස ගතවී ගෙන ගියත් හේම නලීන්ගේ මතකය නම් කෙදිනකවත් අප අතරින් බැහැරව නොයාවි. ඔහු නික්ම ගොස් තෙමස් පූර්ණය නිමිත්තෙන් දානමය පින්කමක් පැවැත්වෙනවා. දිනය හරියටම කිව්වොත් එළඹෙන සැප්තැම්බර් මස 03 වැනිදා සහ 04 වැනිදා අංක 770/12/බී, තුන්වැනි පටුමඟ, මිල්ලගහවත්ත, තලංගම උතුර, මාළඹේ ලිපිනයැකි මාලඹේ පිහිටි ඔහුගේ නිවසේදියි මේ පුණ්‍ය කටයුත්ත සිදු වන්නේ. හේම නලීන්ට ආදරය කළ කලා සහෘද සැමට මේ අවස්ථාවට එකතු වන්න කියලා ආරාධනා කරනවා. හේම නලීන් නොමැති අඩුව හැමදාමත් අපට දැනේවි. ඒ ඔහු අපේ හදවතටම ළෙංගතුව ආමන්ත්‍රණය කළ නිසා.