වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

FEEDBACK

රංගන ශිල්පිනී ප්‍රියංකා සමරවීරට

'දියකැට පහනින් ආලෝකය ලබා 'පුරසඳ කළුවර'ට මුවා වී 'බොර දිය පොකුණ' ළඟ 'දැවෙන විහඟුන්' දෙස බලා සිටි ඔබට, සිනමාවේ දිගු ගමනක් යාමට සුභාසිරි.

එස්. පී. සොලමන්ස්

දූල්මුර,

තලාතුඔය

******************

FAN CLUB  යළිත්

ස්වාධීන රූපවාහිනී සේවය මඟින් බොහෝ කාලයක් විකාශනය නවතා තිබූ ජ්ඒව් ඛ්ඹ්උඕ ඉංග්‍රීසි ගීත වැඩ සටහන යළි බදාදා සවස 6 සිට විකාශනය කිරීම ගැන සතුටට පත් වීමි. පැරැණි නාළිකාවක් වන ස්වාධීන රූපවාහිනී සේවය වෙනත් නාළිකා ආරම්භ කිරීමටත් පෙර සහ පසු ඉංග්‍රීසි ගීත රසාස්වාදය කරන රසිකයන් ශ්‍රාවකයන් වෙනුවෙන් ජ්ඒව් ඛ්ඹ්උඕ ඉංග්‍රීසි වැඩ සටහන විකාශනය කරන ලදී. කාලයක් විකාශනය අත්හිටුවා තිබූ එම වැඩසටහන යළිත් ආරම්භ කිරීම ඉංග්‍රීසි ගීත ප්‍රිය කරන රසිකයන් වෙනුවෙන් ගත් කාලේචිත පියවරකි.

දිනේෂ් ගුණසේකර

මාතර

******************

වාලුකාට සුබපැතුම්

ස්වාධීන රූපවාහිනියේ විකාශනය නිමා වූ වාලුකා ටෙලි නාට්‍ය යොවුන් තරුණියක සහ මන්ද බුද්ධික තරුණයකු අතර කතාවකි. එම තරුණයා සාමාන්‍ය තරුණයකු බවට පත්කර ගැනීමට ඇය ගත් උත්සාහය සහ කැප කිරීම අප සමාජයේ වෙසෙන තරුණියන්ට ද ආදර්ශයකි. ස්වාධීන රූපවාහිනියට සහ වාලුකා ටෙලි නාට්‍යයේ සියලු දෙනාට අපගේ සුභපැතුම්.

ඉඹුල්ගොඩ අබේසිංහ

ශ්‍රියානි ජයසිංහ

අලව්ව

******************

සිනමාවෙන් බිඳක්

මුල්ම කථානාද චිත්‍රපටය - කඩවුණු පොරොන්දුව

මුල්ම කථානාද චිත්‍රපට නිළිය - රුක්මණී දේවි

මුල්ම කථානාද චිත්‍රපට නළුවා - බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න

මුල්ම ටෙලි නාට්‍යය - දිමුතු මුතු

මුල්ම ටෙලි නාට්‍ය නිළිය - දේවිකා මිහිරාණි

මුල්ම ටෙලි නාට්‍ය නළුවා - අමරසිරි කලංසූරිය

ප්‍රථම වර්ණ 35 මි.මි චිත්‍රපටය - රන්මුතු දූව

හිස මුඩු කළ ප්‍රථම නිළිය - සුභාෂිණී අතුකෝරල

සිනමාවට නැඟුණු ප්‍රථම චිත්‍ර කතාව - වානරයෝ

ගීතමය දෙබස් ඇතුළත් එකම චිත්‍රපටය - හතර පෙරළිය

ගාමිණී ෆොන්සේකා රඟපෑ එකම ටෙලිය - කළු සුදු

සිංහල සිනමවේ ටාසන් ලෙස හඳුන් වන්නේ - රිචඩ් ඇල්බට්

මෙතෙක් වැඩිම සිංහල චිත්‍රපට සංඛ්‍යාවක් නිෂ්පාදනය කළේ - සුනිල් ටී. ප්‍රනාන්දු

අධ්‍යක්ෂණය කළේ - සුනිල් සෝම පීරිස්

අන්තර් ජාතික සම්මාන උලෙළේ දිනූ ප්‍රථම සිංහල චිත්‍රපටය - ගම්පෙරළිය

කලඑළිය - සරත් සේනාධීර

******************

සුජාතා සුපිරි රියල් ස්ටාර්

1956 වසරේදී එස්. එම්. නායගම්ගේ සොහොයුරෝ චිත්‍රපටයෙන් පසුබිම් ගායනයට පිවිසි සුජාතා අත්තනායක ඈ මේ වන විට ගීත රාශියක් ගායනා කර ඇත. සීගිරි කාශ්‍යප චිත්‍රපටයට හරූන් ලන්ත්‍රා සමඟ ගැයූ පිරුණා හද සන්තානේ, මහ රෑ හමු වූ ස්ත්‍රිය, ජීවන විල මැද අදටත් අසන්නට කැමැත්තෙමි. ඊට අමතරව මීදුම් වලාවන්, චන්ද්‍රා මේ රෑ පායා ආවා, මල් සුගන්දෙ, ආදරේ මන්දිරේ, මාගේ මතකේ ගීතත් ඉතාමත් ජනප්‍රිය ගීතය. සුජාතා නළු නිළියන්ට ගීත ගායනා කරන ගර්ලි ගුණවර්ධනට සබීතා පෙරේරාත්, රෝහිණි ජයකොඩි මෙන්ම වීණා ජයකොඩිටත් තලතා ගුණසේකර, නදීකා ගුණසේකරටත් ඒ වගේම ක්ලැරිස් ද සිල්වාට, සන්ධ්‍යා කුමාරි, රීටා රත්නායක, මාලිනී, ගීතා, සුමනා, දිල්හානි ඇතුළු නිළියන් රැසකට ගීත ගැයුවාය. ඉතිං සුජාතා අත්තනායක නම් අපගේ ගීත ගායිකාව අපගේ සුපිරි රියල් ස්ටාර් ඔබමයි. ඔබට දිගාසිරි පතමි.

ජාඇල කලඑළිය පාතිමා මාවත

සරත් සේනාධීර

******************

නර්තනයට ජීවය දෙන චන්න

නර්තන අභිෂේකයේ සුබාස්වරය මතු කළ රන් සලකුණ චන්න විජේවර්ධනයි. නර්තනයෙන් දස්කම් පාමින් දේශීය මෙන්ම විදේශීය වශයෙනුත් ගරු බුහුමනට පාත්‍ර වූ චන්න විජේවර්ධන අති දක්ෂ නර්තනවේදියෙකි. දේශීය නැටුම් ක්‍රම උපයෝගී කර ගනිමින් සිනමාපට සඳහා නර්තනයෙන් දස්කම් පෑ නිර්මාණවේදියෙකි. චන්න කොතැනද එතැන නර්තනය ඇත. සිනමාව කොතැනද එතැන චන්න ඇත යන කරුණ මෙයට කදිම සාධකයකි. නර්තනයෙන් දස්කම් පෑ ඔහු සිංහල සිනමාවට ද සුවිශේෂී යුග මෙහෙවරක් ඉටු කළ නිර්මාණවේදියෙකි. නර්තනයෙන් ජීවයක් දෙන ඔබ අපට වටිනා සම්පතකි. රසික අප නිරතුරවම ඔබ සමඟයි. ඔබට සදා ජය.

එච්. ඉන්ද්‍රපාල

මුංහේන

******************

රඟපෑමට මල් මිටක්

උද්දික, ශ්‍රියන්ත, තිසුරි මිණි ගංදෑලේ ඔබලාගේ රඟපෑම් ඉතා ඉහළයි.

මාදින්නගොඩ

ශීලා සුභසිංහ

******************

සුභාෂිනි වෙළෙඳ සේවයට

ඉතා දක්ෂ තියුණු හඬක් හිමි ජනප්‍රිය නිවේදිකා සුභාෂිනි උප්පලවන්නා ලියනගේ ගේ හඬට සුදුසුම සේවය වෙළඳ සේවයයි. විවිධ වැඩ සටහන් තුළින් අසන්නන්ට වඩාත් සමීපව සිට සිය ප්‍රසාදය දිනාගත් ඇයට වෙළෙඳ සේවයේ වැඩි ඉඩකඩක් ලබා දෙන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි.

ජයන්ත අමරතුංග

පොළොන්නරුව

******************

මේ නාලිකවලට අප්‍රසාදය

රූපවාහිනි නාළිකා මඟින් සෙන: සහ ඉරිදා දින රාත්‍රියේ ඉදිරිපත් කරන රියලිටි තරු වැඩ සටහන් තුළින් තරුණ පිරිස් එක් කොට කරන පැරැණි ගී විනාශය නවත්වන ලෙස ඉල්ලා සිටිනවා. එදා පැරැණි ගීයට පැරැණි ශිල්පීන්ට තිබූ ගරුත්වය, පිළිගැනීම තේරුමක් නැති විනිසුරු මඩුල්ල්ක් ඉදිරියේ ප්‍රදර්ශනය කොට කෑ මොර දෙමින්, වැලපෙමින් හඬමින්, නටමින් කරන මේ විගඩම් පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා. ඒ වගේම එම රූපවාහිනී නාළිකාවලට සිය අප්‍රසාදය පළ කරනවා.

ජයන්ත අමරතුංග

පොළොන්නරුව

******************

තවත් යුගයක අවසානය

සිංහල සිනමාවේ 50 දශකයේ දී සිංහල චිත්‍රපට සඳහා ගායනයෙන් කිරුළ පැළඳූ ප්‍රවීණ ගායිකා කේ. රාණි ශිල්පිනිය හද රඟමඬලින් නික්ම යාම ශෝකයෙන් සටහන් කරමි. 1953 දී තිිරගත වූ 'සුජාතා' චිත්‍රපටයේ ගැයූ 'මනරංජනී දර්ශණීය ලංකා' ගීතයෙන් දේශය අවධි කළ ඇය මනරම් රැඟුමන් ඇතිව ගීත රැසක් සිංහල සිනමාව සඳහා දායාද කර ඇත.

සිංහල ගීතවලට අමතරව තෙළඟු, මලයාලම්, හින්දි, කර්ණඩ ආදී විවිධ භාෂාවලින් ගී ගායනා කර ඇති කේ. රාණිගේ අභාවය තවත් එක් යුගයක නිමාවක් බව කිව හැකිය.

විහඟි සඳුනිකා

ජනාධිපති විදුහල

මිනුවන්ගොඩ

******************

චිත්‍රපට සංස්ථාවට

චිත්‍රපට බෙදා හැරීම වැනි ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් නැවත ආරම්භ කිරීම ගැන පැසසුම්. තිරගත වන සෑම චිත්‍රපටයකට අඩුම තරමින් මුල් සති දෙක ප්‍රදර්ශනය සඳහා ප්‍රචාරක පහසුකම් සලසන ලෙස වැඩපිළිවෙළක් කඩිනමින් සංවිධානය කරන ලෙස ද ඉල්ලමි.

නිමල් කුලසේකර

අඟුලාන

******************

සුනිල් ආරියරත්නට ප්‍රණාම

සිංහල සිනමා වංශ කතාව තවත් ආලෝකමත් කළ 'යශෝධරා' බුදු දහමේ අසිරිය තරුණ පරපුරට දැන ගැනීමට සැලැස් වූ සුනිල් ආරියරත්නට හද පිරි ප්‍රණාමය.

ප්‍රියන්ත හෙට්ටිආරච්චි

ගම්පහ

******************

ජාතික ගුවන් විදුලියේ නිවේදක පරපුරට

නිවැරිදි ලෙස සිංහල බස හසුරුවමින් ශ්‍රාවක පිරිස ආමන්ත්‍රණය කරන නිවේදක පිරිසක් ජාතික ගුවන් විදුලිය සතුව ඇත. අතොරක් නැතිව එෆ්. එම්. නාළිකා තිබුණ ද අති බහුතර එවායේ නිවේදක නිවේදිකාවන් කියන අය ගිරවුන් සේ සිංහල - ඉංග්‍රීසි කලවම් භාෂාවක් කිසිම හිරිකිතයක් නැතිව භාවිත කරයි. ඒ අතින් බලන විට ජාතික ගුවන් විදුලියේ නිවේදක පරපුරම ඒ අයට මෙන්ම රටටම ආදර්ශයකි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මතු සෑම ගුවන් විදුලි සේවාවක් බාල, තරුණ මහලු සැමට රස විඳිය හැකි සේවා වීම අප ලැබූ භාග්‍යයකි. අපේකම හඳුණන ජාතික ගුවන් විදුලියටත්, එහි නිවේදක පරපුරටත් ප්‍රණමය.

ජගත් චන්ද්‍රසිරි

ජූජා ජගත්සිරි

මීරිගම පාර

පස්යාල

******************

ජෝති ගී විනාශ නොකරනු

ඝෝෂාකාරී සංගීතය මුසු කරමින් එච්. ආර්. ජෝතිපාලගේ ගීත අමු අමුවේ විනාශ කරන්න එපා.

අතුල රම්‍යසිරි

පානදුර

******************

කලාකරුවන්ට වන්නේ අසාධාරණයක්ද?

සමහර පැරැණි කලාකරුවන් තමත් ජිවතුන් අතර ඉන්නවාද නැද්ද කියා දන්නේ නැත. මන්ද ඒ අය මිය ගිය විට මාධ්‍යවල පළ වන්නේ ඔවුන්ගේ අවසන් කටයුත්ත ඉවර වූ පසුවයි. එය මහත් අසාධාරණයකි. ජනප්‍රිය කලාකරුවෙකු නම් ඒ පිළිබඳ සෑම මාධ්‍යකින්ම මහ ඉහළින්ම වාර්තා කරයි. මෙය එක්තරා කලාකරුවන් පිරිසකට වන බලවත්ම අසාධාරණයකි.

මත්තේගොඩ

අජිත් ජෝතිය කරසිංහ

******************

නම වෙනස් කළ ඉන්දීය තරු

අජේ දෙව්ගන් - විශල් දේව්ගන්

අක්ෂේ කුමාර් - රජිව් භාතියා

බොබි ඩියොල් - විජේසින් ඩියොල්

ජෝන් ඒබ්‍රහම් - ෆාරන් ඒබ්‍රහම්

සල්මන් ඛාන් - අබ්දුල් රෂීඩ් සලම් සල්මන් ඛාන්

ගෝවින්ද - ගෝවින්ද අරූන් අහුජා

රේඛා - භානු රේඛා ගනේෂන්

රජිනිකාන් - සිවාජි රාම් ගෝක්වර්ඩ්

රාජ් කුමාර් - කුල්බුමාන් - පණ්ඩිත්

නානා පතේකර් - විශ්වනාත් පතේකර්

කිෂෝර් කුමාර් - අබ්බාස් කුමාර් ගන්ගුලි

රාජේෂ් ඛන්නා - ජනිත් ඛන්නා

ජාඇල කලඑළිය

සරත් සේනාධීර