වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




41 වැනි සිග්නීස් සම්මාන ලැබූවන්

41 වැනි සිග්නීස් සම්මාන ලැබූවන්

සිග්නීස් අන්තර් ජාතික සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් 41 වැනි වරට පවත්වනු ලැබූ සිනමා හා ප්‍රාසංගික ටෙලි නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විණි. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ සිග්නීස් ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි හෙලන් ඔස්මන් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. මෙවර සිග්නීස් ජූරි සභික මණ්ඩලය ලෙස සිග්නීස් ශ්‍රි ලංකා අධ්‍යක්ෂ සහ ජූරි සභාපති ගරු ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු නි. ම. නි. පියතුමා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස, ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ බාහිර කථිකාචාර්ය සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ ලේඛක හා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ යන මහත්ම මහත්මීන් කටයුතු කළහ. මෙවර සම්මාන පිරිනැමීම සඳහා ඉදිරිපත් වූ චිත්‍රපට සංඛ්‍යාව 26 ක් වන අතර ටෙලි නාට්‍ය 18 ක් සඳහා සම්මාන පිරිනැමුණු අතර සිග්නීස් අන්තර් ජාතික උපහාර උත්තමාචාර සම්මාන තුනක් පිරිනැමිණි. ඒ රංගවේදිනී කාන්ති ලංකා, සුමනා අමරසිංහ සහ චිත්‍රපට සංරක්ෂක හා නිෂ්පාදක තිස්ස නාගොඩවිතානටය. මෙවර සිග්නීස් ප්‍රණාම සම්මාන පිරිනැමුණේ ගරු මර්සලින් ජයකොඩි පියතුමා, 30 වසරක අනුස්මරණ සැමරුම වෙනුවෙනි.

සංජය නිර්මාල්, අපේ කාලේ ශාන්තුවරයා වෙනුවෙනි
සාරංග දිසාසේකර ප්‍රථම ශාන්තුවර චරිත ඇසුරින් නිපද වූ චිත්‍රපටය වෙනුවෙනි

කැමිලස් පෙරේරා, චානක පෙරේරා ශ්‍රී ලංකාවේ පළමු ත්‍රිමාණ චලන ග්‍රහණ සජීවිකරණ චිත්‍රපටය වෙනුවෙනි
සිනමා සම්මාන ප්‍රදානය
මතු ප්‍රාර්ථනා පිරි අධ්‍යක්ෂකවරයා වුයේ රොෂාන් එඩ්වඩ්
මතු ප්‍රාර්ථනා පිරි අධ්‍යක්ෂවරුන් ඇගැයීම:
ආලෝකෝ උදපාදි - චත්‍ර විරමන්
ප්‍රේමය නම් - කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ
නිමෝ ලයිව් - තිසර ඉඹුලාන
පුංචි අපිත් බය නෑ දැන් - ප්‍රියන්ත පතිරගේ
හීන හොයන සමනල්ලු - රොහාන් පෙරේරා
සෙල්ලම් නැත්නම් ලෙල්ලම් - තිස්ස ඩයස්
කාල - සුජීව ගුණරත්න
සීමා නෑ ආකාසේ - නිහාල් බණ්ඩාර
නිර්මාණශීලී කුසලතා ඇගැයීම් සහතික පිරිනැමීම්:
සහේලි සදිත්මා සතරසිංහ - බන්ධන
ධනුක ඩිල්ෂාන් - ධර්මයුද්ධය
නිර්මාණශීලී වර්ණයෝජනය
දිනිඳු ජගොඩ - සුළඟ ගිනි අරන්
නිර්මාණශීලී ශබ්ද සංයෝජනය
ප්‍රියන්ත කළුආරච්චි සහ ඇලෙක්සැන්ඩෲ ඉසුබිට්ය - නිම්නයක හුදකලාව
නිර්මාණශීලී සජීවිකරණය
බුද්ධික විජේරත්න සහ චමින්ද වටවලවිතාන, සිද්ධාර්ථ නයනානන්ද - බන්ධන
නිර්මාණශීලී අංග රචනය
ජයන්ත රණවක - ආලෝකෝ උදපාදි
නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය
ලක්ෂ්මන් ජෝසප් ද සේරම් - සුළඟ ගිනි අරන්
නිර්මාණශීලී සිනමාත්මක ගායන දායකත්වය
රොසීටා ජේසුදාසන් - නිම්නයක හුදකලාව
නිර්මාණශීලී ගේය පද රචනය
මහාචාර්ය සුනිල් ආරියරත්න - ප්‍රේමය නම්
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය
ලාල් හරේන්ද්‍රනාත් - ස්වරූප
නිර්මාණශීලී කැමරාකරණය
චන්න දේශප්‍රිය - නිම්නයක හුදකලාව
ජූරියේ විශේෂ සම්මාන (සංස්කරණය)
සමන් ඇල්විටිගල - සුළඟ ගිනි අරන්
නිර්මාණශීලී සංස්කරණය
චන්දන ප්‍රසන්න සහ උදාර වීරරත්න - නිම්නයක හුදකලාව
නිර්මාණශීලී තිර රචනය
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ - ප්‍රේමය නම්
නිර්මාණශීලී සහය නළුවා
කුමාර තිරිමාඳුර - ධර්ම යුද්ධය
නිර්මාණශීලී සහය නිළිය
සුරංගා රණවක - ප්‍රේමය නම්
ජූරියේ විශේෂ සම්මාන (රංගනය)
සෞම්‍ය ලියනගේ - නිම්නයක හුදකලාව
නිර්මාණශීලී හොඳම නළුවා
ජැක්සන් ඇන්තනි - ධර්ම යුද්ධය
නිර්මාණශීලී හොඳම නිළිය
සමනලී ෆොන්සේකා - ප්‍රේමය නම්
ජූරියේ විශේෂ සම්මාන (අධ්‍යක්ෂණය)
උදයකාන්ත වර්ණසූරිය - බන්ධන
නිර්මාණශීලී අධ්‍යක්ෂණය
විමුක්ති ජයසුන්දර - සුළඟ ගිනි අරන්
ජූරියේ විශේෂ සම්මාන
(සමස්ත නිෂ්පාදනය)

තුසිත ජයසේන - ආලෝකෝ උදපාදි
නිර්මාණශීලී හොඳම සිනමා නිර්මාණය
වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ අධ්‍යක්ෂණය කළ ප්‍රේමය නම්
කල්පන ආරියවංශ, සුජීව විජේසිංහ, ප්‍රේම් දිසානායක සහ අතුල මහවලගේ නිෂ්පාදනය කළ 'ප්‍රේමය නම්'

ටෙලි නාට්‍ය සම්මාන පිරිනැමීම
නිර්මාණශීලී කුසලතා ඇගැයීම් (ළමා)
සෙනුල්යා දන්තනාරායන - සී රජ
නිර්මාණශීලී කුසලතා ඇගයීම්
බිම්සාරා ප්‍රේමරත්න - බැද්දේ කුලවමිය
ඉසුරී දේවප්‍රිය - දියමංකඩ
වීරංග කැටිපෙආරච්චි - ප්‍රාණ
නිර්මාණශීලී අංග රචනය
පුෂ්පකුමාර බණ්ඩාරගම - දියමංකඩ
නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය
සමන්ත පෙරේරා - සී රජ
නිර්මාණශීලී ගායනය (ගායකයා)
නවරත්න ගමගේ - දියමංකඩ
නිර්මාණශීලී ගායනය (ගායිකාව)
ඉන්දිකා උපමාලි - සී රජ
නිර්මාණශීලී ගේය පදරචනය
ජැක්සන් ඇන්තනි - සී රජ
නිර්මාණශීලී කලා අධ්‍යක්ෂණය
ධර්මකීර්ති වික්‍රමතිලක - දියමංකඩ
නිර්මාණශීලී කැමරාකරණය
විශ්වජිත් කරුණාරත්න - සී රජ
නිර්මාණශීලී සංස්කරණය
මෙවර පිරිනැමෙන්නේ නැත
නිර්මාණශීලී තිර රචනය
අරුණ ප්‍රේමරත්න - බැද්දේ කුලවමිය
නිර්මාණශීලී සහාය නළුවා
ආනන්ද කුමාරඋන්නැහේ - බැද්දේ කුලවමිය
නිර්මාණශීලී සහාය නිළිය
චාන්දනී සෙනෙවිරත්න - බැද්දේ කුලවමිය
නිර්මාණශීලී හොඳම නළුවා
මහේන්ද්‍ර පෙරේරා - බැද්දේ කුලවමිය
නිර්මාණශීලී හොඳම නිළිය
නදී කම්මැල්ලවීර -බැද්දේ කුලවමිය
ජූරියේ විශේෂ සම්මානය (අධ්‍යක්ෂණය)
ජැක්සන් ඇන්තනි - සී රජ
නිර්මාණශීලී හොඳම අධ්‍යක්ෂණය
ආනන්ද අබේනායක - බැද්දේ කුලවමිය
නිර්මාණශීලී හොඳම ටෙලි නිර්මාණය
ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ ෆාහිම් මවුජුඩ් නිෂ්පාදනය කළ බැද්දේ කුලවමිය