වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




පිදෙල් ක්‍රස්ත්‍රෝ එළිදකී

පිදෙල් ක්‍රස්ත්‍රෝ එළිදකී

කුමාරදාස බාලසූරිය මහතා රචනා කළ අලුත්ම ග්‍රන්ථය "පිදෙල් කස්ත්‍රෝ" පසුගිය දින කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී ජනගත කෙරිණි.

ඒකාධිපති බැටිස්ටාගේ ග්‍රහණයෙන් කියුබාව මුදා ගැනීමට සියරා මෙස්ට්‍රා කඳුකරයේ සිට අරගල කර කියුබාවේ පාලනය සියතට ගත් පසු එතෙක් පැවැති සමාජ, ආර්ථික, සංස්කෘතික සම්ප්‍රදායයන් විප්ලවීය ක්‍රියාදාමයකින් වෙනස් කර කියුබාවට ආවේණික සම්ප්‍රදායක් බිහි කර එහි සාර්ථක ප්‍රතිඵල කිියුබානුවන්ට පමණක් නොව අසල්වැසි කලාපීය රටවල් ද ඉක්මවමින් මුළු ලොව පුරාම පතුරුවා හැරි පිදෙල් ක්‍රස්තෝ නම් විප්ලවවාදියාගේ නැතිනම් ප්‍රතිසංස්කරණවාදියාගේ භූමිකාව පිළිබඳ කූටප්‍රාප්තිය සාක්ෂාත් කරගත් මිනිසකුගේ ජීවිත කතාව "පිදෙල් ක්‍රස්තෝ" කෘතියෙන් මනාව පිළිබිඹු කෙරේ.


මහා තෙරුන් තිදෙනෙකුගේ

"භාවනා" ග්‍රන්ථයක් ලෙස එළිදැක්වේ

අති පූජනීය බලන්ගොඩ ආනන්ද මෛති‍්‍රය, රේරුකානේ චන්දවිමල, බෙල්ලන ඤාණවිමල යන මහා නා හිමිවරුන් පුවත්පත් සඟරාවලට සැපයූ ලිපි ඇසුරෙන් සම්පාදිත "භාවනා අප්‍රකට ලිපි" බෞද්ධ ග්‍රන්ථය නොබෝදා ජනගත කෙරිණි.

මරදාන පාරේ අංක 717/1 (ආනන්ද විද්‍යාලය අසල) පිහිටි "සාහිත පොත් පියස" හි නවතම ප්‍රකාශනයක් වන මෙය පහළගම සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ආරණ්‍යවාසී පොල්ගහවෙල මිතභාණි හිමියන්ගේ සම්පාදනයකි.

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමි ලියූ 'සමථ භාවනා ධ්‍යාන' හා 'විදර්ශනා භාවනාව', රේරුකානේ චන්දවිමල මාහිමි ලියූ 'කසින භාවනාව', 'සෝවාන් මාර්ග සිත හා නිවන', බෙල්ලන ඤාණවිමල මා හිමි ලියූ 'චිත්ත ප්‍රඥා භාවනා හා 'උපේක්ඛා - බ්‍රහ්ම විහාර භාවනා' ආදිය පිළිබඳ දුර්ලභ ලිපි මාලාවක් මෙම ග්‍රන්ථයෙහි අන්තර්ගත වේ.

සටහන - නිශ්ශංක විජේරත්න


ආනන්ද එස්. විජේසිරිගෙන්

නවකතාවක් හෙට

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂ ආනන්ද එස්. විජයසිරිගේ කුලුඳුල් නවකතාව තුන්යම සිහින මෙම මස 31 වැනිදා ජනගතවේ. මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් රචනා වූවකි. බැද්දේ ගෝරනාඩුව, දෙව්ලොව යනකං, නෙත් අඳ බිසව්, අහසින් යන උන් ආනන්ද නිර්මාණය කළ නාට්‍ය අතර වේ.


ලූ ශුන්ගේ චරිතාපදානය සමඟ
කමල් පෙරේරාගේ පොත් තුනක්

කමල් පෙරේරා විසින් පරිවර්තිත ශ්‍රේෂ්ඨ චීන ලේඛක ලු ශුන්ගේ චරිතාපදානය වන 'ලුශුන් - චීන විප්ලවයේ පන්හිඳ' නම් කෘතිය සමඟ ඔහුගේ නවතම සිංහල කෙටිකතා සංග්‍රහය වන 'කැරකෙන හංසරාජයා' හා ඉංග්‍රීසි කෙටිකතා කෘතිය වන 'ඊචඬඪදඨ බධ ජ්තඪඨඩබ' ජනගත කිරීමේ උලෙළ මෙම මස (අගෝස්තු) 30 වනදා බ්‍රහස්පතින්දා සවස 3.00 ට කොළඹ 07 ජාතික පුස්තකාල සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලංකා ලේඛක සංවිධානය උලෙළ සංවිධානය කරන අතර මේ කෘති ත්‍රිත්වයම ප්‍රකාශයට පත් කර ඇත්තේ නුගේගොඩ සරසවි ප්‍රකාශකයන් විසිනි.