|
ස්පීල්බර්ග්ට අවශ්‍ය වූ සරසවිය හොඳම නළුවාඩී. ආර්. නානායක්කාර
ඩී. ආර්. තම සිනමා රංගනයේ මුල් යුගයේ රසමුසු සිද්ධී එදා මට විස්තර කළේය. 'මම 'අම්මා' චිත්‍රපටයේ දර්ශනයක් සඳහා මුලින්ම කැමරාවට මුහුණ දුන් මුල් දිනය මට අද වගේ මතකයි. ඒව කොතරම් ප්‍රීතිමත් අවස්ථාවක්ද? දවසක්ම ගුටි බැට හුවමාරු කරන දර්ශනයක් ඒ. අපි දිගට හරහට ගුටි බැට ලබමින් හා ප්‍රතිප්‍රහාර එල්ල කර ගනිමින් රඟපෑවා. පුටු පෙරළගෙන, බඩු මුට්ටු පොඩි කරමින්, පෙරළෙමින්, නැගිටමින්, හැප්පෙමින්, කැඩුණු පුටුවලින් ද තොර තෝංචියක් නැතිව 'දඩි බිඩි'ගාමින් පහර දී ගත්තේ අධ්‍යක්ෂවරයාගේ 'කට්' යන වචන ඇසෙද්දී මම ඔහේ ගහ ගත්තා. අන්තිමට මම හති ඇර ගැනීමට නැගිට්ටා. මගේ සපත්තුව ඇතුළේ සීතල ගතියක් දැනුණා. ඒ තුළට වතුර ගියේ කෙසේද? මගේ ඔළුව පැලී ඇති බව දැනුණි. හිසෙන් ගැලූ ලේ ධාරාව ගලාගොස් සපත්තුවේ තැන්පත් වී තිබුණා.
නගරයක ඉපද වැඩී, නගරයේ ජීවත්වන හොඳ සිංහල 'ගැමියෙකි' වැල්ලම්පිටියේ ඔහුගේ නිවසෙහිත්, තිරයේත් සිටින්නේ එකම 'නානා' ය. ඒ මුහුණ! පැත්තකින් කට විවර කෙට දත් මඳක් දැක් වූ විට උපහාසයත්, මනමාලකමත්, කපටිකමත් එක් කොට දක්වන මුහුණ. 'සුරංගණී' චිත්‍රපටය නැරඹූවෙකුට එහි කුදා අමතක නොවේ. 'කුරුලු බැද්ද' නැරඹූ කෙනෙකුට කයිතන් නම් කපටියා ගමේ අයට ගිනි ගෙඩි දෙන්නා අමතක නොවේ. 'රේඛාවේ' කපටි කෛයිරාටික සූටියා ද, 'සිකුරු තරුවේ' ගජසිංහ ගම්මුලාදෑනියා ද, 'පරසතු මල්' අමාරිස් ද, 'වෙසතුරු සිරිතේ' ජූතකයා ද 'බයිසිකල් හොරා' හි බයිසිකල් හොරා ද කෙසේ අමතක කරම් ද? ඩී. ආර්. නානායක්කාර මේ විශිෂ්ට චරිතාංග නළුවාගේ නමය. දොන් රියුටර් නානායක්කාර 1915 මාර්තු 15 වැනිදා කොළොන්නාවේ උපත ලැබුවේය. ඔහුගේ පියාගේ නම දොන් දියස් නානායක්කාරය. තාත්තාගේ ගම කොළොන්නාවේය. අම්මා වූ නොන්නෝ කල්දේරාය. ගම ගොතටුවය. 'මම ඉගෙන ගත්තේ කොළොන්නාවේ බෞද්ධ සමිතිය මඟින් පාලනය කළ කොළොන්නාවේ පාසලේ. කුඩා කාලයේ ඉඳලම මම සංගීතය පැත්තට බරයි. මට ජපන් මැන්ඩලීනය වාදනය කරන්න පුළුවන්කම තිබුණා. ඒත් මගේ දෙමාපියන් මට නිතරම කිව්වේ 'මොන විකාරද කරන්නේ. සංගීත පිස්සෙක්' කියලා හෑල්ලුවට ලක් කළා. නාට්‍ය බැලීමට මම කුඩා කාලේ ඉඳලම ආසයි. මේ කාලේ මම වැඩ කළේ ලීවර්ස් බ්‍රදර්ස් සමාගමේ. මම යුවතියකට ආදරය කළා. මගේ ජීවිතයේ ලස්සනම දවස් ඒ. ඇගේ නම මිලී. හිටි හැටියේ ඒ ලස්සන සිහිනය බොඳ වෙලා ගියා. මගේ ජීවිතයේ සතුට ප්‍රීතිය නැති වී අවාසනාවන්ත කාලය උදා වුණේ ඊට පස්සේ. මම වේදනාව විරහව තුනී කර ගත්තේ වේදිකා නාට්‍ය බැලීමෙන්. ඩී. ආර්. නානායක්කාර තම අතීත කතාව කිව්වේ මාත් අපේ 'සරසවිය' ඡායාරූප ශිල්පී බන්දු කොඩිකාර සමඟ ඔහුගේ කොළොන්නාවේ ගෙදරට ගිය ගමනේදීය. අප එහි යන විට ඩී. ආර්. තම නිවස ඉදිරිපිට වතුර පයිප්පයෙන් නාමින් සිටියේය. බන්දු නානා නාන හැටි පින්තූරයක් ගත්තේය. මේ 1970 දශකයේ මුලදීය. තමා රඟපෑමට යොමු වූ සැටි විස්තරය අපට කීවේ ඔහු නා කියා ගෙන ආලින්දයට පැමිණ අප සමඟ උණු ඉඟුරු ප්ලේන් තේ එකක රස විඳිමිනි. 'ඒ කාලයේ මම මරදානේ ඔලිම්පියා ශාලාවේ ප්‍රශනය කළ නාට්‍ය බලන්න යනවා. තංගල්ලේ සිරිසේන විමලවීර ගේ නාට්‍යය බලන්න ආසයි. 1944 දී පමණ මම පඩි අරන් අලුත් ෂර්ට් එකකුයි පට සරමකුයි ඇඳගෙන මම ඔලිම්පියා සිනමාහලට ගියා බොහොම ජන්ඩියට. මම එනවා දැකලා සිරිසේන විමලවීර මාස්ටර් මඳක් නතර වෙලා බලා හිටියා. මම විමලවීර මාස්ටර් නාට්‍යවල රඟපානවා දැකලා තිබුණා. මම මඳ දුරක් ගිහින් ආපසු හැරිලා මාස්ටර් දිහා බලන් හිටියා. මාස්ටර් හෙමින් හෙමින් මා ගාවට ආවා. 'ළමයා උඹේ මුහුණ වේදිකාවට බොහොම හොඳයි. කැමතිද රඟපාන්න' මාස්ටර් ඇහැව්වා. 'කැමතියි' 'උඹට සින්දු කියන්න පුළුවනිද?' 'ටිකක් විතර පුළුවන්' ඒ කාලයේ මම කඩවසම් තරුණයා. මාව මාස්ටර් 'අම්මා' නාට්‍යයේ සරණපාලගේ චරිතයට තෝරා ගත්තා. මම කරමින් සිටි රැකියාවත් අතහැර මරදානේ අභයසිංහරාමය අසල නිවසකට ගිහිල්ලා නාට්‍යය පුහුණු වුණා. මා සමඟ සහාය නිළිය ලෙස පර්ල් වාසුදේවි රඟපෑවේ. ටවර් ශාලාවේ වේදිකා ගත වූ 'අම්මා' නාට්‍යයේ දර්ශන 3 ක් සඳහා මට රු: 7.50 ක් ලැබුණා.' ඩී. ආර්. ඉන්පසු සිරිසේන විමලවීරගේ පිටිසර කෙල්ල, හෙළදිව පුරඟන, රොඩී කෙල්ල, මග්ගොන චාලි නාට්‍යයවල රඟපෑවේය. ඔහුට අනාගත බිරිඳ හමු වූයේ නාට්‍ය රඟපාන අතරවාෙර්ය. එක් නාට්‍යයක් නැරඹීමට පැමිණි එක් තරුණියක් ඔහු දෙසම බලා සිට ඇත. මේ තරුණිය හා සිනාසෙමින් ඔහුට රඟපෑමට සිදු විය. මේ නාට්‍යයේ විකට චරිතයක් රඟපෑ පියදාසගේ මාර්ගයෙන් ඇය ඩී. ආර්. සමඟ කතා කිරීමට උත්සාහ කළාය. ඇය අසළටම පැමිණ රඟපෑම අගය කරමින් කතා කළාය. 'මගේ ළඟම ඥාතියෙක් ටවර් එකේ රඟපාන පොඩි රොම්ලස්' ඇය කතාව පටන් ගෙන ඇත. ඇග් නම ඇඩ්ලින් පෙරේරාය. තම ජීවිතයට අලුත් ආලෝකයක් ඇති වුණේ ඇය නිසා බව ඔහු කීවේය. ඇය රැකියාව කරන කොටුවේ පැගෝඩා හෝටලයට ගිය ඩී. ආර්. තම යෝජනාව ඉදිරිපත් කළේය. 1945 ඩී. ආර්. හා ඇඩ්ලින් විවාහ වූහ. ඔවුන්ට දරුවන් හය දෙනෙක් සිටියහ. අසෝකා, ශාන්ති, සිරිමා, කල්‍යාණි දියණියන්ය. දිලිප් හා රංජිත් පුතුන් දෙදෙනාය. වසර 38 ක් ඩී. ආර්. ගේ සෙවණැල්ලව සිට ඇඩ්ලින් 1983 මාර්තු 10 වෙනිදා ජීවිතයෙන් සමු ගත්තාය. 'මම හාපුරා කියා චිත්‍රපටයක රඟපෑවේ 1948 තිරගත වූ විමලවීර මාස්ටර්ගේ 'අම්මා' චිත්‍රපටයේ සරණපාලගේ චරිතය. නීලා ලෙස පර්ල් වාසුදේවි රඟපෑවාය. මේ චිත්‍රපටයේ මම මියුරින් නිශ්ශංක සමඟ ගීතයක් ගැයුවා. 'කාම දෙයියාගේ අයියාගේ රූපේ වගේ', තනිව ගීතයක් වූ 'මාර්ග ඵලෙන් නිර්වාණේ ලබන්ටත්' ගීතයත් මම ගැයුවා. 1951 වසරේ තිරගත වූ 'සීදේවි' චිත්‍රපටයේ රඟපාමින් මම බී. එන්. අමරලතා සමඟ 'ප්‍රේම තතේ හැප්පී' ගීතය ගැයුවා.' ඩී. ආර්. කැපී පෙනුණ චරිතාංග නළුවකු ලෙස මතු වූයේ සිරිල් පී.අබේරත්නගේ 'සුරංගණී' චිත්‍රපටයේ කුදාගේ චරිතයෙනි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රෙඛාව' චිත්‍රපටයේ කපටි සූටියා ලෙස අයිරාංගණී සේරසිංහ සමඟ රඟපෑ චරිතය විචාරක ප්‍රශංසාවට ලක්විණි.
ඩී. ආර්. තම සිනමා රංගනයේ මුල් යුගයේ රසමුසු සිද්ධී එදා මට විස්තර කළේය. 'මම 'අම්මා' චිත්‍රපටයේ දර්ශනයක් සඳහා මුලින්ම කැමරාවට මුහුණ දුන් මුල් දිනය මට අද වගේ මතකයි. ඒව කොතරම් ප්‍රීතිමත් අවස්ථාවක්ද? දවසක්ම ගුටි බැට හුවමාරු කරන දර්ශනයක් ඒ. අපි දිගට හරහට ගුටි බැට ලබමින් හා ප්‍රතිප්‍රහාර එල්ල කර ගනිමින් රඟපෑවා. පුටු පෙරළගෙන, බඩු මුට්ටු පොඩි කරමින්, පෙරළෙමින්, නැගිටමින්, හැප්පෙමින්, කැඩුණු පුටුවලින් ද තොර තෝංචියක් නැතිව 'දඩි බිඩි'ගාමින් පහර දී ගත්තේ අධ්‍යක්ෂවරයාගේ 'කට්' යන වචන ඇසෙද්දී මම ඔහේ ගහ ගත්තා. අන්තිමට මම හති ඇර ගැනීමට නැගිට්ටා. මගේ සපත්තුව ඇතුළේ සීතල ගතියක් දැනුණා. ඒ තුළට වතුර ගියේ කෙසේද? මගේ ඔළුව පැලී ඇති බව දැනුණි. හිසෙන් ගැලූ ලේ ධාරාව ගලාගොස් සපත්තුවේ තැන්පත් වී තිබුණා. 'මේගොල්ලෝ ඇවිත් ඉන්නේ රඟපාන්න නෙවෙයි. මරාගෙන මැරෙන්න. ඇක්ටින් කියලා මෙහෙම මිනීමරා ගන්නේ මොන රටේද? මෙහෙම ඇත්තටම ඔළුව පලා ගන්නේ මොන මෝඩයද? ඉන්දියානු කාර්මික අධ්‍යක්ෂවරයා අපට සිනාසුණා. ඒ වචනවල අනුකම්පාවත්, උපහාසයත් ගැබ්ව තිබුණා. 'අම්මා' චිත්‍රපටයේ රඟපෑ පර්ල් වාසුදේවි එක දර්ශනයකදී අස් රියක එල්ලී බිම දිගේ ඇදී යන්න තිබුණා. රියේ එල්ලුණු ඇය කුලප්පු වූ අසුගේ වේගයෙන් පිම්මේ ඇදී ගියා. ඇය අත අත් හැරියේම නෑ. ඇගේ දණිස්, දෙපා, මුහුණ මට්ටම් නොවී බේරුණේ අනූනවයෙන්.' 'මේගොල්ලෝ ඇවිත් ඉන්නේ මැරෙන්නම තමා' ඉන්දියානු කාර්මික අධ්‍යක්ෂවරයා කැමරා ශිල්පියාට කීවේය. චිත්‍රපටයේ සිත් කම්පා කරන දර්ශනය මම රඟපෑවේත් 'අම්මා' චිත්‍රපටයේ. මා අතින් බිළිඳු දරුවකු උදුරද්දී සිඟිත්තා උඩුමහල් තලයෙන් බිමට වැටෙන අවස්ථාවයි ඒ. මට මේ සිඟිත්තා බිම හෙළීමට හිත හදා ගත හැකිද? ඔහු වැටෙන්නේ පහළ බැඳ ඇති දැලකට තමා. එහෙත්? මට රඟපෑමට දුෂ්කර වූ එකම අවස්ථාව එයයි. ඇත්තෙන්ම එය හරියට එක පහරින් කිරීමට බැරිව ගියා. දරුවාගේ කෑගැසීම මට තවමත් ඇහෙනවා වගේ. ඒ හඬ පියෙකු වී සිටි මට තවමත් දුක් දෙනවා.' ඩී. ආර්. වඩාත් තෘප්තිමත් වූයේ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයන්ගේ ඇසුර නිසා 'කුරුලු බැද්ද' හා 'සිකුරු තරුව' චිත්‍රපටවල රඟපෑමට ලැබුණු අවස්ථා බව කීවේය.. මේ චිත්‍රපටයේ දෙමළ අධ්‍යක්ෂවරයකු යටතේ වුව ද නිර්ව්‍යාජ සිංහල ගැමි ඌරුව මතු කර ගැනීමට ඩී. ආර්. මෙන්ම කතා රචක පී. කේ. ඩී. හා නිෂ්පාදක ජෝන් අමරතුංග සමඟ කළ උත්සාහය සාර්ථක වී ඇත. 'අපි ගජසිංහ ආරච්චිලාගේ මිනිස්සු' යයි 'සිකුරු තරුවේ' කියන ගමේ කපටි ගම්මුලාදෑනියාගේ චරිතය තිරයේ මැවූ ඩී. ආර්. නානායක්කාරගේ අපූර්ව රංගනයට මුල්ම සරසවිය සම්මාන උලෙළේ දී(1964) හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. 'පැරැණි නළුවන්ට අලුත් යුගයේ තැනක් නැතැයි' යන මතය ඉන් බිඳ දැමීමට ඩී. ආර්. සමත් විය. මාව චිත්‍රපට රංගනයේ අලුත් මානයක් ලබා දුන්නේ පී. කේ. ඩී. සෙනෙවිරත්නයි. අනික ගැමි ජීවිතයේ අව්‍යාජ බව නිරූපණය කිරීමට තවත් ගුරුවරයෙක් හිටියා. ඒ ඇස්. ඒ. ජේමිස් ඉස්කෝලේ මහත්තයා. ඒ මහතා මගේ සිංහල උච්චාරණය ගැන මනා අවබෝධයක් ලබා දුන්නා. 'සිකුරු තරුව කරන කාලේ 'සිළුමිණ' කර්තෘ මීමන ප්‍රේ්මතිලක, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මමත් ගත කළ සුන්දර කාලය කවදාවත් ආපසු එන්නේ නෑ. මීමන කවියාගේ පුතා සරත් ප්‍රේමතිලක සිකුරු තරුවේ පුණ්‍යාගේ මල්ලීට රඟපෑවා. එතකොට සරත් ආනන්දේ ඉගෙන ගන්න ළමයෙක්. මම ඉහත කී මීමන, පී. කේ. ඩී. මානසිංහ සිටින තැන රස සාගරයක්. අපි ලන්දේ වෙලේ, දොලේ, ළඳු කැලෑවල ඇවිදිමින් මීවිත බොමින් ගත කළ කාලය මගේ ජීවිතයේ ලස්සන දවස්. ඒවා මතක් වන විට මට හැඬුම් එනවා. 'සරසවිය' පත්‍රයෙන් මට හුඟක් උදව් කළා. විමලසිරි පෙරේරා, නිමල් පෙරේරා අභයවර්ධන යන මහතුන් බව විශේෂයෙන් මතක් කළ යුතුයි. 'පරසතු මල්' චිත්‍රපටයේ මම රඟපෑ අමාරිස්ගේ චරිතය රඟපාන කොට ගම්පහ අග්‍රා නිවසේදී ගාමිණී, චිත්‍රා බාලසුරිය, පී. කේ. ඩී. එක්ක ගත කළ කාලය තවමත් මතකයි. මම මේ චිත්‍රපටයේ ගීතයක් ගයමින් නටන දර්ශනයක් තිබුණා. 'සිරිසඟ බෝධි රාජ මාළිගේ' මට නටන්න කියලා දුන්නේ චිත්‍රපටයේ මැගී ලෙස රඟපෑ සිරිමතී රසාදරී. මාව ජනප්‍රිය නළුවෙක් කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයා. 'බයිසිකල් හොරා' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දුන්නා. මේ චරිතයටත් මට හොඳම නළුවා ලෙස (1967) සරසවිය සම්මානය ලැබුණා' ඩී. ආර්. කීවේය. ඩී. ආර්. රඟපෑ චිත්‍රපට අතුරින් බිනරමලී (ආරච්චිල) බක්මහ දීගේ (පබුලිනාට ආදරය කරන නාකි ලියන මහත්තයා) චණ්ඩියා (බේබදු පියා) කතුරු මුවාත් (කතුරු මුවාත්කාරයා) කැපී පෙනෙයි. ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් ගේ ධ්දඤඪචදච බ්ධදඥඵ චදඤ ඊඩඥ ඊඥථනතඥ ධට ච්ධධථ චිත්‍රපටයේද ඔහුට අන්තිම කාලයේ රඟපෑමට ලැබුණි. විසිපස් වසරකට පසු එම චිත්‍රපටයේ ඩීවීඩී යුගලට ප්‍රකාශයක් කරන ස්පිල්බර්ග් ඩී. ආර්. ගේ විශිෂ්ට රඟපෑම මහ ඉහළින් අගය කරයි. අව්‍යාජ ගති පැවතුම් ඇති ඔහු කොතරම් ප්‍රවීණ හා ජනප්‍රිය නළුවෙකු වුව ද තම නිවස ඉදිරිපිට තිබූ නගර සභාවේ පයිප්පයෙන් දිනපතා ස්නානය කළ සරල මිනිසෙකි. ඔහු 1989 ජනවාරි 04 වෙනිදා ජීවිත සිනමාවෙන් සමු ගත්තේය.
|