වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




Road to Prestige

Road to Prestige

1966

අගෝස්තු 20

කොළඹ තුරඟ තරඟ පිටියේදී

- ප්‍රධාන ආරාධිත -

හින්දි නිළි නූටාන් හා ශෂිකලා, ෆිල්ම් ෆෙයාර් සඟරාවේ එවකට සංස්කාරක බී. කේ. කරංජියා, හින්දි නළු සුනිල් දත්

තෙවැනි සරසවිය සම්මාන උලෙළ

හොඳම චිත්‍රපටය - සාරවිට - ශේෂා පලිහක්කාර

හොඳම අධ්‍යක්ෂ - තිස්ස ලියනසූරිය - සාරවිට

හොඳම තිර රචක - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා - සාරවිට

හොඳම නළුවා - ජෝ අබේවික්‍රම - සාරවිට

හොඳම නිළියට සම්මාන ප්‍රදානය කොට නැත

හොඳම කැමරා අධ්‍යක්ෂ - ඩබ්ලිව්. ඒ. රත්නායක - සාරවිට

හොඳම සංස්කරණය - ටයිටස් තොටවත්ත - සාරවිට

හොඳම කලා අධ්‍යක්ෂණය - දයා කරුණාරත්න - සාරවිට

හොඳම සංගීත අධ්‍යක්ෂණය - සිසිර සේනාරත්න - හඳපාන

හොඳම ගීත රචකයා - මහගමසේකර - සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගෙ රටයි ගීතය

හොඳම ගායකයා - මොහිදීන් බෙග් - අල්ලපු ගෙදර චිත්‍රපටයේ පියා සලන ඉගිල්ලී ගීතය

හොඳම ගායිකාව - නන්දා මාලිනී - සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගෙ රටයි ගීතය

පාඨක ඡන්දයෙන් තේරුණු ප්‍රියතම සම්මානයන්

ප්‍රියතම නළුවා - ගාමිණී ෆොන්සේකා

ප්‍රියතම නිළිය - ජීවරාණි කුරුකුලසූරිය

ප්‍රියතම සහාය නළුවා - ඩොමී ජයවර්ධන

ප්‍රියතම සහාය නිළිය - සන්ධ්‍යා කුමාරි

ප්‍රියතම නළු චරිතය - ජෝ අබේවික්‍රම - සාරවිට

ප්‍රියතම නිළි චරිතය - විජිත මල්ලිකා - හඳපාන

ප්‍රියතම චිත්‍රපට කතාව - ඩබ්ලිව්. ඒ. සිල්වා විසින් රචිත කැලෑහඳ

ප්‍රියතම සංගීත අධ්‍යක්ෂණය - ඩබ්ලිව්. ඩී. අමරදේව

ප්‍රියතම ගීත රචක - කරුණාරත්න අබේසේකර

ප්‍රියතම ගායකයා - මිල්ටන් පෙරේරා

ප්‍රියතම ගායිකාව - රුක්මණී දේවි

පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපට:

අල්ලපු ගෙදර

චණ්ඩියා

හඳපාන

සාරවිට

යටගිය දවස

විශේෂ කුසලතා තිළිණයක් සාමා චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙනුවෙන් ජී. ඩී. එල්. පෙරේරාට පිරිනමන ලදී.

විනිශ්චය මණ්ඩලය:

එස්. එන්. බී. විජේකෝන්, නෙවිල් ජයවීර, පණ්ඩිත ගුණපාල සේනාධීර, ඩී. බී. අයි. පී. එස්. සිරිවර්ධන, ජෝර්ජ් වික්‍රමසිංහ, ආචාර්ය කේ. ඩී. පී. වික්‍රමසිංහ

සිව්වැනි සරසවිය සම්මාන උලෙළ


1967

ජූලි 05

කොළඹ රීගල් සිනමා ශාලාවේදී

- ප්‍රධාන ආරාධිත -

රාජ්‍ය ඇමැති ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එම මහත්මිය

හොඳම චිත්‍රපටය - සැනසුම කොතැනද - සෝමසිරි පෙරේරා

හොඳම අධ්‍යක්ෂණය - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්-දෙලොවක් අතර

හොඳම තිර රචනය - පී. කේ. ඩී. සෙනෙවිරත්න - පරසතු මල්

හොඳම නළුවා - ගාමිණී ෆොන්සේකා - පරසතු මල්

හොඳම නිළිය - අයිරාංගනී සේරසිංහ - ඔබ දුටුදා

හොඳම කැමරා අධ්‍යක්ෂණය - විලී බ්ලේක් - දෙලොවක් අතර

හොඳම සංස්කරණය - සුමිත්‍රා පීරිස් - දෙලොවක් අතර

හොඳම කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන - පරසතු මල්

හොඳම සංගීත අධ්‍යක්ෂණයට සම්මාන පිරිනමා නැත

හොඳම ගීත රචනය - කරුණාරත්න අබේසේකර - මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයේ සරවන බව ගීතය

හොඳම ගායකයා - ඩබ්ලිව්. ඩී. අමරදේව - සැනසුම කොතැනද චිත්‍රපටයේ සංසාර ගමනේ ගීතය

හොඳම ගායිකාව - සුජාතා අත්තනායක - පරසතු මල් චිත්‍රපටයේ පරවුණු මල්වල ගීතය

විශේෂ කුසලතා තිළිණ

ටෝනි රණසිංහ

සන්ධ්‍යා කුමාරි

ජීවරාණි කුරුකුලසූරිය

විනිශ්චය මණ්ඩලය:

ඒ. රත්නායක, ඩී. ජී. දයාරත්න, ඩබ්ලිව්. ජේ. ප්‍රනාන්දු, පාලිත වීරමන්, ලයනල් එදිරිසිංහ, බෝගොඩ ප්‍රේමරත්න, එල්. ඩී. ටී. ප්‍රේමරත්න

විනිශ්චය මණ්ඩලයෙන් තේරූ වසරේ හොඳම චිත්‍රපට 05

දෙලොවක් අතර

ඔබ දුටු දා

පරසතු මල්

සම්පත

සැනසුම කොතැනද

පාඨක ඡන්දයෙන් තේරූ ජනප්‍රිය සම්මාන

ජනප්‍රියම නළුවා - ගාමිණී ෆොන්සේකා

ජනප්‍රියම නිළිය - ජීවරාණි කුරුකුලසූරිය

පස්වැනි සරසවිය සම්මාන උලෙළ


1968

අප්‍රේල් 25

කොළඹ කාන්තා විදුහල් භූමියේදී

- ප්‍රධාන ආරාධිත -

අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා

හොඳම චිත්‍රපටය - සත් සමුදුර - ලීනස් දිසානායක

හොඳම අධ්‍යක්ෂ - සිරි ගුණසිංහ - සත් සමුදුර

හොඳම තිර රචනය - රෙජී පෙරේරා - සැඩොල් කඳුළු

හොඳම නළුවා - ගාමිණී ෆොන්සේකා - සොරුන්ගෙත් සොරු

හොඳම නිළිය - පුණ්‍යා හීන්දෙණිය - රන්සළු

හොඳම නළු චරිතය - එඩ්මන්ඩ් විජේසිංහ - සත් සමුදුර

හොඳම නිළි චරිතය - දෙනවක හාමිනේ - සත් සමුදුර

හොඳම කැමරා අධ්‍යක්ෂ - සුමිත්ත අමරසිංහ - රන්සළු

හොඳම සංස්කරණ ශිල්පී - ඩී. බී. නිහාල්සිංහ - සත් සමුදුර

හොඳම සංගීත අධ්‍යක්ෂණය - සෝමදාස ඇල්විටිගල - සත්සමුදුර

හොඳම කලා අධ්‍යක්ෂණය - ඩී. එන්. හෙට්ටිආරච්චි - දරුදුක

හොඳම ශබ්ද පරිපාලනය - මර්වින් රුද්‍රිගෝ - රන්සළු

හොඳම ගීත රචනය - මහගමසේකර - සත්සමුදුර චිත්‍රපටයේ සිනිඳු සුදුමුතු තලාවේ ගීතය

හොඳම ගායකයා - ඩබ්ලිව්. ඩී. අමරදේව - සත් සමුදුර චිත්‍රපටයේ සිනිඳු සුදුමුතු තලාවේ ගීතය

හොඳම ගායිකාව - නන්දා මාලිනී - සැඩොල් කඳුළු චිත්‍රපටයේ දසමස කුස දරා ගීතය

විශේෂ කුසලතා තිළිණ

ශාන්ති ලේඛා - රන්සළු

පියදාස ගුණසේකර - දරු දුක

ලිලියන් එදිරිසිංහ - දරු දුක

අනුලා කරුණාතිලක - රන්සළු

එච්. එල්. සයිමන් - රන්සළු නිෂ්පාදක

පාඨක ඡන්දයෙන් තේරූ ජනප්‍රිය සම්මාන:

ජනප්‍රිය නළුවා - ගාමිණී ෆොන්සේකා

ජනප්‍රිය නිළිය - අනුලා කරුණාතිලක

විනිශ්චය මණ්ඩලය:

මහාචාර්ය ගුණපාල සේනාධීර, ඩී. ජී. දයාරත්න, ටී. බී. ඉලංගරත්න, එස්. එෆ්. ද සිල්වා, රිචඩ් තේනබදු, ජෝන් රසල්, වින්සන්ට් පෙරේරා

විනිශ්චය මණ්ඩලයෙන් තේරූ වසරේ හොඳම චිත්‍රපට

දරු දුක සොරුන්ගෙත් සොරු

රෑන ගිරව් සැඩොල් කඳුළු

ඉපදුණේ ඇයි රන්සළු සත් සමුදුර