වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




නැතුව බැරි මිනිහෙක්

නැතුව බැරි මිනිහෙක්

මේ යුගයේ කාර්යබහුලම සහාය අධ්‍යක්ෂවරයා කවුද යන පැනයට ඇත්තේ එකම එක උත්තරයක් පමණයි. ඒ ඩොනල්ඩ් ජයන්ත. මේ ඩොනල්ඩ් දශක ගණනාවක් තිස්සේ සිනමා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්නේ ඉතාම වගකීමෙන්. අද වන විට ගෞරව නාම රැසකින් ද ඔහු පිදුම් ලබා තියෙනවා. ඩොනල්ඩ් පසුකාලීනව සිනමා අධ්‍යක්ෂවරයකු බවට ද පත් වුණා. ඒ ප්‍රවේගය හා මායා හරහා. ඩොනල්ඩ් ජයන්ත සිනමා ක්ෂේත්‍රයේ ඉහළ තැනකට ආවේ කට්ට කාලා. මහන්සි වෙලා. ඒ ගමන කාටත් වඩා හොඳින් දන්නේ සරසවිය. ඩොනල්ඩ්ට සරසවිය සලකන්නේ මිතුරෙක් හැටියට. සහාය අධ්‍යක්ෂණයෙන් නොනවතින ඩොනල්ඩ් එය තිරගත වීම දක්වා සියලු බර කරට ගන්නවා. ඒ විතරක් නොවේ අනුන්ගේ චිත්‍රපටවලදීත් එහෙමයි. මේ නිසා ඩොනල්ඩ් නැතුවම බැරි පුද්ගලයෙකු වෙලා තියෙනවා.