වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගමයයි ගම්පලයයි රිදී තිරයට

රයිගමයයි ගම්පලයයි රිදී තිරයට

තිස්ස නාගොඩවිතාන පුද්ගලික සමාගම ළමා පරපුරට ගෙන එන නවතම සිනමාපටයේ මංගල දර්ශනය පසුගිය ජුනි 01 දින බොරැල්ල රිට්ස් සිනමා ශාලාවේදී පැවැත්විණි. එය රයිගමයයි ගම්පලයයි සිනමාපටයයි. පැරැණි ජනකතා ඇසුරින් නව නිර්මාණයක් ලෙස ගෙන එන රයිගමයයි ගම්පලයයි තිර රචනය, ගීත රචනය, අධ්‍යක්ෂණය ලලිත් ප්‍රේමතිලකගෙනි. තිස්ස නාගොඩවිතාන, හරේන් නාගොඩවිතාන, දිලිනි සිල්වා නිෂ්පාදනයකි.

කැමරා අධ්‍යක්ෂණය බුද්ධික මංගල, සංස්කරණය අනුර බණ්ඩාර, අංග රචනය හෙන්රි ප්‍රේමරත්න, කලා අධ්‍යක්ෂණය හේමන්ත ජයලත්, සංගීතය ශාන්ත පීරිස්, සහාය අධ්‍යක්ෂණය අමිල පහතගෙදර, නිෂ්පාදන කළමනාකරණය උෂාන් පෙරේරා, විධායක නිෂ්පාදනය රොෂාන් සංජය හේරත්, පසුබිම් ගායනය ශාන්ත පීරිස්, කුමාර තිරිමාදුරගෙනි. රයිගමයයි ගම්පලයයි චිත්‍රපටයට සම නිෂ්්පාදනයෙන් දායක වන්නේ හර්ෂමාන පණ්ඩිතරත්න හා කුෂානි විජේසිංහයි. ගම්පලයයි රයිගමයයි ප්‍රධාන චරිත මවන්නේ කුමාර තිරිමාදුර හා ගිරිරාජ් කෞශල්‍යයි.

සෙසු චරිත මවන්නෝ පියුමි හංසමාලා, රෝහිත් මාන්නගේ, විජේරත්න වරකාගොඩ, ලක්ෂ්මන් අමරසේකර, මල්කි ප්‍රනාන්දු, ඉසුරු නිවෝද්‍යයි. මේ මංගල දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි.