වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




මට හින්දි look එකක් තියෙනවා කීම සතුටක්

මට හින්දි look එකක් තියෙනවා කීම සතුටක්

ටනාෂා හතරසිංහ

නීල පබළු - කුරුලු
ඒ ඇයයි.

නම ටනාෂා හතරසිංහ. දිගු කාලයකට පසු ඇය ටෙලි සිතුවමක් හරහා ඔබ සමීපයට ඇවිත්.

ටනාෂා ඔබට ටෙලි අරහං වගේ?

ඇත්තම කිව්වොත් ටෙලිවල රඟපාන්නේ නැහැ කියලයි හිතාගෙන හිටියේ. නමුත් නීල පබළු සඳහා මට කැමැති වෙන්න සිදු වුණා.

හේතුව?

ඒකෙ චරිතයට මං ප්‍රියයි. කුරුලු තමයි නම. කුරුලු කියන්නේ අහිංසසක තරුණියක්. පසුව එම ගතිගුණ සේරම කන පිට පෙරළෙනවා.

ඒ කියන්නේ ඔබට රඟපාන්න දෙයක් තියෙනවා?

ඊටත් වඩා මං කැමැති ඒ චරිතයට. ඒකයි නාට්‍ය බාර ගත්තේ.

කොහාමද ඔබට කුරුලුව ලැබෙන්නේ?

මං ජූනියර් සුපර් ස්ටාර් තරගාවලිය ප්‍රසන්ට් කළා. ඒකෙදී මාව දැකලා තිබුණා නිල්වලා ආයතනයේ ලලිත් වසන්ත මහත්මයා. ඔහු තමයි මට නාට්‍යයට කතා කළේ.

ඔබ රඟපෑ චිත්‍රපට තුනක් තිරගත වෙන්නට නියමිතයි නේද?

ඔව්. බඹර වසන්තයක්, පුංචි විරයෝ සහ රජ දහන.

අඩුවෙන්

ටෙලිවල හිටියට චිත්‍රපටවලට නම් ඔබ බැහැ කියන්නේ නැහැ වගෙයි?

ඒක හරි. මගේ වැඩි කැමැත්ත තියෙන්නේ චිත්‍රපට රංගනයට. මගේ වෘත්තීය මෝස්තර නිරූපණය. ඉතින් චිත්‍රපටල රඟපාද්දී මට මගේ වෘත්තීය වෙනුවෙන් කාල කළමනාකරණය කරගන්න හරි ලෙහෙසියි.

ඇයි ඔබ වෘත්තීමය නිරූපිකාවක් වුණේ?

ඒක මගේ කැමැත්ත. ඒ වගේ වෘත්තීයක් හැමෝටම කරන්න බැහනෙ. හැකියාව සහ මට ලැබෙන තෘප්තිමත්භාවය නිසා මං ඒ වෘත්තීය තෝරා ගත්තා.

නිරූපිකාවක විදියට මොන වගේ වෙලාවන්වලදී ද ඔබ කාර්යබහුල වන්නේ?

සති අන්තයේ තමයි ගොඩක් වැඩ වැටෙන්නේ.

නිරූපණ ශිල්පිනියන් පිළිබඳ සමාජයේ ඇත්තේහොඳ මතයක් නෙවෙයි?

ඒක අපිට වෙනස් කරන්න බැහැ. කෙතරම් මොන දේ කිව්වත් අපි හරියට වැඩ කරගෙන ගියා නම් ප්‍රශ්නයක් නැහැනෙ.

නිරූපිකාවක ලෙසින් කටයුතු කරද්දී ඔබ දෙස කිසියම් කෙනෙක් වැරැදි විදිහට බැලුවොත් ඔබ මොකද කරන්නේ?

ඇත්තෙන්ම කිව්වොත් මේ වනතෙක් කවුරුවත් මගේ දෙස ඒ අන්දමින් බලලා නැහැ. ඒක නිසා මට ඔය ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න බැහැ.

නීලපබළු නාට්‍යයේ රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන ඇත්දැකීමක් ගැනයි මං

ඊළඟට අහන්නේ?

විශේෂ දෙයක් නැහැ. අපේ කට්ටියත් එක්ක රඟපාන සෑම අවස්ථාවක්ම අමතක වෙන්නේ නැහැ. රයන්, ජනිත්, සුමිරාන් අයියලා හරි විහිළුවෙන් සෙට් එකේ ඉන්නේ. රඟපානවද කියලා හිතෙන්නේ නැහැ.

ඔබට හින්දි ලුක් එකක් තියෙනවා කියලා කවුරුවත් කියලා නැතිද?

එහෙම කියලා තියෙනවා. නිල්වලා එකේ ලලිත් අයියා මාව කමර්ෂල්වලින් දැකලා ඔය කතාවම කිව්වා. සතුටුයි ඉතින් එහෙම කියන කොට.

ටනාෂා රඟපාන්න කැමැත්තෙන් ඉන්න අධ්‍යක්ෂවරයකු සිටිනවාද?

උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ චිත්‍රපටයක රඟපාන්න ආසයි.

ඔබ මෙතෙක් ආසවෙන්ම රඟපෑ චරිතය මොකක්ද කියලා මං ඇසුවොත්?

රජ දහන චිත්‍රපටයේ නිෂාදි. ඒක කලාත්මක ගනයේ චිත්‍රපටයක්. නිෂාදි කියන්නේ වෙනස්ම විදිහේ චරිතයක් මට ලැබුණු. ඒ ගැන මං තෘප්තිමත්.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දෙන්න බලන්න?

මං පාඩුවේ ඉන්න කෙනෙක්. කාටවත් කරදරයක් නැති.

මේ වනවිට පෙම්වතියක්ද?

ඒකට උත්තරේ නැහැ කියන එක.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

නීලපබළු අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මහත්මයාට ස්තූති කරනවා. ඒ වගේම සිරස ටීවී ආයතනයට, නලින් රාජපක්ෂ සහ මගේ මවුපියන්වත් මේ වෙලාවේ මතක් කරන්න කැමැතියි.