වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ පායයි

වස්සානයේ සඳ පායයි

සොඳුරු ළෙන්ගතු මිනිස් සබැඳියාවන් ඔස්සේ ආදරය හා ජීවිතය පිළිබඳ අපූර්ව සිනමාපටයක ආශ්වාදය විඳ ගන්න පසුගිය දින අපට හැකි විය. මධුර චාරිකාවෙන් පසු උදයකාන්ත වර්ණසූරිය රැගෙන එන නවතම ආදරණීය සිනමා චාරිකාවෙනි. ඒ වස්සානයේ සඳ සිනමාපටයයි. එහි මංගල දර්ශනය පසුගිය දින කොළඹ රීගල් සිනමා ශාලාවේදී චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනාරත්න ඇතුළු කලාකරුවන් පිරිවරාගෙන පැවැත්විණි.

සිංහල සිනමාවට නව අරුත් තේමාවක් කර ගනිමින් සිනමාපට 20 ක් පමණ නිර්මාණය කළ උදයකාන්ත මෙදින ද විශේෂ කටයුත්තක් සිදු කළහ. ඒ නවතම සිනමාපටයේ කතා සාරාංශය කරගත් නවකතාව, තිර පිටපත, ගීත ඇතුළත් සංයුක්ත තැටිය දොරට වැඩීමෙනි. එහි ප්‍රධාන දෙසුම ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගමත්, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙනියත් සිදු කළහ. වස්සානයේ සඳ එච්. ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ. බණ්ඩාර, උදයකාන්ත වර්ණසූරියගේ සම නිෂ්පාදනයකි. කතාව, තිර රචනය හා අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසූරියගෙනි. මේ මංගල දර්ශනයේ ඔබ නුදුටු තැන් සොයා සරසවිය කැමරා ඇස රැන්දූ තැන්ය.