වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




දේශීය සිනමාවේ යෝධ පිම්මක් අපේ චිත්‍රපට සිංගප්පූරුවට

දේශීය සිනමාවේ යෝධ පිම්මක් අපේ චිත්‍රපට සිංගප්පූරුවට

2 වැනිදා යශෝධරා සමඟ ඇරැඹේ

ශ්‍රී ලාංකික සිනමාව යෝධ පියවරක් ඉදිරියට තබමින් දේශීය චිත්‍රපට සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කිරීමට කානිවල් මූවිස් ලංකා සමාගම පියවර ගනියි. ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු පියවර වශයෙන් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ යශෝධරා සිනමාපටය සිංගප්පූරුවේ කානිවෙල් සිනමාස් හි ජූනි මස 02 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ වෙයි.

ශ්‍රී ලංකාව හොලිවුඩ් බොලිවුඩ් දමිළ හා යුරෝපීය චිත්‍රපට ආනයනය කරනු ලබන කානිවල් මූවිස් ලංකා සමාගම මෙරටට චිත්‍රපට ගෙන්වීමට අමතරව මෙරටින් එතෙරට දේශීය චිත්‍රපට යැවීම ද අතිශය වැදගත් කොට සලකයි. මෙම මහඟු කර්තව්‍ය තුළ සිය සමාගමේ පුරෝගාමී දායකත්වය වනුයේ යශෝධරා චිත්‍රපටය සිංගප්පූරුවේ ප්‍රදර්ශනය කිරීමේ කාර්යයි. කානිවල් මූවිස් ලංකා සමාගමට අනුග්‍රහය ලබා දෙන්නේ කානිවල් සමූහ ව්‍යාපාරයේ සභාපති වන ආචාර්ය ශ්‍රීකාන්ත් භාෂ් විසිනි.

සරසවි සිනෙරු වෙනුවෙන් යශෝධරා චිත්‍රපටය නිෂ්පාදනය කළේ එච්. ඩී. ප්‍රේමසිරි විසිනි. පල්ලවී සුභාෂ් සමඟ අර්පිත් චෞද්රි ප්‍රධාන චරිත මැවූ මෙහි දිනෙත් ද සිල්වා, සංගීතා තදානි, අජිත් වීරසිංහ, උදාරි පෙරේරා සෙසු චරිත රංගනයෙන් දායක විය. බිම්බා දේවි හෙවත් යශෝධරා මහාචාර්ය සුනිල් ආරියරත්නගේ අධ්‍යක්ෂණයකි.