වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




මේ ස්වරය සිනමාවට

මේ ස්වරය සිනමාවට

ලක්ෂ්මන් විජේසේකර නමැති කලාකරුවා අංශ කිහිපයක් යටතේ දස්කම් දැක්වූ අයකු බව අමතුවෙන් කියන්න ඕන නැහැනෙ. කාලයක් හෙතෙම රංගන ශිල්පියකු විදියට කැපී පෙනුණා. සුභාවිත ගීතයේ උන්නතිය වෙනුවෙන්ද ක්‍රියා කළ ඔහු රසාලිප්ත ගීත ගොන්නක් ද අප වෙත තිළිණ කළා. මේ කෝක වෙතත් සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් වඩාත් කැපී පෙනුණේ නැති තරම්. ඒ නිහඬතාවය බිඳිමින් සිනමාපටයක සංගීත අධ්‍යක්ෂණය කිරීමට ලක්ෂ්මන්ට ආරාධනා ලැබිලා තමයි මිස් ජෙනිස් තමයි ඒ සිනමා සිතුවම. වෙනස්ම ආකාරයකින් ඔහු එහි සංගීත කටයුතු මේ වනවිට නිම කරමින් සිටිනවා.

ඒ හරහා ලක්ෂ්මන්ගෙ ස්වර රටාවල සුන්දරත්වය තම නොබෝ දිනකින් අසා රසවිඳිය හැකියි. ඒ වගේම නිහඬ නොවී සිට තව තවත් එවන් වූ නිර්මාණ බාරගෙන සංගීත නිමැවුම් කරනවා නම් ලක්ෂ්මන්ට ළැඳි බොහෝ දෙනෙකු සතුටු වේවි.