වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




8 වන සාක් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය බංග්ලාදේශයට

8 වන සාක් සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය බංග්ලාදේශයට

අධ්‍යක්ෂණය ප්‍රසන්න ජයකොඩිට

28 දවස් දෙකක් ඇතුළත වාර්තාවක්

සාක් කලාපීය රටවල් අතර පවත්වනු ලබන සිනමා උලෙළ සහ සම්මාන පිරිනැමීම පසුගිය දින පැවැත්විණි. ඒ ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී සිනමා ශාලාවේදීය. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සිතේන්ද්‍ර සේනරත්න ඇතුළු ආරාධිතයන්ය. 8 වන වරටත් පවත්වනු ලැබූ සිනමා උලෙළ සඳහා මෙවර සාක් කලාපීය රටවල් 8 අතරින් රටවල් 6 ක් ඉදිරිපත් විය. ඇප්ඝනිස්ථානය, නේපාලය ඉදිරිපත් නොවීම කැපී පෙනුණි. ඉදිරිපත් වූ රටවල් 6 අතරින් සිනමාපට 26 ක් උලෙළට ඉදිරිපත් කර තිබුණි. ඒ දීර්ඝ චිත්‍රපට අංශය හා කෙටි චිත්‍රපට අංශය සඳහාය. ඉදිරිපත් කළ චිත්‍රපට 26 අතරින් ජූරියේ සම්මාන 12 ක් මෙවරද පිරිනමන ලදී. ජූරි සභිකයන් ලෙස කටයුතු කළේ පිලිපීනයේ AMABLE TIKOY AGUILUZ, දකුණු කොරියාවේ HAN SUNHEE, ඉතාලියේ PAOLO BERTOLIN  යන රටවල් නිියෝජනය කළ සිනමාවේදීන්ය. මෙවර සම්මාන උලෙළේ සම්මාන හිමි වූ අයුරුයි මේ.

ජූරියේ සම්මාන පිරිනැමීම:

1. ඉන්දියාවේ සිතිජ් චිත්‍රපටය වෙනුවෙන් මනෝජ් කාදම්

2. ශ්‍රී ලංකාවේ බහුචිතවාදියා - මාලක දේශප්‍රිය

3. හොඳම සංගීතය - හල්දා චිත්‍රපටය - බංග්ලා දේශය - තකීර් අහමඩ් සහ පින්තෝ ගෝස් - සන්සිදා මහමුඩ් නන්දිතා

4. හොඳම ශබ්ද පරිපාලනය - ශ්‍රී ලංකාව - සශික රුවන් මාරසිංහ - බහුචිතවාදියෝ

5. හොඳම සංස්කරණය - හල්දා චිත්‍රපටය - අමිත් දෙබ්නාත් - බංග්ලා දේශය

6. හොඳම කැමරාකරණය - ඉනාමුල් අයික් සොයෙල් -බංග්ලා දේශය - හල්දා චිත්‍රපටය

7. හොඳම තිර රචනය - ඉන්දියාව පූර්ණා චිත්‍රපටය - ප්‍රශාන් පාණ්ඩේ සහ ශ්‍රෙයා දේව් වර්මා

8. හොඳම කෙටි චිත්‍රපටය - ඉන්දියාව - ජී - කුන්ජිලා මසිලමනී

9. හොඳම නිළිය - ෂිතිජ් චිත්‍රපටය - වෛෂ්නාවී ටාන්ඩේ - ඉන්දියාව

10. හොඳම නළුවා - 28 - ශ්‍රීලංකාව - මහේන්ද්‍ර පෙරේරා

11. හොඳම අධ්‍යක්ෂණය - 28 - ශ්‍රී ලංකාව - ප්‍රසන්න ජයකොඩි

12. හොඳම චිත්‍රපටය - හල්දා චිත්‍රපටය - බංග්ලා දේශය මෙවර සම්මාන හිමි කර ගත් චිත්‍රපටයි

මෙවර සෙනසුරාදා පැවැත් වූ දෙරණ සිනමා උළෙලේ දී හොඳම අධ්‍යක්ෂණයට පාත්‍ර වූ ප්‍රසන්න ජයකොඩි ඉරිදා පැවැති සාක් සිනමා උලෙළේදී ද හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ද්විත්වයම දිනා ගැනීම විශේෂත්වයකි.