වර්ෂ 2018 ක්වූ  මැයි 31 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා දෙවොලක්

සිනමා දෙවොලක්

මේක සිනමාහලක්ද, ආගමික ස්ථානයක්ද එක පාරටම බැලුවම හිතාගන්න බැහැ. චිත්‍රපට දෙකක කටවුට් දෙකකි. එක්ක වෛශ්නාවි චිත්‍රපටයේ. වෛශ්ණාවි කියන්නෙ ආදරයේ දෙව්රුව. අනෙක් චිත්‍රපටය බිම්බාදේවි හෙවත් යශෝධරා බෞද්ධ කතාවක්. රීගල් සිනමා ශාලාවේ තමයි මෙම සිනමා කටවුට් යුවළ තිබුණේ. අප කර්තෘතුමන් මේක දැකලා වහාම නිශ්ශංක විජේරත්නට කිව්වා ඡායාරූපයක් අරගෙන එන්න කියලා. ඒ සේයාරුව තමයි මේ තියෙන්නෙ. කටවුට් දැක්කාම රීගල් සිනමාශාලාව හරියට සිනමා දෙවොළක් වගෙයි දැන්.