වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




අවධානය පිණිසයි

අවධානය පිණිසයි

රන්ජන් රාමනායකට ඇමැතිකමක් ලැබුණට පසුව බෙහෙවින් කාර්යබහුල පුද්ගලයකු වුණා. තමන්ගේ ආසනයේ ඇවිද ඇවිද එහි ඇති අඩුපාඩුකම් සොය සොයා ඒවාට පිළියම් යොදන හැටි අපි දුටුවේ ෆේස්බුක් හරහා. රන්ජන් සිය ෆේස්බුක් පිටුවේ නිතරම එවන් වූ පින්තූර අප්ලෝඩ් කරනවා. මේ කියන්න හදන්නේ රන්ජන් ගැන වැඩි දෙනෙකු නොදන්න කතාවක්.

බොහෝ අය තනතුරු වරප්‍රසාද ලැබුනායින් පසුව ටිකක් ඔළුව ඉදිමුවා ගන්නවා. ඒ අතරින් තවත් අය තමන්ගේ ජංගම දුරකථනයට එන්නෙත් නැහැ. රන්ජන් එහෙම නැහැ. ඔහුගේ පෞද්ගලික දුරකථනයට එන සෑම අමතුමකටම පිළිතුරු දෙන්නේ රන්ජන්. ඒ වගේම රන්ජන්ට වැඩි දෙනෙකු තමන්ගේ දුක කියන්නේ ජංගම දුරකථනයට කතා කරලා. තැනක් නොතැනත් නොබලා රන්ජන් ඒවාට හැකි පමණින් විසඳුම් සොයලා දෙනවා. ඇත්තටම ඒ දේ අගය කළ යුතුයි. මොනවා වුණත් රන්ජන් කලා කටයුතුවලින් මඳක් ඈත්ව සිටීම නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලයි අපේ විශ්වාසය.

රන්ජන් තුළ සිටින කලාකරුවාව නැවත අවදි කළොත් හොඳයි කියලා රන්ජන්ගේ රසිකයෝ අපට නිතරම කියනවා. මේවා කිව්වේ රන්ජන්ගේ අවධානය පිණිසයි.