වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




Big R ගේ සුබපැතුම්...

Big R ගේ සුබපැතුම්...

ලසන්ත උඩුකුඹුර හෙවත් අපේ ෆේස් බුක් අයියා ළඟදී ගියා උත්සවයකට. එතැනට රවීන්ද්‍ර රන්දෙණියත් ඇවිත් හිටියා. රවීව දුටුව ගමන් ලසන්ත දුවලා දුවලා ඇවිත් කොහොමද සර්? කියලා ඇහැව්වා.

මං තමුන්ව මුණ ගැහෙනකම් හිටියේ . . .

රවී එහෙම කිව්වා.

ඇයි සර්?

ලසන්ත තක්කු මුක්කු වුණා.

මොනවද බං මේ කරන වැඩ?

රවී සැරෙන් වගේ කියද්දී ලසන්තගේ මුහුණ මාර විදිහට අප්සට් වුණා.

බය වුණා නේද? මං ඔයාව මුණ ගැහෙනකම් හිටියේ සුබපතන්න. උතුම් පැතුම් නාට්‍යයේ ඔයාව දකිනකොට මං කල්පනා කළා මේ කවුද මේ කියලා. පස්සෙනෙ මතක් වුණේ මේ අපේ ලසන්ත කියලා. ඇත්තටම නියමයි, මගෙන් සුබපැතුම්.

රවී නිහතමානීව ලසන්තව අගයද්දී ලසන්ත කූල් වුණේ හිනාවක් ද සමඟයි.