වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




Fun Music
මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk  ඔස්සේ නැරඹිය හැකිය
Fun Music

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

මලිත් කලකට පසුව

නිල් තරු එළි දෑසේ
රෝස කොපුල් පහසේ
උණුහුම සොයන දෙතොල්
සිහින් සරින් රහසේ
ආදරේ මට දැනී, හාදු දී හෙමි හෙමින්
ඔබ ආවා

ගායනය - මලිත් පෙරේරා

පද රචනය - ජගත් පෙරේරා

සංගීතය - දමිත් අයෝධ්‍ය

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - අජන්ත ඒකනායක

මෙය මලිත් පෙරේරාගේ නවතම ගීතය වේ. සංගීත ක්ෂේත්‍රයෙන් මඳක් ඈත් වී විදෙස්ගතව සිටි මලිත් නැවතත් මෙරටට පැමිණ සංගීත කටයුතු ඔබ ආවා ගීතය සමඟින් ආරම්භ කොට තිබේ.

 

දුක නෙතේ පුරවලා

දුක නෙතේ පුරවලා
ඉන්න නම් සතුටින් ඔයා
මේ වගේ තවෙකුටත්
වේදනා දෙන්නෙපා
 

ගායනය - ජුඩ් රොගෑනස්

පද රචනය - ඩිලන්ක ගයන්

සංගීතය - චන්දන වල්පොල

මියුසික් වීඩියෝවේ ඉදිරිපත් කිරීම - හරි ක්‍රියේෂන්

මෙය ජූඩ්ගේ නවතම ගීතයයි. හොරෙන් බලා කියාපාන දේට වඩා, රෝස දෙතොලින් ලියනා ආදී ගීත ගැයුවේ ඔහු විසිනි.

 

බ්‍රියන්ගේ නෙතු මගේ

නෙතු මගේ බොඳ වුණා
රත්තරං කෝ ඔයා
ආදරේ මේ තරම් ඇයි වේදනා
 

ගායනය - බ්‍රියන් රෝස්

පද රචනය - චතුර රත්නායක

සංගීතය - ශෙනාල් මද්දුමගේ

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - චතුර රත්නායක, ශෙනාල් මද්දුමගේ

 

දිගු කලකින් ලක්ෂ්මන්

මේ දුප්පත් හිත තවමත් ඔබගෙයි
වෙනසක් නෑ පෙර වාගෙමයි
නෑ තරහක් නම් ඔබට සිතින්
ඔබ සතු පව් මා සතු වෙයි
 

ගායනය - ලක්ෂ්මන් හේවාවිතාරණ

පද රචනය - සත්සර කසුන් පතිරණ

සංගීතය - විරාජ් පෙරේරා

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - සත්සර කසුන් පතිරණ

දිගු කලකට පසු ලක්ෂ්මන් ඉදිරිපත් කළ මියුසික් වීඩියෝව වන මෙය විරහා ගීතයකි. ජාඇල මිලේනියම් සිටි අවට මෙහි රූගත කිරම් සිදුකොට ඇත.