|
ඩ්‍රයිවිං බැරි වුණත් අත් ට්‍රැක්ටර් පැදෙව්වාAnuradha kurukulasuriya
ඇත්තටම ඔහු යටතේ රඟපෑමට මගේ හීනයක් තිබුණා. ඕලු, චාතුර්යා වගේ ෂර්ලි අයියා කරපු බොහෝ නාට්‍ය මං ඉවර වෙනකම්ම බැලුවේ බොහොමත්ම ආසාවෙන්. අනේ මටත් මේ අධ්‍යක්ෂවරයා යටතේ රඟපාන්න ඇත්නම් කියලා හිතුණා.
පෝටාවැටියේ දෙව්මිණි
අනුරාධා පෝටාවැටිය නිසා ඔබ ගැන යළිත් කතා කරන්නට පටන්ගෙන? ඔව්. ඔබ කිව්වා වගේ සමහරු මම ආයෙ රඟපාන්න ආවද කියලා අහනවා. ඉඳලා ඉඳලා මෙහෙම නාට්‍යයක් විකාශය වීමේ වටිනාකම කොච්චර ද කියලත් දැනෙනවා. පෝටාවැටිය ඔබේ අවසන් ටෙලි සිතුවමද? නැහැ. මං අන්තිමයට රඟපෑවේ පුංචි වලව්ව නාට්‍යයේ. දෙව්මිණි කියන්නේ අභියෝගාත්මක චරිතයක්? ඔව්. එයා ගන්න හැම තීරණයකටම බාධා එනවා. ඒත් ඇය ඒවාට හොඳින් මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි, අත් ට්‍රැක්ටර් පදවන්නත් ඉගෙන ගන්න වුණානේ? මට මේ චරිතයට කතා කරද්දීම ෂර්ලි අයියා ඇහැව්වා ඩ්‍රයිවිං පුළුවන් ද කියලා. එතකොට මට වාහනයක්වත් පදවන්න බැහැ. ඒත් මම කිව්වා අත් ට්‍රැක්ටර් පදින්න ඉගෙන ගන්නම් කියලා. පැය තුනක් ඇතුළත ගමේ මල්ලි කෙනෙක්ගෙන් මං ඒක පදවන්න ඉගෙන ගත්තා. ඊට පස්සෙ හරි. එක සැරයක් ඔබ ඉන් වැටුණලු නේද? එහි ක්ලච් එක පාවිච්චි කරන්න ඕන හරි පරිස්සමින්. මට ක්ලච් එක මාරුවෙලා මං කෙළින්ම බිමටම ඇදගෙන වැටුණා. ෂූටිං පවා නැවැත්වුවා. අද වන විට රංගනයෙන් ඈත් වීම ගැන ඔබට දොම්නසක් ඇති? ඇත්තටම එහෙම හිතෙනවා.
අනේ නැහැ. මට ඔහු එහෙම කවදාවත්ම කියලා නැහැ. අදටත් ඔහු කියනවා පෝටාවැටිය එහෙම නරඹද්දි ආයෙ රඟපාන්න යන්න කියලා. මං විවාහයෙන් පසුව පවුල් ජීවිතයට මුල් තැන දෙනවා කියලා හිතාගෙන හිටපු කෙනෙක්. එහෙම්මම කළා මං. පෝටාවැටිය රඟපාන්න ගිහින් ඔබගේ ජීවිතයට එකතු කරගත් අත්දැකීම් මොනවාද? ඔය ගැන ඔබ අහපු එකම හොඳයි. පෝටාවැටියේ ෂූටිං තිබුණේ බලංගොඩ කල්තොට කියන ගමේ. එහි ඉන්න මිනිස්සු හරිම සරලයි. අවශ්‍යතා හරිම සීමිතයි. ඒ වගේම අතිශය දුෂ්කර ජීවිතයක් ඇතැමුන් ගෙව්වේ. ඒත් එයාලගේ හිතේ සතුට මහමෙර තරම් උසයි. ජීවිතයේ උතුම්ම සැපත ඒකනෙ. අපිට හරිම අඩුවෙන් ලැබෙන දෙයක් ඔවුන් සරල ජීවිත ගත කරමින් විඳිනවා. මම ෂූටිං ඉවර වෙලා කල්පනා කළේ සරලව ජීවත්වීමෙන් කොපමණ දේවල් ජීවිතයට ලැබෙනවාද කියලා. ෂර්ලි පී. දෙලංකාවල වගේ අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්න ලැබීම ගැන මොනවද හිතෙන්නේ? ඇත්තටම ඔහු යටතේ රඟපෑමට මගේ හීනයක් තිබුණා. ඕලු, චාතුර්යා වගේ ෂර්ලි අයියා කරපු බොහෝ නාට්‍ය මං ඉවර වෙනකම්ම බැලුවේ බොහොමත්ම ආසාවෙන්. අනේ මටත් මේ අධ්‍යක්ෂවරයා යටතේ රඟපාන්න ඇත්නම් කියලා හිතුණා. ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මා හරහා මට පෝටාවැටිය නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා වුණා. ඒ කියන්නේ මගේ ජීවිතයේ තවත් එක් හීනයක් සැබෑ වුණා කියන එක. දර්ශන තලයේදී අධ්‍යක්ෂවරයාගෙන් බැනුම් ඇහැව්වේ නැතිද? මං ෂර්ලි පී. දෙලංකාවල කියන තැනැත්තා දර්ශන තලයේදී වැඩ කරන අන්දම ගැන මනෝ චිත්‍රයක් මවාගෙන ගියේ. ඒත් ඊට හාත්පසින්ම වෙනස්වයි ඔහු හිටියේ. මං ටිකක් බය වුණා. ඒ තත්ත්වය මත මට ඔහු කියන දේවල් මුලදි පැහැදිලි වුණේ නැහැ. ඊට පසුව සුපිරි බැනුමක් ඇහැව්වා. ඔන්න ඊට පස්සෙ හරි. ඒ ගැම්මට දිගටම රඟපෑවා. කොහොමද විවාහ ජීවිතයේ විස්තර? බොහොම සතුටින් සාමයෙන් විවාහ ජීවිතය ගත කරනවා. විවේක තියෙන වෙලාවට දෙන්නා එක්ක එළියට යනවා. ඒ අතරේ පුංචි ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් සැලසුමක් තියෙනවා. ආයේ ඔබ රඟපාන්නේ කොයි කාලයේද? නාට්‍ය හතරකට ආරාධනා ලැබුණා. ඒත් අර ව්‍යාපාර කටයුත්ත නිසා ඒවා ගැන පසුවට හිතන්නයි අදහස් කරගෙන ඉන්නේ. මේ කාර්යබහුලකමින් මිදිලා ආයෙත් හොඳ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට එන්න හිතාගෙන ඉන්නවා. |