|
ඉසුරු වීරසිංහ මුදලිගෙන් තවත් අත්දැකීමක්බිහිසුණු හෝරාවක දකින අමුතු චිත්‍රය
මෙම බංගලාවේ නිතර වසා දමා ඇති කාමරයකි. දැරියන් දෙදෙනාගෙන් බාල දියණිය මෙම නිවසෙහි කාමරයක නිදා සිටින අතර යම් ශබ්දයක් ඇසී නින්දෙන් නැගිට පිට වෙයි. එක වරම ඇගේ කාමරයේ දොර වැසෙන අතර ඇය බිය වී නැවත නිදා ගනියි. මෙම බංගලාවේ මෙහෙකරුවාගේ කුඩා පිරිමි දරුවකු ඇය හා කුලුපඟ වෙයි. දෙදෙනා සෙල්ලම් කරති. පසුදා රාත්‍රියේ ද පෙර පරිදිම ශබ්දයක් ඇසී දරුවා නින්දෙන් කාමරයෙන් පිටව යයි. ඇය කෙළින්ම වසා දමා ඇති කාමරය දෙසට ගමන් කරයි. ඇය එතැනට යනවිට එම කාමරයේ දොර විවෘතව ඇත. ඉන් තද ආලෝක කදම්බයක් විහිදෙයි. දැරිය කාමරයට ඇතුළු වන්නට සැරසෙත්ම කිසිවකු ඇයව නවත්වයි. ඒ ඇගේ අම්මාය. අම්මා පසුදා පිටත්ව යන්නේ තාත්තා කැඳවාගෙන එන්නටය. තනිව සිටි සැරිය බංගලාවෙහි ඇවිදියි. වසා දමා ඇති කාමරයෙහි දොර යළිත් විවෘතව පවතියි. ඇය ඊට ඇතුළු වෙයි. එතුළ පැරැණි චිත්‍ර රාශියකි. ඇය ඒවා දෙස ඉතා ඕනෑකමින් බලයි. ඉන් එක චිත්‍රයක විශේෂත්වයක් ඇය දකියි. එය බංගලාවෙහි ඇති රහස් සිතුවමය. පෙර ගැහැනු ළමයා වූ එමා අතුරුදන්වීමෙහි පිටුපස ඇත්තේ ද මෙම චිත්‍රයය. මෙම කතා පුවත අන්තර්ගත සිනමා සිතුවම නම් කොට ඇත්තේ පපාස් හවුස් යනුවෙනි. කලර් සිනමාපටය ඔස්සේ අධ්‍යක්ෂවරයකු ලෙස කල එළියට ආ ඉසුරු වීරසිංහ මුදලි පපාස් හවුස් හි අධ්‍යක්ෂවරයාය.
හේමසිරි ලියනගේ, රිචඩ් මානමුලි, ඕෂධී හේවාමද්දුම, ත්‍රිකලා ධරණි, ජානවී අප්සරි අබේවර්ධන, ප්‍රභාෂ් දිලීපන්, මල්කා චන්චරා, නිමල් ජයසිංහ කැමරා අධ්‍යක්ෂණය - ගයාන් ශානක මුහන්දිරම් සංස්කරණය - ශාන් අල්විස් සහාය අධ්‍යක්ෂණය - ඉඳුනිල් දැරණියගල කලා අධ්‍යක්ෂණය - කසුන් රජීව අංග රචනය - තාරක අධිකාරි තිර රචනය - ඉසුරු වීරසිංහමුදලි නිෂ්පාදනය - ඉනෝකා පෙරේරා |