|
නොමැති වස්තුවක් කොල්ල කෑමට වෙර දරන දෙපිලක්කෝමාලි කිංස්කිං රත්නම් කුළුඳුල් සිනමා නිර්මාණය
එයට ප්‍රධානම හේතුව වුයේ සිවාට එතරම් සල්ලිය බාගය නොමැති බැවින්ය. මේ අතරවාරයේ සිවාගේ දුරින් නෑ කෙනෙකු වන පැට් නමැති තරුණයකු සිවාගේ නිවසෙහි නවාතැන් ගැනීමට පැමිණෙන්නේය. පැට් සිටියේ එංගලන්තයේය. ඒ රටේ පැලැන්තියට හැඩ ගැසුණු ඔහු සිවාගේ නිවසෙහි නවාතැන් ගත්තේය. පැට්ගේ පැමිණීමත් සමඟම සිවාට යම් අදහසක් පහළ වන්නේය. ඒ පැට්ගේ මුදල් හදල් තමන්ගේ ලෙසට පෙන්වා යෝගාව මනමාලයකුට බන්දවා දීමය. ඒ සඳහා සිවා උපක්‍රමශීලීව ක්‍රියා මාර්ගයක් ගැනීමට සැරසෙයි. එහෙත් සිදු වන්නේ වෙනකකි. එංගලන්තයේ ජීවත් වුව ද පැට් පැමිණෙන්නේ පිච්චියකුදු නැතුවය. එහෙත් ඔහු ඒ බව නොපෙන්වයි. පැට්ගේ අරමුණ සිවාගේ වස්තු සම්භාරය ඉල්ලා ගැනීමය. දෙගොල්ලන් දොගොල්ලන්ටම හොරෙන් දෙගොල්ලන්ටම නොමැති වස්තුවක් කොල්ලකෑමට සූදානම් වෙයි. කෝමාලි කිංග්ස් මේ සිනමාපටයේ කතාවයි. ඉතා දිගුකලකට පසු මෙරට නිර්මාණය වූ දමිළ භාෂිත චිත්‍රපටයක් ලෙසට හඳුන්වා දෙන්නට පුළුවන්. ප්‍රකට දෙමළ වේදිකා, ගුවන් විදුලි සහ චිත්‍රපට රංගන ශිල්පියකු ද වන එම්. එස්. රත්නම්ගේ මුනුපුරකු වූ කිංග් රත්නම් කෝමාලි කිංග්ස් අධ්‍යක්ෂවරයායි. මේ ඔහුගේ පළමු වෘත්තාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණයයි.
|