|
ආයෙත් දකින්න ආසයි
දෙරණ සිහින තරු නිම්නයෙන් කරළියට සපැමිණි චිත්රූ පාඨලී අද වන විට තමන්ගේම ගමනක්
ආරම්භ කොට හමාරයි. ඇයගේ නවතම ගීතය යන යන තැන යනුවෙන් නම් කොට පසුගියදා නිකුත් කරනු
ලැබුවා. චිත්රූට මේ ළඟදී දිනෙක අපූරු සිදුවීමකට මුහුණ දෙන්න වෙලා. ඇයට ඒ සිද්ධිය
ගැන පුදුමයිලු. පුංචිම පුංචි රසිකයෙක් නිසායි චිත්රූට එහෙම වෙලා තියෙන් අක්කියෝ ඔයා දන්නවද ඔයා තමයි ලෝකේ ඉන්න මං කැමැතිම ගායිකාව. පුංචි රසිකාව චිත්රූට එහෙම කියලා. මෙතරම්ම පුංචි රසිකාවොත් තමන්ට ඉන්නවදෝ කියලා චිත්රූට හිතුණලු. ඇය තමයි සංගීත ජීවිතයේ චිත්රූට හමු වූ වටිනාම රසිකාව. ඇයව ආයෙත් දකින්නට ආසයි කියලා චිත්රූ අපිත් එක්ක කිව්වා. |