|
ජීවිත විවරණයක යෙදුණ සිනමා නිර්මාණ
පසුගිය සතියෙන්...
බල්ගේරියානු සිනමා කෘතියක් වන ද ජජ්මන්ට් එබන්දකි.මෙවර කාලොවි වාරි සිනමා උළෙලේ විචාරක අවධානයට පත්වූ ජජ්මන්ට් නිර්මාණය කරන ලද්දේ Stephan Komandarev විසිනි.තුර්කියට සහ ග්‍රීසියට මායිම් වන කුඩා ගම්මානයක ජිවත් වන පිය යුතු යුවලක් වටා ගෙතුන මෙම චිත්‍රපටය බල්ගේරියානු සමාජවාදී පාලන සමය බිඳ වැටුණ සමය පාදක කර ගත්තකි.දේශ සීමා වේ ඇති එක් බිහිසුණු මර කපොල්ලක් හඳුන්වා දීමට එගම් වැසියන් භාවිතා කරන වචනයේ ඉංග්‍රිසි තේරුම ජජ්මන්ට්ය.ඒ අතීතයේ ආක්‍රමණිකයන් එම මර කපොල්ල යොදා ගෙන ඇත්තේ මරණ දණ්ඩනය දීමට බැවිනි.
එනම් එම කපොල්ලේ ඇති තෙරක් නොපෙනන පාතාලයට සිරකරුවන්
තල්ලු කර මරා දැමීමයි.යි.සිරියාවේ සිට තුර්කිය හරහා බල්ගේරියාව ඔස්සේ යුරෝපයට පළා
යන මිනිසුන් ජාවාරම්කරුවන් විසින් ගෙන යනු ලබනුයේ ජීවිතය පරදුවට තබන මේ මාර්ගය
ඔස්සේය. ගැමියකු වන මිත්යො ජීවත් වනුයේ ඔහුගේ පුතනුවන් සමගය.කිරි බවුසරයක් ඔවුන්ගේ
එකම ජීවනෝපය මාර්ගයයි.සහමුලින් ණය බරින් ජීවත් වන ඔහු මිනිස් ජාවාරමට හවුල් කර
ගනී.පියාගේ ජිවිත අභ්‍යන්තරය නොදන්නා පුතු පියා සමග නිරන්තර අරගලයකි. ජීවිතය පිළිබඳ
කිසියම් රහසක් ඔහු සියල්ලන්ගෙ වසා ලනු ලබයි. මිනිස් ජාවාරමේ යෙදෙන තැරැව්කරුවකු
වනුයේ මිත්‍රයෝ පැරණි දේශපාලන නායකයාය .
පියා පිළිබඳ සැබෑව පුතු නොදනියි.මවගේ අකල් මරණයට මෙන්ම නිවස පවා උකසට සින්න වීම පියාගේ ක්‍රියා කලාපය නිසා බැව් පුතුගේ විශ්වාසයයි.එහෙත් පියා පිළිබඳ ඔහුගේ අවධානය යොමු වනුයේ කිසිවකු හෝ නොසිතන මොහොතකය.එය ඔවුන්ගේ ජීවිතය වෙනතක යොමු කිරීමක් වෙයි. පියා කලක් සොල්දාදුවෙකු වූ බවත් මවට ඉමහත් ආදරයෙන් සැළකූ බවත් පමණක් නොව ඔහු ණයකරුවකු බවට පත් වනුයේත් මව නිසාවෙන්යැයි සිනමාකරු අනාවරණය කරනුයේ ඉතා සියුම් කම්පනයක් ප්‍රේක්ෂකයාට ලබා දෙමිනි.එයින් අනතුරුව නිරන්තර අරගලයක යෙදුණ පියා සමග පුතු ජීවිතය කෙලස බෙදා ගන්නේ ද සිනමාකරු විමර්ශණයට බඳුන් කරයි.
ප්‍රේක්ෂක සම්මානය 17 වැනි ලතින් අමරිකානු සිනමා උළෙලේ දී දිනා ගත් පේරු රාජ්‍යය නියෝජනය කළ චිත්‍රපටයක් වන he Gospel of the flesh චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන ලද්දේ Eduardo Mendoza De Echave නමැති තරුණ සිනමාකරුවා විසිනි.ඔහු ලතින් අමෙරිකානු සනමාකරුවන් අතර වර්තමානයේ ඉහළ අවධානය දිනා ගත්තෙකි.එකිනෙකට සිදුවීම් තුනක් ගෙන එන සිනමාකරු කූටාප්‍රාප්තියේ දී එම සිදුවීම් එකිනෙකට බද්ධ කර ගනී. මරණාසන්න කාන්තාවකි.ඇය පොළිස් නිළධාරියකුගේ භාර්යාවකි.බිහිසුණු බස් සහ මෝටර් රථ අනතුරකින් කිහිප දෙනෙකු මරණයට පත් වෙයි.පාපන්දු ලෝලීන් පිරිසක් අතර ඇති වන ඝට්ටනයකින් කෙනෙකු මරණයට පත් වෙයි.තවකෙකු අත් අඩංගුවට පත් වෙයි.බැලූ බැල්මට එකිනෙක නොපෑහුන එහි සිදුවීම් ද මිනිසුන් ද එකිනෙකා හා ජීවිතයේ බැඳී ඇත්තේය.මරණාසන්න ගැහැණියට පිහිටට ඇත්තේ නගරයේ වීදි සරණ දේව මාතාවගේ ප්‍රතිමාව පමණක් ද ? ඒ හැරෙන්නට වෙනත් කිසිම පිහිටක් ලබා නොගන්නට තරම් සිදුවීම් බලවත් වනුයේ කෙළෙස ද සිනමාකරු අපෙන් විමසා සිටියි
මෑත භාගයේ ලොව වඩාත් අවධානය දිනා ගත් රාජ්‍යයක් වන ජෝර්ජියාව ද පැරණි සෝවියට්
කඳවුරේ රාජ්‍යයකි.මෙවර ඉන්දියානු සිනමා උළෙලට එරටින් නියෝජනය වනුයේ
පෝලන්ත සිනමා කරුවන් අතර අතිශය කීර්තිමත් සිනමාකරුවකු වන Leeh Majewski නිර්මාණය කරන ලද ෆීල්ඩ් ඔෆ් ඩෝග්ස් සිනමා වෘතාන්ත ශෛලිය පිලිබඳ අපූර්ව නිර්මාණයක් විය.මෝටර් රථ අනතුරකින් සිය ප්‍රියාව වියෝවූ කවියෙකු දේශපාලන ඛේදවාචකයක් හා පෞද්ගලික අරගලයක් මිශ්‍ර කරමින් සිනමාකරු වඩාත් ප්‍රබල සිනමා අත්දැකීමක් අපට සමීප කරවන නිර්මාණයකි.විටක සදශ උපහාසයෙන් ද විටෙක අතිශය රළු ස්වරූපයක් ද ගන්නා ෆීල්ඩ් ඔෆ් ඩෝග්ස් මුල මැද අග සහිත සිනමා වෘතාන්තයක් නොවේ.මේ අතරවාරයේ පෝලන්තය පුරා ස්වභාවික විපත් බහුල ව එයි.ජනාධිපති වරයාගේ ගුවන් යානය ද අනතුරට ලක් වනුයේ මේ අතරවාරයේය.පෝලන්තය අරාජික සමයක් වෙයි.බලයට අනතුරුව හිමිකම් කියන ගැහැනිය කවියා ගේ ජිවිතය සමග අරගලයක් කරයි.මේ සියල්ල මැද පුද්ගල සහ සමාජ පරිවර්තන රැසක් සිදු වනු විමර්ශණයට බදුන් වෙයි. මෙවර ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලට ලොව නන් දෙසින් සහභාගි වූ සිනමාකෘතින් අතර මා වඩාත්ම විශ්මයට පත් කළ සිනමා කෘතිය මේ සියල්ලට වඩා වෙනස්ය.එම චිත්‍රපටය නරඹන්නට මා යොදා ගත් කාලය සොයා ගත්තේ එයට පෙර මවිසින් නැරඹිය යුතුයැයි තීරණය කළ චිත්‍රපටයක් ද අතහැර දමමිනි.එම චිත්‍රපටය පිළිබඳ ලබන සතියේ ලියන්නට බලාපොරොත්තු වෙමි
තවත් විශිෂ්ට චිත්‍රපට ගැන ලබන සතියේ |