|
|
සරත් ද අල්විස්ගේ සංගීත දිවියට වසර 45 යි‘සරත් සර වින්දන’ ප්‍රණාම උළෙල ජූලි 06 දාවසර 25 කට පසු සුපර් ස්ටාර්ස් ප්‍රසංග වේදිකාවේ
මෙහිදී 45 වසරක සංගීත දිවියට නන් අයුරින් උපකාර දිරි දුන් පුද්ගලයන් කිහිප දෙනෙකුට උපහාර පිරිනැමීමට නියමිත අතර වසර 25 ට පසු අර්නස්ට් සොයිසා, සරත් ද අල්විස්, උපාලි කන්නන්ගර, මහින්ද සිල්වා, ජෝර්ජ් ද සිල්වා, ඇන්තනි මෙන්ඩිස්, මොරිස් ද සිල්වා ප්‍රමුඛ ‘සුපර් ස්්ටාර්ස්’ සංගීත කණ්ඩායම විසින් ප්‍රසංගය සංගීතවත් කෙරේ. සරත් ද අල්විස් නිර්මාණ ගී 175 ඇතුළත් Mp 3 තැටියක් සහ ජනප්‍රිය චිත්‍රපට ගීත 25 ක් ඇතුළත් ඩී වී ඩී තැටියක් නොමිලයේ පිරිනැමීමට ද කටයුතු යොදා තිබේ. පණ්ඩිත් අමරදේව, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දයාරත්න රණතුංග, ටී. එම්. ජයරත්න, රෝහණ බෝගොඩ, ජගත් වික්‍රමසිංහ, අමරා රණතුංග, නිරෝෂා විරාජිනි, උරේෂා රවිහාරි, චරිතා ප්‍රියදර්ශනි පීරිස්, මායා දමයන්ති, ශෂිකා නිසංසලා ඇතුළු ගායක ගායිකාවන් රැසකගේ හඬින් ගීතවත් වන මෙම ප්‍රසංගයේ විචිත්‍රවත් නර්තනය චන්දන වික්‍රමසිංහ නර්තන කණ්ඩායම සහ ප්‍රදීපා ආරියවංශ සිසු සිසුවියන් විසිනි.
‘නිකිණි වැස්ස’ හෙට වහියි
|



සංගීතඥ සරත් ද අල්විස්ගේ සංගීත දිවියට වසර 45 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන
‘සරත් සර වින්දන’ හරසර ප්‍රණාම උළෙල ජූලි 06 වැනිදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ
රඟහලේදී පැවැත්වේ.