|
|
කරූ කටුවන්දෙණිය ‘ඇබෝර්ජියන්වරුන්’ සමඟ
කරූ ඒ තරමට ශ්‍රී ලංකාවේ කලාවට ආදරය කරන්නෙකි. ඔහු සැම විටම සංග්‍රහශීලීය. ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ කරු 1976 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය ලැබ ගාල්ලේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස සේවය කොට ඇත. ඔහු ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූයේ 1991 වසරේදීය. එහි මයික්‍රොසොෆ්ට් ආයතනයේ පරිගණක උපදේශවරයකු ලෙස සේවය කරන කරු සිඩ්නි නගරයේ පැවැත්වෙන ශ්‍රීී ලාකේය කලා කටයුතුවලට උපරිම දායකත්වයක් ලබා දෙන්නේය.
එපමණක් නොව ගායනයෙන් ද, රංගනයෙන් ද විශේෂ කුසලතා පෙන්වන කරු සිඩ්නි නගරයේ පැවැත්වෙන බක් මහ රංගන වේදිකාව ඇතුළු ප්‍රසංග කිහිපයකම ගීත ගායනා කර ඇත. කරු රංගනයට පිවිසියේ සිඩ්නි නුවර වෙසෙන ආචාර්ය මහේෂ් බණ්ඩාර අධ්‍යක්ෂණය කළ ළඟදීම ජාතික රූපවාහිනිියේ විකාශය වීමට ඇති ‘මතක සුළඟ’ ටෙලි වෘතාන්තයෙන්ය. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක් සඳහා ඔහු විසින් ‘ඇබොරිජින්වරුන්’ වාර්තා වැඩ සටහනක් සඳහා නිර්මාණයකට දායක වෙමින් සිටින්නේය. එසේම ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රාන්තයේ රූපගත කිරීමට සූදානම් කර ඇති ඉංග්‍රීසි චිත්‍රපටයක් ලැබී ඇති චරිතයක් සම්බන්ධව තිර පිටපතක් හදාරමින් සිටින අතර වසර අගදී ශ්‍රී ලංකාවේ රූගත කිරීමට නියමිත ටෙලි නාට්‍යයක චරිතයක් සඳහා ද ඔහුට ඇරයුම් ලැබී ඇත.
|



කිසියම් කලා කටයුත්තක් සඳහා කැන්ගරු දේශයට පිය නඟන අපේ රටේ බොහොමයක් කලාකරුවෝ
සිඩ්නි නගරයේ වෙසෙන කරූ කරුවන්දෙණිය නම් වූ කලාකරුවා මුණ ගැසී නොමැති නම් එය
පුදුමයට කරුණක් වනු ඇත.
පසුගිය වසර විස්සක කාලය පුරා වේදිකා
පරිපාලනයෙන් ඔහු සහභාගි නොවූ ශ්‍රීී ලාංකික ප්‍රසංගයක් හෝ වේදිකා නාට්‍යයක් සිඩ්නි
නගරයේ නැති තරම්ය.