|
|
කොළඹට ජාත්‍යන්තර සිනමා උළෙලක්චිත්රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ අනාවරණය කරයිසරසවිය ප්‍රාර්ථනය ඉටුවෙයි
කොළඹ සිනමා උළෙල ලෙස පවත්වන මෙය පැවැත්වීම සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පැවැත් වූ බව චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ මහතා ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර සිනමා උළෙලක් ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම විශාල අඩුපාඩුවක් බව පෙන්වා දෙන අශෝක සේරසිංහ මහතා සාර්ක් කලාපීය චිත්‍රපට කේන්ද්‍ර කර ගනිමින් සාක් චිත්‍රපට උළෙල වාර්ෂිකව පැවැත්වීම අගය කළ යුතු බව කීවේය. ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රය තරගකාරී මට්ටමක පවත්වන බවත් විදෙස් සිනමා උළෙලවලදී ලාංකික චිත්‍රපට මහත් අගැයීමකට ලක්වන බවත් කී සභාපතිවරයා විශාල පිරිවැයක් වැය වුණත් ජාත්‍යන්තර සිනමා උළෙලක් පැවැත්වීම කෙරෙහි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බවත් කීවේය. කේරළ සිනමා උළෙල ජාතික උත්සවයක ස්වරූපයක් ගන්නා බව කී අශෝක සේරසිංහයන් ශ්‍රී ලාංකේය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා මාර්ග රැසක් ගැනීමට නියමිත බව ද කීවේය. ඔහු මෙලෙස ප්‍රකාශ කළේ සාර්ක් සිනමා උළෙලේ මාධ්‍ය හමුව අමතමිනි. මෙරට ජාත්‍යන්තර සිනමා උළෙලක් පැවැත්වීමේ අවස්ථාව සරසවිය කිහිප වරක්ම පෙන්වා දුන් කරුණකි. |



ජාත්‍යන්තර සිනමා උළෙලක් ලබන වසරේදී ශ්‍රීී ලංකාවේ පැවැත්වීමට ආර්ථික සංවර්ධන
අමාත්‍යාංශය පියවර ගෙන ඇත.