|
අර්ජුන් ගෙන් අහන්නසිනමා, කලා පිළිබඳ ගැටලු විමසන්නට ඔන්න නැවතත් අවස්ථාව එළැඹිලා. ඔබ කළ යුත්තේ ඔබේ ගැටලු තැපැල් පත් මඟින් ‘අර්ජුන්ගෙන් පැන විසඳුම්, සරසවිය, ලේක්හවුස්, කොළඹ’ යන ලිපිනයට එවීමයි.
කේ. පී. පියසේන - රේමන් සිල්වා බොරගොඩවත්ත පළමුවරට රඟපෑවේ උමතු විශ්වාසය චිත්‍රපටයේ. අවසන් වරට රඟපෑවේ.සරණ චිත්‍රපටයේ
බයිබලය ඇසුරින් නිපද වූ චිත්‍රපටවල ක්‍රිස්තුªªස් වහන්සේගේ චරිතය රඟපෑ නළුවන්අකාලයේ මියගිය බව සමහර අයගේ අදහසයි. එහි සත්‍යයක් තිබේද? එම්. ප්‍රෙඩී ප්‍රනාන්දු – කල්දෙමුල්ල එසේ මියගිය නළුවන් පහකගේවත් නම් කිව හැකි නම් මා එකඟයි.
කොටි වලිගය චිත්‍රපටයේ කාර්මික තොරතුරුත් දක්වන්න. ඩඩ්ලි ගෝමස් - කටුබැද්ද අධ්‍යක්ෂණය – ගාමිණී ෆොන්සේකා - නිෂ්පාදනය - –- පීටර් පෙරේරා, කැමරාව - වී. වාමදේවන්, සංගීතය - සෝමපාල රත්නායක, සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්, සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි.
අල්ලපු ගෙදර චිත්‍රපටය නිපදවීමට අනුකරණය කළ දෙමළ චිත්‍රපටය කුමක්ද? විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස් එම චිත්‍රපටය අනුකරණය කළේ දෙමළ චිත්‍රපටයක් වුවත්, දෙමළ චිත්‍රපටය අනුකරකණය කළේ බෙංගාලි චිත්‍රපටයකි. එහි නම ‘පරිවර් භාෂ්’ ය. ඒ ඇසුරෙන් කළ දෙමළ චිත්‍රපටය ‘අඩුක්ක වීටු පෙන්’ නමින් විය. නමුත් දෙමළ චිත්‍රපටය අපේ චිත්‍රපටයේ අහලකින්වත් තියන්න බැහැ. එබැවින් අල්ලපු ගෙදර අනුකරණයෙන් නොව ආභාෂය ලබා ගත්තේ ‘පරිවර් භාෂ්’ චිත්‍රපටයෙන් බැව් සඳහන් කළ යුතුයි.
‘මියුටිනි ඔන් ද බවුන්ටි’ බටහිර චිත්‍රපටය ගැන විස්තරයක් දැන ගත හැකිද? අයිලින් සෝවිස් - වැලිසර – රාගම මියුනිට් බවුන්ටි නමින් මුලින්ම චිත්‍රපටයක් බිහි වූයේ 1916 වසරේදීයි. එය නිහඬ චිත්‍රපටයක්. පසුව 1935 දී ෆ්‍රැන්ක් ලොයිඩ් විසිනුත්, 1962 දී ලෙවිස් මයිල්ස්ටෝන් විසිනුත්, 1984 දී රොජර් ඩෝනල්ඩ්න්ග් සිනුත් මේ නමින් චිත්‍රපට නිර්මාණය කළා. ඔබට අවශ්‍ය කුමන මියුටිනි ඔන් ද බවුන්ටි ගැන දැනගන්නද?
භාරත හින්දි සිනමා පසුබිම් ගායකයන් අතර ඉතා මියුරු හඬින් ගී ගායනය කළ හැකි ගායකයා මේ අය අතරින් ඔබ තෝරන විදියට කවුද? මුකේෂ්, මොහමඩ් රාෆී, මහේන්ද්‍ර කපූර්, මන්නාඩේ. එන්. ඩී. ඉසෙඩ් සිරිවර්ධන – කළුතර මට ඉන්දියානු ගායකයන් ගැන විශේෂ හැඟීමක් නැහැ. මම ඔවුන්ගේ ගීතවලට කැමැතියි. ඒ අතරින් මුකේෂ් හැරුණාම හේමන්ත් කුමාර් හා තලාද් මෙහෙමුද් යන ගායන ශිල්පීන්ට මගේ කැමැත්තක් තියෙනවා.
සංදේශය චිත්‍රපටයට ගී තනු නිර්මාණය කළේ කවුරුන්ද? ගීත රචකයා කවුද ? එස්. එස්. දිසානායක – ඉහළ වීරක්කොඩියාන සුනිල් ශාන්තයන් විසින්. සුදට සුදේ වලාකුලේ, පුන්සඳ එළියයි, පෘතුගීසි කාරයා, කෝ හතුරෝ, රැජින මමයි, රෑන ගිරා රෑන අඹේ මී බිබී, මේ ගීත සේරම ලිව්වේ අරිසෙන් අහුබුදු සූරීන්.
ද්‍රවිඩ නළුවකු වූ ජෙමිනි ගනේෂන් හින්දි චිත්‍රපටවල රඟපා තිබේද? මැණිකේ විල්වල – කෑගල්ල ඔව්, මිස් මේරි.
එදා මෙදාතුර සිංහල ගීත සාහිත්‍ය පෝෂණය කිරීමට ගී පද රචනයෙන් උර දුන් විශිෂ්ටතම ගීත රචකයන් ලෙස ඔබ දකින්නේ කවුරුන්වද? ඩබ්. ලෙනාඩ් ප්‍රනාන්දු - දූනගහ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, රත්න ශ්‍රීී විජේසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, අජන්තා රණසිංහ, ඇතුළු එදා මෙදාතුර සුභාවිත ගීතය රචනා කිරීමට උර දුන් හැම ගීත රචකයෙක්ම.
මංජුල කුමාර වාසල - කොටුව - කොළඹ 01 කෂිලි බිෂිලි නෑ . . . යන ගීතය පෙම් කුරුල්ලෝ චිත්‍රපටයට ඔහු ගායනා කළා.
හැටේ දශකයේ මෙරට තිරගත වූ ‘සැම්සන් ඇන්ඩ් ඩිලයිලා’ හොලිවුඩ් සිනමා නිිර්මාණයේ රඟපෑ රොබට් මිචම් ගැන විස්තරයක් කරන්න. ගිල්බට් පෙරේරා – හෝකන්දර
ඔහුගේ මුල්ම චිත්‍රපටය ‘හොවී සර්විස් අරිටි’ 1943 දී තිරගත වූවා. ඔහු අවසන් වරට රඟපෑවේ ‘වෙටින් ෆෝ සන් සෙට්’ නැමැති චිත්‍රපටයේයි. හොලිවුඩයේ ස්වර්ණමය යුගයේ බිහි වූ මෙම විශිෂ්ට නළුවා ඩොරති මිචම් සමඟ විවාහය වසර පනස් හතක් පුරා පවත්වාගෙන යන්නට තරම් වාසනාවන්තයකු වුණා. එය කෙළවර වූයේ හැම චිත්‍රපටයකදීම දැල් වූ සිගරට් නිසා ඇති වූ පෙනහළු පිළිකාවකින් 1977 ජූලි පළමුවැනිදා සිදු වූ මරණයත් සමඟිනි. ඔහු රඟපෑම කිසි විටකත් හිසට බරක් කර ගත්තේ නැහැ. ඔහු බොහෝ විට කතා කළේත් වචන කිහිපයයි.
අනුලා හෙට්ටිආරච්චි - කොරලවැල්ල – මොරටුව ‘MANNAT’, Band Stand Bandra, Mumbai - 400050
පසුගියදාක සබීතා පෙරේරා ප්‍රකාශ කර තිබුණා, ඇය උපරිම කැපවීමකින් රඟපාන ලද ‘සිසිල
ගිනි ගනී’ චිත්‍රපටයේ ඇනට්ගේ භූමිකාව වෙනුවෙන් වෙනත් සෑම චිත්‍රපට උළෙලකදීම
කරු මන්දාවල – නාත්තන්ඩිය ඒ ඒ වසරවල සම්මාන ලබා දෙන්නේ ස්වාධීන විනිශ්චය මණ්ඩලයකින් විනා සරසවිය පුවත්පතෙන් නොවේ. අනෙක් අතට මගේ පෞද්ගලික හැඟීම නම් ලෝකයේ ඕනෑම සිනමා සම්මාන උළෙලකදී සම්මානනීය වූ පමණින් අදාල කාර්යය විශිෂ්ටවත් එසේ නොලැබූ පමණින් එය විශිෂ්ට නොවේ යැයි වත් සිතන්නේත් සලකන්නේත් නැහැ. මට ඒ සම්බන්ධයෙන් දිය හැකි හොඳම පිළිතුර නම් ‘සිටිසන් කේන්’ නම් චිත්‍රපටය 1936 වසරේදී ඇකඩමි සම්මාන උළෙලේ කිසිම සම්මානයකට හිමිකම් නොකීවට එය ලෝකයේ හොඳම චිත්‍රපටය ලෙස සලකනවා. සම්මාන නොදිනූ ඩොලර් චිත්‍රපට මාලාව (අ ෆිව් ඩොලර්ස් මෝර්) ඇතුළුව අද ලොව බොහෝ සිනමා පාසල් හා විශ්ව විද්‍යාලවල සිනමාව ඉගැන්වීම සඳහා යොදා ගන්නා චිත්‍රපට පෙළකි. ඒ වගේම හොඳම චිත්‍රපටයට හිමි සම්මාන දිනූ ඇතැම් චිත්‍රපට ගැන දැන් අහන්නවත් නැහැනේ කරු. |