|
|
මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50 යි ගෝල්ඩ් ෆින්ගර්ගේ රන් කර්මාන්ත ශාලාව චිත්‍රාගාරයක් තුළ
ඔහු රත්තරන්වලට පුදුමාකාර ලෙස ඇලුම් කළ පුද්ගලයෙක්. ඔහුගේ අත බැඳි ඔරලෝසුව ආත්මාරක්ෂක අවිය වූ රිවෝල්වරය පමණක් නොව පාවිච්චි කළ රථයේ බොහෝ අංගෝපාංග ද තනි රනින් නිමවා තිබුණා. රත්තරන් ලබා ගැනීමට නම් ඕනෑම දෙයක් කිරීමට ඔහු කිසි විටෙකත් පසුබට වුණේ නෑ. ඒ සඳහා ජීවිත දහසක් වුවත් බිලි දීම ඔහුට නම් සුළු දෙයක්. අත තැබූ ඕනෑම දෙයක් රත්තරන් බවට පත් කළ හැකි බලයක් ඔහු සතුව ඇති බවට රාවයක් ඔහු ඇසුරු කළවුන් අතර පැතිර ගොස් තිබුණේ ඒ නිසා විය හැකියි. ඔහුට තිබුණේ රන්වලට නෑකම් කියූ නමක්. මේ කෝටිපති ව්‍යාපාරිකයා ඔරික් ගෝඩ් ෆින්ගර් නම් වුණා. ස්විට්සර්ලන්තයේ හුදෙකලා කඳුකර පෙදෙසක පිහිටා තිබුණ ඔහුගේ විශාල කර්මාන්ත ශාලාව තුළ සිදු වුණ කටයුතුවලින් ප්‍රධාන තැනක් ගත්තේ ලොව නන් දෙසින් කොල්ල කා ගත් රන් තොග උණු කොට විවිධ ජාවාරම් සඳහා යොදා ගැනීමයි. ඔහුගේ එකම සිහිනය වූ මුළු ලෝකය පුරාම ඇති රන් තමා සතු කර ගැනීම සඳහා අපූරු සැලසුමක් සකස් කිරීමට ඔහු සමත් වුණා. එය නම් කෙරුණේ ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ නමින්. අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ පිහිටි ලොව විශාලතම රත්රන් සංචිතය වන ‘ෆෝට් නොක්ස්’ හි බිම් මහලේ ඇති සේප්පු සංකීර්ණයේ ගබඩා කර ඇති මිල කළ නොහැකි රන් තොගය පැහැර ගැනීම ‘ග්‍රෑන්ඩ් ස්ලෑම්’ සැලසුමේ අරමුණ වුණා. ගුවන් යානා සර්කස් කණ්ඩායමක නියමුවකු වූ ‘පුසී ගැලෝර්’ නම් සුරූපිනියක් සහ ඇගේ සහායිකාවන් පිරිස විසින් පදවනු ලබන ගුවන් යානා කණ්ඩායමක් මගින් ප්‍රදේශය පුරා ‘ඩෙල්ටා 9’ නම් වූ මාරාන්තික විෂ වායුවක් පතුරවා ආරක්ෂක අංශ ඝාතනය කොට, අධි ආරක්ෂිත කලාපයට පිවිස ෆෝට් නොක්ස් සේප්පු සංකීර්ණය බිඳ දමා රන් සංචිතය පැහැර ගැනීමේ සැකසුම ක්‍රියාත්මක කිරීමේදී ඔහුගේ කීකරු අතවැසියා වන කොරියන් ජාතික මල්ලව පොර ශූර ඔඩ් ජොබ්, චීන ජාතික රතු ඒජන්තයකු වූ මිස්ටර් ලින් සහ සුරූපී ගුවන් නියමු පුසි ගැලෝර් ගේ පූර්ණ දායකත්වය ලබා ගත්තා.
තුන්වෙනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය ලෙස නිෂ්පාදකවරු තෝරා ගත්තේ ඉයන් ෆ්ලෙමින් ගේ තවත් ජනප්‍රිය නවකතාවක් වූ ගෝල්ඩ් ෆින්ගර් ග්‍රන්ථයයි. මුල් චිත්‍රපට දෙකම රහස් සංවිධානයක් වන SPECTRE හා සම්බන්ධ කතාවලින් සමන්විත වුවත් මෙය තනි පුද්ගල ප්‍රතිවාදියකු වටා ගෙතුණු කතාවක්. චිත්‍රපටය අනාගතයේදී ලබන සාර්ථකත්වය පිළිබඳ බමර තුඩක හෝ සැකයක් නොමැති හැරී සහ බ්‍රොකොලි නොමසුරුව ඩොලර් මිලියන තුනක් ඒ සඳහා යෙදවීම තිරණය කළා. එය මුල් චිත්‍රපට දෙකම සඳහා වැය කළ මුදලට සමාන මුදලක්. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට සඳහා උපරිම ඉල්ලුමක් තිබුණු සමයක ඩොලර් මිලියන තුනක් වියදම් කිරීමට නිෂ්පාදකවරු කිසිසේත්ම මැළි වුණේ නෑ. කලින් චිත්‍රපට දෙකම කැරිබියානු සහ යුරෝපා වෙළෙඳ පොළ සඳහා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කෙරුණත් ‘ගෝල්ඩ් ෆින්ගර්’ අමෙරිකානු වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් නිපදවීම ඔවුන්ගේ අභිප්‍රාය වුණා. මුල් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ටෙරන්ස් යං වෙනත් චිත්‍රපටයක් සඳහා කාර්යබහුල වූ හෙයින් අධ්‍යක්ෂක ගයි හැමිල්ටන් හට එම කටයුත්ත බාර කෙරුණා. ඩොක්ටර් නෝ චිත්‍රපටය සඳහාත් ඔහුට ඇරැයුම් කළත් එම අවස්ථාව මඟ හැරුණ නිසා මෙවර එය ඔහු සතුටින් බාර ගත්තා. ගයි සහ කතා රචක ෆ්ලෙමින් දෙවන ලෝක යුද සමයේදී රාජකීය නාවික හමුදාවේ එකට සේවය කල කුළුපඟ මිතුරන් වූ හෙයින් අධ්‍යක්ෂණය සදහා එයින් ලැබුණේ මහත් පිටිවහලක්. කලින් චිත්‍රපටවලට වඩා ප්‍රබල ප්‍රතිවාදියෙක් ඉදිරිපත් කිරීම ගයි ගේ අභිප්‍රාය වූයෙන් දෙදෙනාගේ මිතුදම නිසා කතා ශරීරයේ අවශ්‍ය වෙනස්කම් සකස් කර ගැනීම මේ අනුව පහසු කටයුත්තක් වුණා.
‘ගෝල්ඩ් ෆින්ගර්’ චිත්‍රපටය ලැබූ අති සාර්ථකත්වයට මූලික හේතුව මොවුන් දෙදෙනාගෙන් ලත් අනුපමේය සේවය බව අවිවාදිතයි. තිර රචනය කළේ රිචර්ඩ් මේ බෝම් සහ පෝල් ඩෙන්. ජෝන් බැරී චිත්‍රපටය සංගීතවත් කළ අතර නාමාවලියේ ගීතය ගැයුවේ ෂර්ිලි බැසී නම් දක්ෂ ගායිකාව විසිනුයි. කැමරා අධ්‍යක්ෂණය කළේ ‘ෆ්‍රොම් රෂියා විත් ලව්’ චිත්‍රපටය සඳහා BSC සම්මානය දිනා ගත් ටෙඩ් මුවර්. ප්‍රධාන රූගත කිරීම් ආරම්භ වුණේ 1964 ජනවාරි 20 දා අමෙරිකාවේ ෆ්ලොරිඩා, මියාමි සහ ෆොන්ටේන් බ්ලූ හෝටල් සංකීර්ණයේදී. අධ්‍යක්ෂ ගයි හැමිල්ටන් බ්‍රොකොලි, කෙන් ඇඩම් සහ කැමරා ශිල්පී ටෙඩ් මුවර් යන කීප දෙනා මෙම සංචාරයට සහභාගි වුණා. මහා සිනමාකරු ඇල්ෆ‍්‍රඩ් හිච්කොක්ගේ ‘මානි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ෂෝන් කොනරි සහභාගි වූ හෙයින් එහි රූගත කිරීම් නිසා ඔහු අමෙරිකා චාරිකාවට එක් වුණේ නැහැ. දින පහක රූගත කිරීම්වලින් අනතුරුව නිෂ්පාදක කණ්ඩායම නැවත ලන්ඩනයට පැමිණියා. ෆොන්ටේන්බ්ලු හෝටලය, ගෝල්ඩ් ෆින්ගර්ගේ රන් කර්මාන්ත ශාලාව ඇතුළු තවත් දර්ශන තල ලන්ඩනයේ පයින්වුඩ් චිත්‍රාගාරය තුළ ප්‍රති නිර්මාණය කෙරුණේ ඉන් පසුවයි.
තුන්වෙනි වතාවටත් ජේම්ස් බොන්ඩ් බවට පත්වීමේදී කොනරිගේ වැටුප ඉහළ ගියා. ඔඩ් ජොබ් සමඟ කළ සටනේදී සිදු වූ කොඳු ඇට පෙළේ ආබාධයෙන් එය තවත් ඉහළ දැමීමට නිෂ්පාදක සමාගම තීරණය කරනු ලැබුවා.
ලබන සතියට
|



එදා මෙදාතුර තිරගත වූ ‘ජේම්ස් බොන්ඩ්’
චිත්‍රපට පිළිබඳ රස කතා
එහෙත් මේ ව්‍යාපෘතිය කඩාකප්පල් කොට ගෝල්ඩ් ෆින්ගර් ගේ රත්රන් සිහිනය සුනු විසුනු
කිරීමට සමත් පුද්ගලයකු එයට මැදිහත් වුණා. ඒ බ්‍රිතාන්‍ය (M16) ඔත්තු සේවයේ අංක 007
දරණ සුපිරි රහස් ඔත්තු කරුවා වූ ජේම්ස් බොන්ඩ්.
‘ෆ්‍රොම් රසියා විත් ලව්’ චිත්‍රපටයට සම්බන්ධ නොවූ සුවිශේෂ පුද්ගලයින් දෙදෙනෙක් වූ
නිෂ්පාදන සැලසුම්කරු කෙන් ඇඩම් සහ ක්‍රියාදාම ශිල්පී බොබ් සිමන්ස් ගේද දායකත්වය ලබා
ගැන්මට හැකි වීම ගයිගේ තවත් ජයග්‍රහණයකි.
1964 අප්‍රේල්
මාසයේදී රූගත කිරීම් නැරැඹීම සඳහා කතා රචක ඉයන් ෆ්ලෙමින් ගෝල්ඩ්
ෆින්ගර් දර්ශන තලයට පැමිණියේ අවසන් වරටයි. 1964 අගෝස්තු මස ඔහු මෙලොවින් සමුගත්
නිසා සම්පූර්ණ චිත්‍රපටය නැරැඹීමේ අවස්ථාව ඔහුට ලැබුණේ නැහැ. ෆ්ලොරිඩාවේදී රූගත
කෙරුණු දර්ශන සහ චිත්‍රාගාරයේදී ලබා ගත් දර්ශන එකිනෙකට ආදේශ කරමින් උසස් ගණයේ
සංස්්කරණයක් සිදු කෙරුණේ සංස්කරණ ශිල්පි පීටර් හන්ට් අතිනි.