මීනා කුමාරි සාජි එන් කරූන්ගේ චිත්‍රපටයක
ඕ සොඳුරු යුවතියකි. මල් ඉහිරුණු හැට්ටයට ඔබින අයුරින් ඇඳි චීත්ත රෙද්ද ඇගේ සොඳුරු
රුව ඔපවත් කරයි. ඈටම ඔබින ලැසි ගමනින් ඈ මේ ඉක්මනින් යන්නේ කොහේද?
ගැමි සුන්දරත්වයක් උකහා ගත් මේ අපූරු යුවතිය දෙසම මම බලා සිටියෙමි.
ඈ ගමන් ගන්නා මඟ දෙපසෙහි උන් එක් ළමුන් කණ්ඩායමක් ඇගේ දැකීමෙන් විමතියට පත් වූ බවක්
පෙනෙන්නට තිබුණි. විගසින් ක්‍රියාත්මක වූ ඔවුහු සිය දෙඅතෙහි රඳවා ගත් ගල්වලින් ඈට
පහර දෙන්නට වූහ.
ගල්වලින් බේරී පලා යන්නට තතනන ඈත්, බියපත් බව රැඳුණු උවනත් මගේ සිත
කම්පාවට පත් කළේ ඉබේමය. මුවින් කිසිදු වචනයක් පිට නොකළ ඕ ආධාර පතා කෑ නොගසන්නේ
මන්දැයි මගේ සිතට ඇති වූයේ කුහුලකි. තවමත් ගල් ගසනා ළමුන් ළඟට ළං වූ මම ඔය නරක වැඩේ
නවත්වන්නැයි කෑ ගැසූවෙන් ඔවුහු බියපත්ව පලා ගියහ.
‘ඔය ගෑනි හරිම මුසලයි’
බියපත්ව පලා යන එක් ළමයෙකුගේ මුවින් ගිලිහුණු වචන පෙළක් ඔස්සේ මම ඈ දෙසම බලා
සිටියෙමි. අහිංසක ඈ මා දෙස බලා සිටියේ ඈට කළ උදව්වට තුති පුදන්නට මෙනි.
එහෙත් ඈ
වචනයකුදු කතාබහ නොකරම ගියේ මන්දැයි මගේ සිතට පිවිසියේ කුහුලකි. නෙතට රසඳුනක් බඳු
ඇගේ රුව මගේ සිත අභ්‍යන්තරයට කිඳා බැස්සේ ඈ කවුරුන්දැයි සොයන අදහස පෙරදැරිවය.
තමා පත් වූ කරදරයෙන් බේරා ගත් ඒ තැනැත්තා පෙනෙන්නට නැති වුවද ඒ ගැමි සොඳුරු යුවතිය
නම් අප අභියසයි.
‘මීනා කුමාරි’
ඈටම ආවේනික වූ සුන්දර සිනහව ඇගේ උවනට ආලෝකයකි.
‘කාලි කෝ කුට්ටි ශ්‍රාන්ක්’
‘එයා තවම ඉන්දියාවේ.මම නම් මෙහේ’
පුළුල් වූ සිනහව අතරින් ඈ පිළිතුරු බැන්ඳාය.
‘කාලිට කතා කරන්නත් පුළුවන්’
‘ඔය කියන්නේ ජාත්‍යන්තරව ප්‍රසිද්ධියට පත් වුණු ෂාජි එන්. කරූන් කියන
අධ්‍යක්ෂවරයාගේ ’කුට්ටි ශ්‍රාන්ක්’ කියන මාලයාලම් චිත්‍රපටය පිළිබඳයි. ඒ චිත්‍රපටයේ
තමයි කාලි කියන තරුණිය ජීවත් වෙන්නේ. කාලි කියන නමින් හඳුන්වන ඈ ගොළු තරුණියක්.
ගොළු වුණත් බොහොම සුන්දර චරිතයක් වුණු කාලි ජීවත් වුණේ තනිවමයි. මව්පියන් මිය ගිිය
නිසාම සිය පියාගෙන් පැවැත ගෙන ආ දේශීය වෛද්‍ය ශාස්ත්‍රය ඈ තරමක් දැනගෙන හිටියා.
ඒ
වගේම ඒ පිළිබඳ ඈට අත්හුරුවක් තිබුණා. මේ තරුණියට අපූරු බලයක් තිබුණා. ඒ යම්
සිදුවීමක් සිදුවීමට පෙර ඈට එය දැනගන්නට ලැබීමයි. නමුත් කාලිට ඇගේ ගොළු බව නිසාම
ගම්මුන්ගෙන් විඳින්නට සිදු වූ අතෝරයන් බොහොමයි. තනිව ජීවත්වන යුවතියකට විඳින්නට
සිදුවන කරදරත් අපමණයි. කාලිගෙන් නිරූපණය වෙන්නේ ඉන්දියාවේ ගැහැනියකගේ සමාජ
තත්ත්වයයි.
ඈ කොයි තරම් කරදරයට පාත්‍ර වෙනවාද කියන කාරණය වගේම ඈ පිළිබඳ මිනිසුන්
දරන ආකල්පය හඟවන්නේ එරටේ ගම්වල සමාජ පරිසරයයි. කුට්ටි ශ්‍රාන්ක් කියන මේ චිත්‍රපටය
දිවෙන්නේ ප්‍රධාන චරිතය වටා සිටින කාන්තාවන් තිදෙනෙකුගේ චරිතයන් මූලික කරගෙනයි. ඉන්
කාලි ලෙස මගේ රංගනයෙන් මලයාලම් චිත්‍රපටයකට සම්බන්ධ වීමට ලැබීම මගේ එක්තරා හීනයක්
හැබෑවීමක්.’
මීනා කුමාරිට ඒ හීනය පෙනුණේ මීට අවුරුදු විසි තුනකට ඉස්සර දවසකය. ඒ ලංකාවේ පැවැතුණු
එක්තරා චිත්‍රපට උළෙලකදීය. තිරය මත තිරගත වූයේ ෂාජි එන්. කරූන්ගේ ‘පිරවි’
චිත්‍රපටයේ රූප රාමු රාශියකි. මීනා කුමාරි නම් නවක රංගන ශිල්පිනිය මේ චිත්‍රපටය
දෙස, එහි රඟපෑ චරිතයන් දෙස බලා සිටියේ වශීී වූ කලෙක මෙනි. චිත්‍රපටය බලා ඉන් පිටතට
පැමිණි ඕ සිිය සිතෙහි ගුලි කර ගත්තේ අපූරු හීනයකි.
‘ඇත්තටම ඒ හීනය හීනයක් නොවී හැබෑවීම මගේ වාසනාවට සිද්ධ වුණු දෙයක්. පිරවි
චිත්‍රපටයට මම කොයි තරම් වශී වුණා ද කිව්වොත්, ඒ අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක රඟපාන්න
ඇත්නම් කියන අපූරු අදහස මගේ සිතේ ඇති වුණා.
ඒ හීනය හැබෑ වෙන ලකුණු උදා වුණේ 2009
වර්ෂයේ අග භාගයේදීය. ඒ වෙන කොට වසූදා කියන මෙගා ටෙලි නාට්‍යය විකාශය වී අවසන් වුණා
විතරයි. ලංකාවට ආව ෂාජි කරූන් කියන අධ්‍යක්ෂවරයා ඔහුගේ චිත්‍රපටයට තෝරා ගන්නා නිළිය
පිළිබඳ සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූවේ මේ අතුරතුරයි.
ඒ පරීක්ෂණයට අපේ දක්ෂතා සපිරි
නිළියන් දහ දෙනෙක් සමඟ මටත් ඉදිරිපත් වෙන්න ලැබුණා. එහි ප්‍රතිඵල සතියක් ඇතුළත
දැනගන්නට ලැබුණා විතරක් නෙමෙයි, ඊට මා තෝරා ගෙන ඇති බවත් අසන්නට ලැබීමෙන් මට දැනුණේ
මගේ හිසේ මලක් පිපුණා වගේයි. මගේ රංගනය පිළිබඳ ෂාජි කරූන් මහත්තයා නරඹලා තිබුණේ
වසූදා ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයක්.
මොකද ඒ චරිතය විහිදුණේ තරුණ වයසේ පටන් වයසට
යෑම දක්වා කියන පරිච්ඡේදයක්. එහි දර්ශන කිහිපයක් නිෂ්පාදන ආයතනයටත් යවලා තිබුණා. ඒ
සඳහා ඔවුන්ගේ අනුමැතියත් ලැබිලා තිබුණේත් මටයි. මගේ ඒ හීනය හැබෑ කර ගන්න උදව් වුණ
රංජනී රත්න විභූෂණ සහ ඈෂ්ලි රත්න විභූෂණ යන දෙපළටත් මගේ ස්තුතිය හිමි වෙන්න ඕනමයි.
කලාත්මක චිත්‍රපටයක් වූ කුට්ටි ශ්‍රාන්ක් ගොලු යුවතියගේ චරිතය වූ කාලි ලෙසින්
රඟපෑමට මීනා කුමාරි ඉන්දියාව බලා පියාසර කරන්නේ තටු ලැබුණු කිරිල්ලියක ලෙසිනි.
‘මෙහි රඟපෑවේ මලයාලම් චිත්‍රපටවල ප්‍රධාන නළුවෙක් වුණු මම්මුති නම් අතිශය ජනප්‍රිය
රංගන ශිල්පියා. ඔහු ෆිල්ම් ෆෙයාර් සම්මාන වගේම බොහෝ ජාත්‍යන්තර සම්මාන දිනූ රංගන
ශිල්පියෙක්. මමත් සමඟ රඟපෑ කමලිනී මුකර්ජි වගේම පද්මා ප්‍රියා කියන්නෙත් එවන්
සම්මානලාභී රංගන ශිල්පිනියන් දෙපළක්.
කැමරාව මෙහෙය වූ ඇයත් සම්මානනීය ශිල්පිනියක්.
මේ වගේ දක්ෂතාවලින් සපිරි පිරිසක් සමඟයි මට කටයුතු කරන්නට තිබුණේ. ඒක බොහොම අපූරු
අත්දැකීමක්. අපේ අදහස් හුවමාරු වුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම එහිදී මම පෙනී
සිටියේ මීනා කුමාරි කියන රංගන ශිල්පිනිය පසෙකලා ලංකාවේ රංගන ශිල්පිනියක් ලෙසින්.
සමහර දේ පිළිබඳ ඔවුන්ගෙන් ලැබුණු උපදෙස් පිළිපදිද්දී (විශේෂයෙන්ම කැමරා ශිල්පිනිය)
ඔවුන් මා පිළිබඳ මවිතයට පත් වුණා. ලංකාවේ ක්ෂණිකව දෙයක් තේරුම් ගත හැකි අය ඉඳීම
පිළිබඳ ඔවුන් සතුටට පත් වුණා විතරක් නෙමෙයි, විශේෂයෙන් කැමරා ශිල්පිනිය මට නිතරම
වගේ ස්තුතිවන්ත කිරීම බොහොම අගය කළ යුත්තක්.
ඒ කියන්නේ පළමු වාරයෙන්ම කැමරා
අධ්‍යෂක්ෂවරියට එම දර්ශනයන් කැමරා කෝණයට හසුකර ගැනීමට ලබුණු සතුට නිසයි ඈ මට සුබ
පැතුවේ. අධ්‍යක්ෂවරයා ඇතුළු සැම දෙනාගෙන් ලැබුණු ප්‍රශංසාව මට රටක් රාජ්‍යයක්
ලැබුණා වගේ. ඉන් ලැබුණු සතුට මගේ ජීවිතය පුරාම රැඳී තිබේවි.’
‘බොහෝ දෙනාගේ ප්‍රශංසාවට පාත්‍ර වුණු මීනාගේ රැඟුම් රැගත් කුට්ටි ශ්‍රාන්ක් මලයාලම්
චිත්‍රපටය අපේ සිනමා රසික රසිකාවන්ට දකින්නට ලැබේවිද?’ යන ගැටලුව මගේ සිත්හි ඉපදුණේ
ඉබේමය.
‘ඇත්තටම එහෙම ෙවිව්ද?’
‘මලයාලම් චිත්‍රපට කලාවේ කලාත්මක ගණයට ගැනෙන මේ චිත්‍රපටය බොහොම ගැඹුරු නිර්මාණයක්.
යමක් හිතන්නට තිබෙන නිසා එහි ගැඹුරු බව වඩාත් දැනෙනවා. වාණිජ චිත්‍රපටයක් නොවන
නිසාම ලංකාව වගේ රටක තිරගත කිරීමේදී මොන වගේ තත්ත්වයක් උද්ගත වේවිද කියන්න බෑ.
ජාත්‍යන්තරයට යන මෙවන් නිර්මාණයක අපේ රටේ රංගන ශිල්පිනියක් සහභාගි වූ නිසාම යම්
ඉල්ලීමක් කළොත් සුබාදායී ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන් කියලා මට හිතෙනවා. මොකද ලංකාවේ
දක්ෂ රංගන ශිල්පීන් වගේම ශිල්පිනියන් ඉන්නා වග ජාත්‍යන්තරය දන්නවා.
මම එහෙම කියන්නේ
මා රඟපෑ මෙම චිත්‍රපටයේ කණ්ඩායමේදී අපේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන මාලිනී අක්කාව
පවා මතකයට නඟන්නට තරම් ඔවුන් අවංක වීම නිසයි.
ඒ වගේ දක්ෂතා රැසක් ඇති අයට
ජාත්‍යන්තරයට යන්න ලැබෙනවා නම් ඒක තම රංගනයට සොඳුරු අවදියක් උදා කරා කියන හැඟීම ඇති
වේවි.’ ඈ පවසන්නේ තමා ලැබූ අත්දැකීම් ලංකාවේ සිටින රංගන ශිල්පිනියන්ට හා ශිල්පීන්ට
ද උදා වේවාය යන උදාර පැතුම ද පෙරදැරිවය.
‘ඒ වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණු ෂාජි එන්. කරූන් කියන පුද්ගලයා පිළිබඳත් යමක්
කිව යුතුමයි. ඔහු බොහොම නිහතමානී අධ්‍යක්ෂවරයෙක්. මම එහෙම කියන්නේ යම් යම් අවස්ථාවල
යම් යම් දර්ශනයන්හිදී කොහොමද මම මේක කළ යුත්තේ කියලා ඇහුවා. ඔහු ඒ පිළිබඳ මට
කාරුණිකව පැහැදිලි කිරීමට තරම් නිහතමානී වුණා.
ඒ වගේම මේ දර්ශනයේදී මම මෙහෙම කළොත්
හොඳයි නේද කියලා ඇහුව අවස්ථාත් තිබුණා. ඒ අවස්ථාවේදී ඔහු මාත් සමඟ එකඟ වුණා. අනුමත
කළා. මේ තරම් සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් ළඟ මීනා කියන්නේ පුංචි කෙනෙක්. සිනමාව ඔස්සේ
දිර්ඝ ගමනක් යන්න ඉන්නා මට ඔහුගෙන් ඒ වගේ නිහතමානී බවක් හිමි වීමම මා පුදුමයට පත්
කළා.
ජාත්‍යන්තර නිර්මාණයක් නිසා ඔවුන් කියන්නේ මොකක්ද ඒ දේ කරන තැන මම හිටියේ
නැහැ. රංගන ශිල්පිනියක් විදියට තිබෙන සදාචාරාත්මක බව රැක ගනිමින්, ලංකාවේ ගෞරවය රැක
ගනිමින් තමයි මා එහිදී කටයුතුª කළේ. මේ නිසාම මට ඔවුන්ගෙන් හිමිවුණේ ප්‍රශංසාවන්.
සමහර දර්ශනවලදී යම් යම් සීන් කරද්දී මමම වාරණයක් හදා ගත්තා. ඒ අවස්ථාවලදී ඔවුන් ඒක
කළ යුතුමයි කියන ස්ථාවරයේ හිටියේ නැහැ. ඒ සුහද බව ප්‍රියශීලී බව ඔහු කෙරෙහි තිබුණා.
සිනමාව ඔස්සේ දිගු ගමනක් යන්න සිටිනා ශිල්පිනියක් විදියට මට හොඳ නිර්මාණවලට
දායකවීමට ලැබී තිබෙන්නේත්, හොඳ අධ්‍යක්ෂවරයකු යටතේ රඟපාන්නට ලැබී තිබෙන්නෙත් බොහොම
අඩුවෙන්.
එත් මේ නිර්මාණය ඔස්සේ තියෙන්නේ ඒ අඩුව සම්පූර්ණ වුණා කියන හැඟීමක්. ඒ
ඔස්සේ ලැබුණු අත්දැකීම් මා වින්ඳා. ඒ අත්දැකීම් මම තවමත් විඳීනවා. අවාසනාවකට තවමත්
මට ලංකාවේ කලාත්මක චිත්‍රපටයකට රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබී නැහැ. ඉදිරියේදී
එවන් අවස්ථාවක් හිමිවේය යන පුංචි බලාපොරොත්තුවක් මගේ සිතේ පොර කනවා.
මේ දවස්වල උපුලී, වන්දනා වගේ ටෙලි නාට්‍ය ඔස්සේ වගේම ධර්මසිරි බණ්ඩාරනායකගේ
ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයේත් රඟපානවා. ඉදිරියේදී නිර්මාණ කිහිපයකට රඟපෑමෙන්
සහභාගිවීමට මට ආරාධනා ලැබුණා. මේ විදියට බොහොම සුන්දරව, නිස්කලංකවයි මගේ ජීවිතය
ගෙවෙන්නේ.’
ඉන්දියවේදී කාලි නම් සුන්දර යුවතිය සමඟ ගත කළ ඒ ජීවිතයේ සුන්දරත්වය තාමත් මීනා
කුමාරිගේ උවනෙහි සටහන්ව ඇතැයි සිතේ. ඒ ඇගේ සුන්දරත්වය හා බැඳුණු අහිංසක බව කාලි නම්
යුවතිය ඔස්සේ ද අපුූරුවට ඔප් නැංවෙන්නට ඇතැයි මට සිතුණේ ඇගෙන් සමු ගන්නට මොහොතකට
මත්තෙනි.
සේයාරූ - ප්‍රසාද් සමරතුංග
තිලානි ශානිකා විතානාච්චි
|