පපා මම ගෙදර ආවා ඉක්මනට ගෙදර එන්න
පුරුදු ලෙසින් තලවතුගොඩ - සුකලල්ගොඩ පිහිටි නිවෙසට අප පිවිසියේ මේ දක්ෂ රංගන
ශිල්පියා, දේශපාලඥයා පිළිබඳ යමක් ලියන්නට නම් නොවේ. ඔහු ඇතුළු දරුවන් නව දෙනෙකු
මෙලොවට දායාද කළ, ඔවුන්ගේ දියුණුව ඉත සිතින් පැතූ රියෙන්සි ස්ටෙන්වෝල් සෙනවිරත්න ඒ
ආදරබර පියෙකු පිළිබඳ මතකයේ ආවර්ජනයක යෙදෙන්නටය.
මීට දින කිහිපයකට පෙර නිවසෙහි තිබුණු කලබලකාරී බව වසා පැතුරුණු ශෝකයක සලකුණු මුළු
පරිසරය පුරාම විහිදී ගොසිනි. නිවෙසෙහි ගේට්ටුවේ එක් කොණක රැඳ වූ සුදු කොඩිය සිය
මුහුණ පහතට හරවාගෙන සිටින්නේ ඔහු නිසා තවමත් හදවතෙහි ඇති වූ ශෝකය අපට හඟවන්නාක්
මෙනි.
වෙනදා හමන මදනලේ පහස අද නොදැනේ. ගෙමිදුලෙහි ඔහුගේ දෑතේ පහස ලැබ හැදුණු වැඩුණු
තුරුලතාවෝ අද නිසොල්මන්ය. ඒ මැදින් නිවෙසට පිවිසි අප නෙත ගැටුණේ සිය පියාගේ
වියෝවෙන් ශෝකවන රොජර් සෙනෙවිරත්න නම් ඔහුගේ දඟකාර, කටකාර පුත්‍රයාය. අප හමුවට
පිවිසෙන විට වෙනදා නැෙඟන සුපුරුදු සිනහව පාන්නට අද ඔහුට අමතකව ගොසිනි. වෙනදා ඇති
සැහැල්ලු බව, ගිලිහුණු උවන මට සිහි කළේ වැහිබර අහස් කුසින් කඩා වැටෙන්නට ඔන්න මෙන්න
කියා විහිදුණු ඝන කළු පැහැ ගැනුණු වලාකුළකි. ඒ වලාකුළේ සේයාව ඇඳුණේ මීට දින
කිහිපයකට පෙරාතුවය.
‘සර් තාත්තා අන්ත්‍රා වුණා . . .’
ලේකම්වරයාගේ ශෝකී ස්වරය දුරකතනය ඔස්සේ ගලා ආවේ මගේ සවන් අගුළු පත්ලමිනි.
‘දෙයියනේ. . . පපා අන්ත්‍රා වුණා . . ‘
උන්හිටි තැන් පවා අමතක වූ මට කෑගැසුණේ ඉබේටමය. කතරගම දෙවොලෙහි යාතිකා කිරීමට පැමිණි
බැතිමතුන් මා දෙස බැලුවේ විමතියෙනි. බිරිඳ විනීතා මෙන්ම සොහොයුරියෝ මා අසලට සමීප
වූහ. හදිසියේම අප සැවොම කතරගම දෙවොලට පැමිණියේ යාතිකාවක යෙදෙන්නටය. ඔබ වෙනුවෙන්
පැමිණි මේ ගමනේදී පුදසුනේදී දෙවියන්ගෙන් අපට ඉල්ලන්නට ඉතිරි වී තිබුණේ විසඳුම්
දෙකකි. එකක් ඔබට ඉක්මන් සුවය ලැබීමය. අනෙක සුවය නොලැබෙන්නේ නම් සැනසීමෙන් යුතු
මරණයයි.
දියේ ගිලෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා මෙන් යැයි කියනා ඒ අපූරු පැරැණි උපහැරණය
මගේ සිහියට නැගුණේ මෙවිටය. අපි සැවොම කරවටක් ශෝකය නමැති දියෙහි ගිලී සිටියෙමු. ඒ
අප අතට පත් කතරගම දෙවිඳුන් නමැති පිදුරු ගසෙහි එල්ලී කෙසේ හෝ අප ඔබව ගොඩට ගන්නට
සිතූ නිසාවෙනි. නමුදු මරු අපට පෙර ඔබව සොයා ගොස් තිබුණි. අප ඉන් ඉවත්ව පැය කිහිපයකට
පසුව ඔබ සදහටම දෙනෙත් පියා ගත්තේය. ඒ සැනසීම ඔබට හිමි වූයේ ඔබටත්, ඔබ අසල සිටි
අයටවත් නොදැණෙන පරිද්දෙනි. දෙවියන් අප ඉල්ලූ එක් පැතුමක් සඵල කර තිබුණි. ඒ ඔබට
සුවදායී සැනසීමෙන් යුතු මරණයක් අත්කර දෙමිනි.
ඔබ අප හැරදා යන්නට ගියේය. එහෙත් ඔබ ඉතිරි කර ගිය මතකය මගේ සිත සැරිසරන්නේ සිහිනයක
සිදුවීම් පෙළක් ලෙසිනි. වරායෙහි ලැන්තෑරුම්කරුවෙක් ලෙස ඇරැඹි නුඹගේ ජීවිතය අපට
ආලෝකයකි. මන්ද සරල රේඛාවක් ලෙස ඇරැඹුණු ඔබගේ වෘත්තීය ජීවිතය ගලා ගියේ එහිම සංසන්දනය
කිරීමේ නිලධාරියාගේ තනතුර දක්වා පමණි. ඉන් ඔබ කොපමණ තරම් සෑහීමකට පත්වූයෛ් ද යත් ඊට
ඉදිරියට පියවර නඟන්නට ඔබට හැකියාව තිබුණ ද ඉන් වැළැකී සිටියේ ඔබ ළඟ තිබූ ඒ සරල බව
නිසාම නොවේද? ඔබ ළඟ තිබූ සරල බවත්, නිහතමානී බවත්, සංවේදී බවත් නිසාම ඔබ වටා
එක්රැස් වූ පිරිස අපමණය. සෑම දෙනා අතර ඔබ ජනප්‍රිය චරිතයක් වූයේ මෙවන් වූ සොඳුරු
ගති ලක්ෂණයන් නිසාමය යන්න අප කාටත් රහසක් නොවේ.
1953 තරම් ඈත කාලයේ අයෝමය පුරුෂයා ලෙස ඔබ පැළැන්ඳූ කිරුළ පිළිබඳ පසු කාලයේදී ඔබ
දිව්‍යා හා දිගන්ත යන මුනුබුරු මිනිබිරියන් සමඟ පැවසුවේ කොතරම් ආඩම්බරයකින්ද යන වග
මම දනිමි. ඒ ගෙවුණු සොඳුරු අතීතය හා ඔබ අතර වූ බැඳීම ගසට පොත්ත මෙන් වූ බව ද මම
දනිමි. මගේ සිත දිව යන්නේ අප කුඩා කාලයේ කැලණිය ප්‍රදේශයේ විසූ මහ ගෙදරටය. අද මෙන්ම
එදා ද ඔබගේ අණ එහි සැරිසැරුවේ අපගේම හොඳට බව යළිත් මතක් කළ යුතු නොවේ.
හිරු
අවරගිරින් මුහුදෙහි ගිලෙද්දී අප කුමන කටයුත්තක නියැලී සිටියත් නිවෙසට පැමිණිය යුතු
යන මතහෙි ඔබ තදින්ම පිහිටා සිටියේය. විගසින් රැකියාව අවසාන වී නිවෙසට පැමිණෙන ඔබ
වටා අප නව දෙනා රොක් වන්නේ ගීතයක් රස විඳිනු රිසියෙනි. නැතිනම් හොල්මන් කතාවක් අසා
එකට ගුලිවෙනු රිසියෙනි. සෑම දිනකම නැවුම් කතාවකින් අප සනසන්නට ඔබගේ කතා ඔලගුවේ කතා
හිඟ නොවුණු බව නම් සහතිකය. මේ අපූරු පුරුද්දට ඔබ කොතරම් ඇබ්බැහි වී සිටියේ ද
කියතොත් දරුවන් වැඩී විවාහ වූ පසුව ද ඔබට ඕනෑ වූයේ පෙර පුරුදු ලෙස ඔවුන් තමා ළඟටම
වී කතා අසනු දැකීමටය.
අප පිළිබඳ ඔබ දෙපළ කෙරෙහි වූයේ ගෞරවයකි. පැමිණෙන්නට මා ප්‍රමාද වූ කල්හි ඔබ හාන්සි
පුටුවට වී පෙර මඟ බලා සිටින්නේ නිදිවරමිනි.
‘මොකක්ද සන් ඔයා කරන්නේ. ඉක්මනට ගෙදර එන්න බැරිද?’
ප්‍රමාද වී මා පැමිණි එවන් දවසක ඔබ කෑගසන අයුරු මට මේ දැන් ඇසෙන්නාක් වැනිය. ඒ වදන
මා රැගෙන යන්නේ අතීතයේ එක් දවසක් වෙතය. මගේත්, ලොකු අයියාගෙත් ලැගුම්පල වූයේ
නිවසෙහි ඉදිරිපස කාමරයයි. තරුණ නාට්‍යකරුවෙකුª ලෙස වේදිකා නාට්‍ය පිළිබඳ තිබූ උණ
නිසාම සමහර දිනෙක මට පපාගේ නියමිත වෙලාවට නිවෙසට පැමිණීමට නොහැකි වන්නේ ඉබේමය. ලොකු
අයියාත් රෑ බෝවී නිවෙසට පැමිණෙන අවස්ථා එමටය. ඒ වන විට දොර වසා යතුර ඇත්තේ ඔබ අත
බැවින් අප කාමරයට පිවිසීමට යොදා ගත්තේ අපූරු උපායකි. කාමරයෙහි ඇති ජනෙල් පෙළට ගසා
ඇති ඇණ බුරුල් කළ අප ජනේලය නොවසා තබන්නේ ඉන් කාමරයට රිංගිය හැකි බව දන්නා බැවිනි.
එහෙත් එක් දිනෙක මේ උපාය වැරැදුණේ ප්‍රමාද වී පැමිණි මගේ ඇඟට දැල කාඩගෙන වැටීම
නිසාවෙනි. අපේ හොරය එළි විය. ඒ වේලෙහිම ඔබ පෙර තිබූ පරිදි දැල ගසන්නට මට නියම කළේ
මිටියක් හා ඇණ කිහිපයක් මා අත තබමිනි.
ලොකු අයියා රැල්ස්ටන්ය. මා පවුලෙහි දෙවැන්නාය. ක්‍රිස්ටීන්, ඩරීලියා, ශ්‍යාමේන්,
ලිනට් මා ළඟ උපන් මට බාල සොහොයුරියන් සිව් දෙනාය. සත්වැනියා වූයේ රැල්ෆ්ය. මිෂෙල්
අටවැනියා වූ අතර අපේ නිවසෙහි බඩපිස්සිය වූයේ වර්ජිනියාය. පවුලෙහි වගකිව යුතුª
පුත්‍රයෙකු ලෙසින් හැමට පෙර නිවෙසෙහි වූ තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් මට තිබුණි.
රංගනයට මෙන්ම නාට්‍යවලට බොහෝ සේ ආදරය කළ මම දිනක් ගම්මඩුවක් බලන්නට මුදල් සොයා
ගත්තේ අප නිවෙස අසල ඇති පියසෝම අයියාගේ දර මඩුවෙහි දර පැලීමෙනි. ඔහු දර හොණ්ඩරයකට
රුපියල් දෙකක් ගෙවූ අතර ඒ වන විටත් දර හොණ්ඩර විස්සක් පමණ පැලීමට මට හැකියාව ලැබී
තිබිණි. ඊළඟ දර හොණ්ඩරය පලන්නට පොරව එස වූවා පමණි. මගේ කම්මුලට වැදුණු අතුල් පහරින්
මා විසි වී ඇද වැටිණ.
‘සල්ලි ඕන් නම් මම දෙන්නම්’
ඔහු මා අතින් ඇදගෙන නිවෙසට ගියේ එසේ කියමිනි.
එදා ඔබ එසේ කළේ තරහින් නොවන බවත්, ඔබගේ සිතේ ඇති වූ ලැජ්ජාව නිසාම බවත් මම දනිමි.
ඔබ මා හා බිරිඳ සමඟ විසීමට ආවේ මීට වසර විස්සකට පෙර අතුවය.
ඒ පැමිණියේ ද නිවෙසට වී විවේකීව සිටීමට අකැමැති වූ ඔබගේ දෑතේ පහස ලැබ වැඩුණු තුරු
ලතාවෝ හා ඉන් එබී බලනා මල් කැකුළු ගෙමිදුලෙහි සුන්දරත්වය තීව්‍ර කරයි. කතෝලිකයෙකු
ලෙස කිතු දහම ඇදහුව ද ඔබ බුදු දහමට බෙහෙවින් ආදරය කළේය. සෑම වසරකම එළැඹෙන වෙසඟට පෙර
පෙබරවාරි මාසයෙහි පටන් විශාල වෙසක් කූඩුවක් තනන්නට වැඩ අරඹනා ඔබ නැතිව මෙවර වෙසඟ
ගෙවෙන බව නම් සැබෑවකි. මා මිතුරන් හා නිවෙසට පැමිණෙන කලාකරුවන් හා දේශපාලඥයන් සමඟ
බොහෝ මිතුරුව සිටි ඔබ විමල් වීරවංශ ඇමතිතුමාට බොහෝ සේ ආදරය කළේය.
ඔබ අප අතැර නික්ම අවසන් ගමන් ගියේ කිසිදු දිනක ඔබගේ මතකය අප හදවතෙහි අමතක නොවන
අයුරින් සනිටුහන් කරමින් බව ඔබ දන්නේද? ඒ පෙබරවාරි 21 වැනිදාය. ඒ මගේ දියණිය වූ
දිව්‍යා විහාරිගේ උපත සිදු වූ දිනයේමය. ජීවිතයේදී සිය අභිමානය කියාපාමින් අභිමානවත්
සිංහයකු ලෙස ජීවිතයට උර දෙමින් අප හැදූ වැඩූ ඔබ වැනි පියෙකුගේ පුත්‍රයෙකු වන්නට
ලැබීට මට වාසනාවකි. දිනෙක මගේ පියාණන් වී උපදින්නට නොහැකි නම් මිතුරෙකු සේ මා අසලම
උපදීවා යන්න මගේ අවසාන පැතුමයි.
සේයාරුව - ප්‍රසාද් සමරතුංග
තිලානි ශානිකා විතානාච්චි
|