මධූ - ප්‍රමිත යුග දිවියට

මාධ්‍යවේදී කපිල බන්දුසේන සහ නිවේදිකා ගංගා පීරිස් යුවළගේ එකම දියණිය මධූ පසුගිය දා යුග දිවියට පිවිසුණාය. ඇයගේ අතගත් වාසනාවන්තයා වූයේ සිනමා ශිල්පියකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන ප්‍රමිත පෙරේරාය. ප්‍රමිත මහින්දාගමනය ඇතුළු නිර්මාණ කිහිපයකට රංගනයෙන් දායකවී ඇත.

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්, ධනපාල උඩවත්තසහ ගෝල්ඩන් චයිමස් සංගීත කණ්ඩායමේ නායිකා ලාංකිකා පෙරේරා මංගල අවස්ථාවට සහභාගි වෙමින්.


තරිඳු සේ පායා . . .

නොකියාම යන්න ගියා

තරිඳු විජයසිංහ. ඒ ආදරණීය සහෘදයා අපෙන් සදහටම සමුගෙන මෙම මස 03 වැනිදාට හරියටම වසරකි. එය අදහාගත නොහැකි තරම්ය.

1983 සැප්තැම්බර් 11 වැනි දින කළුතරදී උපත ලද තරිඳු රන්සර විජයසිංහ, කලාවට ප්‍රවිෂ්ට වූයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ක්ෂේත්‍රයට එක් වෙමිණි. අනුරුද්ධ ජයසිංහගේ තට්ටු ගෙවල් ටෙලි සිතුවමේ සුළු චරිතයක් මවමින් රංගනයට පිවිසි තරිඳු උප ප්‍රධාන චරිතයක් පළමුවරට නිරූපණය කළේ චාතුර්යා ටෙලි නාට්‍යයෙහිය. පසුව සැරිසර ලිහිණි, සඳ තාරකා, කුරුළු පිහාටු, සුදු සේල, පුනරාගමනය, පතිනි, විය සිදුර ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවක ප්‍රධාන චරිතයන් නිරූපණය කළේ ඉමහත් ප්‍රේක්ෂක ජනාදරයට පාත්‍ර වෙමිණි.

ඉන් කුරුළු පිහාටු හි සුවහස් සහ සුදු සේල හි සිහිලැල් ඔහුගේ රංගන ජීවිතයය ආලෝකමත් කළ චරිත යුගළක් විය.

දේදුනු වැස්ස සහ සොඳුරු වසන්තයෙහි රඟමින් රිදී තිරයට ද අවතීර්ණ වූ තරිඳු රඟපෑ බෝම්බ සහ රෝස ඉදිරියේදී තිරගතවීමට ඇති චිත්‍රපටයකි. එම රංගනයන් දැක ගැනීමටවත් රුදුරු මරුවා ඔහුට ඉඩ නොතැබූයේ ඉතා කුරිරු ලෙසිණි.

හොඳ නළුවකු, අධ්‍යක්ෂවරයකු වීමේ හිත පුරා පැවති සුන්දර සිහිනය බොඳ කරමින් අද ඔහු යන්නට ගොසිණි. ඒ වෙනුවෙන් සුමධුර දම් දෙසුමක් හා සංඝගත දක්ෂිණාවක් 03 සහ 04 දෙදින තුළ පැවැත් වෙන්නේ සංසාර ගමනේ මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා යන ආදරණීය මව්පිය නෑදෑ හිතවතුන්ගේ හදවතින් නැෙඟන මහත් සංවේගයෙනි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව