වර්ෂ 2024 ක්වූ අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ ආදරේ කියවා ගන්නට බෑ වටහා ගන්නට බෑ
Halloween
සියලු සිනමා ශාලා හිමියන්ට රාජ්‍ය අනුග්‍රහය අත්‍යවශ්‍යයි
රත්නම්ට තහනම් වූ යාපනය සිනමා උලෙළ
මැදියම දෙපළු කළ දුරකතන පණිවිඩය
තරුවක් උපදින ආදරණීය කතාවක් A Star Is Born
පපාස් හවුස්
Sui Dhaaga
විශ්වයේ බිහිසුණුම විලෝපියාගේ පුනරාගමනය
ගිරිවැසිපුර
ළමයකු පැහැර ගත් වැද්දෙකුගේ කතාව සඳගල පාමුල
පුංචි දිය කිඳුරියක ගැන ආදරේ හිතෙන චිත්‍රපටයක්
ජීවිතය ජයගන්න අපූරු මෙවලමක් ගෝල්
අභිරහස් මරණය සොයා යන පූජකවරිය THE NUN
අප අතර සිටිමින් අප බිලි ගන්නා බාඳුරා
සංක්‍රාන්තික මොහොත සහ දැවෙන විහඟුන් ...
තිදෙනෙක් සහ නළුවෙක් සුමිතුරු නළුවෝ
‘වස්සානයේ සඳ’ සිනමා විමසුම ජීවිතයට එබිකම් කිරීමකි
ඉසුරු පපාස් හවුස් ගෙන එයි
තානාපතිලාගේ ගෙදර
ඉලක්කය හඹා යන ගුරු සිසු පිරිස ගෝල්
ඉන්දියානු සිනමාවේ පළමු අභ්‍යාවකාශ චිත්‍රපටය
ඝරසරප
'විශ්ම' ගෙනෙන සංගීතමය මිහිර සිනමාවට එක්වන නව සංගීත අධ්‍යක්ෂවරයා
සංවේදනාවන් කියැවීමකි
Three Billboards
බොරුවෙන් ජීවත්වීමට උපන් හපන් වලිසිංහගේ කතාව
වේගයෙන් පෙරට RACE 3
වස්සානයේ සඳ පායයි
රජිනි නැවතත්
එක වගේ දෙන්නෙක් ජරමර ගොඩක් එල ඩබල
සුළි කුණාටු මැද ඔබ තනිවුවහොත්
සිනමාවට එක්වන සුරූපී නිළිය මිස් ජෙනිස්
හන් සෝලෝගේ කතාව 25 වැනිදා සිට ලොවපුරා
සැබෑ සෙනෙහසේ අසිරිමත් රිද්මය වස්සානයේ සඳ
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරය

වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරය

රොෂාන් රණවන ප්‍රබල රංගනයක

නලින් රාජපක්ෂ දෙවැනි සිනමා නිර්මාණය

පාදඩකරණය වූ සමාජයක රජයන්නේ භීෂණය හා ප්‍රචණ්ඩත්වයයි. සාධාරණත්වය, මනුෂ්‍යත්වය, ආදරය එවන් සමාජයකට ගව් ගණනක් දුරය. එහෙත් යොවුන් දෙහදක විකසිත වන සොඳුරු පෙම් ප්‍රර්ථනා ඒ කිසිදු අභියෝගයක් ඉදරියේ මිලිනව යන්නේ නැත. එවන් වූ අමිල සෙනෙහසක හද ගැහෙනා රිද්මය ‘The Rainbow  - රන් දේදුන්නක්’ චිත්‍රපටයට පාදක වී තිබේ.

අඟර දඟර චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවත් දිනූ යොවුන් අධ්‍යක්ෂ නලින් රාජපක්ෂ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වේ. ප්‍රවීණ, නවීන ජනප්‍රිය නළු නිළියන් රැසක් සමඟ ළඟදීම රිදී තරය මත දිග හැරෙන ‘The Rainbow  - රන් දේදුන්නක්’ සටන්කාමි හෙළ සිනමාවේ පෑයූ රන් දේදුන්නයි. නොඑසේ නම් වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයයි.

ජනප්‍රිය නළු රොෂාන් රණවන සිය සිනමා රංගන දිවියේ අතිශය සටන්කාමී, ප්‍රවේගකාරී මෙන්ම ආදරණීය චරිතයකට පණ පොවන්නේ ‘The Rainbow  - රන් දේදුන්නක්’ චිත්‍රපටයෙනි. එය ජනප්‍රිය සිනමාවේ ඔහු සතු ජනප්‍රිය ප්‍රතිරූපය තවදුරටත් ඔපමට්ටම් කරන චිත්‍රපටයක් වනු නොඅනුමානය. රොෂාන් සමඟ ප්‍රධාන නිළි භූමිකාව රඟ දක්වන්නේ ටනාෂා හතරසිංහ නමැති සුරූපී නවක යොවුන් නිළියයි.

‘The Rainbow  - රන් දෙදුන්නක්’ චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේය.

කලබලකාරී කොළඹ නගරයේ තැනින් තැන කඩිමුඩියේ මිනිසුන් ගමන් කරනු පෙනේ. තරමක් ඇඳිරි වැටුණු අවස්ථාවක මාවතක් දිගේ පැමිණෙන ත්‍රීවිල් රථයකින් අවුරුදු විසිපහක පමණ කඩවසම් තරුණයෙකු බසී. ඔහු නමින් රොෂාන්ය. රොෂාන් ත්‍රීවිල් රථයෙන් බහින අවස්ථාවේ පිටුපසින් දිව එන තරුණියක් රොෂාන්ගේ ඇඟේ හැපෙයි. ඇය නමින් නිෂානිය. පත්තර වාර්තාකාරියක් වන නිෂානි හොර සල්ලි තිප්පොළක් ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ ඇය හොර මැරයින්ට අසුවේ. ඔවුන්ගෙන් බේරීමට දිව එන අවස්ථාවේ හදිසියේ රොෂාන් හමුවේ. ඇය පසුපස එන මැරයින් නිශානි, රොෂාන් සමඟ සිටි නිසා ඇයව හඳුනා ගැනීමට නොහැකිව එතනින් පිට වේ. ඔවුන් නික්ම ගිය පසු පැමිණෙන ත්‍රීවිල් රථයකට අත දමන නිශානි රොෂාන්ට ස්තූති කොට ත්‍රීවිල් රථයේ නැග පිට වෙයි. සිදු වූයේ කුමක්දැයි රොෂාන්ට සිතා ගැනීමට නොහැකිව බලා සිටියි.

රොෂාන් කොළඹට පැමිණෙන්නේ ඔහු සමඟ සරසවියේදී ළඟින්ම ඇසුරු කළ ශිවා හමුවීමටය. ශිවා දමිල තරුණයෙකි. මව, පියා, නැගණිය සමඟ සිටින ශිවා කායවර්ධන ආයතනයක් පවත්වාගෙන යයි. ශිවාගේ නිවසට ඇතුල් වන රොෂාන් ශිවාගේ දෙමව්පියන් ආදරයෙන් පිළිගන්නේ ශිවාට සරසවියේදී සිටි හොඳම මිතුරා රොෂාන් බව දන්නා හෙයිනි. රොෂාන් යම්කිසි සිදුවීමක් ශිවාට පැවසුව පසු රොෂාන්ට ඕනෑම උදව්වක් කරන බව පවසයි. ටික කලකට රොෂාන් තමාගේ කායවර්ධන ආයතනයේ වැඩ කරන බව ශිවාගේ මව්පියන්ට පවසයි. ඉතාමත් ඕනෑකමින් කායවර්ධන ආයතනයේ වැඩ කටයුතු කරන රොෂාන් කීපවතාවත් නිශානි අතරමඟදී මුණ ගැසුණද නිශානි රොෂාන්ව මඟ හරියි. මේ අතර නිශානි ලුහුබඳිමින් මැරයින් කීප වතාවක්ම නිශානිව කොටු කර ගැනිමට මාන බලයි.

දිනක් නිශානි ලුහුබඳිමින් මැරයින් පැමිණෙන අවස්ථාවක නැවතත් රොෂාන් පැමිණ ඇයව බේරා ගනී. ඉන් පසු සමීප ඇසුරක් ඇති කර ගන්නා රොෂාන් සහ නිශානි නිතර නිතර මුණ ගැසෙයි.

රජයේ ප්‍රබල ඇමතිවරයෙකු වන වීරරත්න නොයෙකුත් නීති විරෝධී ක්‍රමවලින් මුදල් සොයන මැර දේශපාලනඥයෙකි. අවංක දේශාපාලකයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිමින් හොර රහසේ දූෂණ, වංචා සිදු කරමින් මිනීමැරිම්, මත් කුඩු බෙදා හැරිම්, හොර සල්ලි අච්චු ගසමින් මුදල් උපයයි. පෙර දින නිශානි වාර්තා කළ හොර සල්ලි තිප්පල ද අයත් වන්නේ මෙම ඇමැතිවරයාටය. ඔහුට ඉතාමත් සල්ලාල පුතෙකු ද සිටී. ඔහු සිය පියාගේ බලපුළුවන්කාරකමින් නොයෙකුත් නීති විරෝධී වැඩ කරයි.

දිනක් රොෂාන්ට තම නැගණිය වන රශ්මි උපකාරක පන්තියක ඇරලවන ලෙස ශිවා ඉල්ලා සිටී. එහි ගිය අවස්ථාවේ මැදිවියේ යුවළක් රොෂාන් සමඟ ඉතාමත් ගෞරවයෙන් කතා කරයි. රොෂාන්ගේ නෑදෑයින් කිසිවෙක් කොළඹ නොමැති බැවින් ඔවුන් කවුදැයි රොෂාන්ගෙන් අසන රශ්මි විමිතියට පත්වේ. ගමේ දන්නා හඳුනන අය බව පවසමින් රොෂාන් කතාව මඟ හරියි. තවත් දිනක නිශානි සමඟ පැමිණෙන රොෂාන් පොලිස් මුරපලක නවත්වයි. එහිදී එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු වන රාජපක්ෂ, රොෂාන් සමඟ ඉතාමත් කුළුපඟව කතා කරනු දකින නිශානි රොෂාන් ගැන විමසිල්ලෙන් පසු වෙයි.

රොෂාන් සහ නිශානි අවන්හලක සිටින අවස්ථාවක නිශානි ලුහුබඳින ඇමතිවරයාගේ මැරයින් නිශානි පැහැරගෙන යෑමට සැරසෙත්ම රොෂාන් ඔවුන් හා සටන් කර නිශානි බේරා ගනී. එක් මැරයෙකු රොෂාන් හඳුනාගෙන රොෂාන්ගේ ගමේ සිටින වික්ටර් නැමැති මැර නායකයෙකුට රොෂාන් කොළඹ සිටින බවට දුරකථන ඇමතුමක් දෙයි. වහා ක්‍රියාත්මක වන වික්ටර් සහ මැර කණ්ඩායම රොෂාන් සොයා කොළඹට පැමිණෙයි. නිශානිගේ පියා ද හිටපු පත්තර වාර්තාකරුවකු වන අතර දූෂණයක් හෙළි කරමින් පත්තර වාර්තාවක් ලියූ බැවින් මැර කණ්ඩායමක් විසින් නිශානිගේ පියා සහ මව ඝාතනය කරයි. ඉන් පසු නිශානි හැදී වැඩුණේ බණ්ඩාරවෙල ළමා නිවාසයකයි. සුනාමියෙන් අනාථ වුණු කුඩා ගැහැනු ළමයෙකු නිශානිගේ වියදමින් ළමා නිවාසයේ හැදී වැඩෙයි. තමා සමග සිය නැගණිය බැලීමට බණ්ඩාරවෙල යෑමට නිශානි රොෂාන්ට කතා කරයි. රොෂාන් ඉතා කැමැත්තෙන් නිශානි සමඟ බණ්ඩාරවෙල යයි.

වික්ටර්ගේ කූට උපක්‍රමයක් නිසා බොරු චෝදනාවකට රොෂාන්ගේ පියා රිමාන්ඩ් භාරයට පත් වේ. රොෂාන්ගේ නැගණිය ඒ බව රොෂාන්ට පැවසීමට උත්සාහ කළ ද රොෂාන්ට දුරකථන ඇමතුමක් ගැනීමට නෙහැකි වේ. සිදු වූ සියල්ල ශිවාට පවසන රොෂාන්ගේ නැගණිය වන සචිනි තමාට තනියම ගමේ සිටීමට බිය බව ශිවාට පවසයි. රොෂාන් බණ්ඩාරවෙල ගොස් ඇති නිසා ශිවා සිය දෙමව්පියන් දැනුවත් කර සචිනි තම නිවසට කැඳවාගෙන එයි.

වික්ටර් සහ මැර පිරිස කොළඹ පීරමින් රොෂාන් සොයා අවසානයේ ශිවාගේ නිවස සොයා ගනී. එකවරම ශිවාගේ නිවසට කඩා වදින මැරයන් රොෂාන් ඉන්නා තැන අසා නිවැසියන්ට කරදර කිරීමට සැරසෙයි.ඉන්පසු ශිවා රොෂාන් ඉන්නා තැන පෙන්වීමට ඉදිරිපත් වී මැරයින් සමඟ මැරයින්ගේ වාහනයේ පිට වෙයි. අතරමඟදී රොෂාන් සිටින්නේ මෙතනැයි පවසන ශිවා රථයෙන් බැස රොෂාන් සමඟ තිබෙන ගනුදෙනුව තමන් සමඟ බේරා ගන්නා ලෙස පවසා මැරයින් සමඟ සටන් කරයි. එහෙත් වීරරත්න ඇමතිගේ දරුණු මැරයෙකු ශිවාට පහරදී මාරාන්තික තුවාල ඇති කරයි.

බණ්ඩාරවෙල සිට පැමිණෙන රොෂාන් සහ නිශානි ශිවාට පහර දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව දැනගත් ඔවුන් වහාම රෝහලට යයි. ශිවා දැඩි සත්කාර ඒකකයේ අසීරු තත්ත්වයක සිටී. වික්ටර් පැමිණ රොෂාන් සොයා ශිවාට පහර දුන්නේ මන්දැයි ශිවාගේ දෙමව්පියන් මෙන්ම නිශානි සත්‍ය පවසන ලෙස රොෂාන්ට බල කරයි. තවදුරටත් සත්‍ය සඟවා ගත නොහැකිව රොෂාන් සියලුම දේ අතීත ආවර්ජනයෙන් පවසයි.

රොෂාන් ගමට ගොස් රැකියාවක් අපේක්ෂාවෙන් පසු වෙයි. සාමාන්‍ය පෙළ සිසුන්ට නොමිලයේ පන්ති පවත්වන රොෂාන් ගමේ ඉතාමත් ගුණගරුකව ජීවත් වෙයි. රොෂාන්ගේ මව මිය ගොස්ය. පියා ගමේ විදුහල්පතිවරයෙකු ලෙස ගමේ සැමගේම ගෞරවයට පත් වේ. රොෂාන්ගේ නැගණිය උසස් පෙළින් පසුව සරසවිය වරම් බලාපොරොත්තුවෙන් සිටී.

ගමගේ නැමැති වංක දේශපාලකයෙකු වන හිටපු මන්ත්‍රීවරයෙක් ද මෙවර ඡන්දයට ඉදිරිපත් වෙයි. ඉතාම අවංකව දේශපාලනය කරන ඔහු රොෂාන්ගේ පියා සමඟ ළඟින් ඇසුරු කරයි.

ගමේ ජිවත් වන වික්ටර් නීති විරෝධී දේවලින් මුදල් හම්බ කරන මැරයෙකි. සිය සොයුරා සමඟ නොයකෙªත් දූෂණ වැඩ කරයි. වීරරත්න ඇමතිගේ මත්කුඩු ව්‍යාපාර ජාලය වික්ටර් විසින් පවත්වාගෙන යයි. පාසල් ළමුන්ගේ මාර්ගයෙන් මත්කුඩු ප්‍රවාහනයට මාන බලන වික්ටර්ගේ ගෝලයෙකු රොෂාන්ගේ පියා විසින් පොලීසියට කොටු කර දෙයි. එහෙත් ප්‍රබල දේශපාලකයාගේ උපදෙස් මත පොලීසියේ ස්ථානාධිපතිවරයා රාජපක්ෂ විසින් අත් අඩංගුවට පත් මත්කුඩු මාරු කොට මත් කුඩු නොවන බව ඔප්පු කර වික්ටර්ගේ ගෝලයා නිදහස් කරයි. පොලිස් ස්ථානාධිපති සමඟ ගැටුමක් ඇති කර ගන්නා රාජපක්ෂ එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹට මාරු කර යවයි. පොලිස් ස්ථානාධිපතිවරයා වික්ටර්ට පක්ෂපාතී අයෙකි.

සිය මත්කුඩු පොලීසියට කොටු කර දුන් බැවින් වික්ටර්ගේ සොයුරා විසින් රොෂාන්ගේ පියාට පහර දෙන අවස්ථාවේ රොෂාන් පැමිණ ඔවුන් හා සටන් කරයි. එහිදී රොෂාන්ගේ දරුණු ප්‍රහාරයකින් වික්ටර්ගේ සොයුරා දරුණු ලෙස රෝගාතුර වී කෝමා තත්ත්වයට පත්වේ. එදා සිට රොෂාන් මරා දැමීමට උත්සාහ කරන වික්ටර් රොෂාන් කොටු කර ගැනීමට මාන බලයි. ගමේ අයවලුන්ගේ සහ රොෂාන්ගේ පියා සහ නැගණියගේ බලවත් ඉල්ලීම නිසා රොෂාන් අකමැත්තෙන් වුවද ගමෙන් පිට වී කොළඹට පැමිණ ශිවාගේ නිවසේ සිටින බව රොෂාන් අතීත ආවර්ජනයෙන් පවසයි.

වීරරත්න ඇමතිගේ මැරයින් සහ වික්ටර් එක්ව නිශානිව පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකාරියක් ලෙස රඳවා නිශානි බේරා ගැනීමට අවශ්‍ය නම් රොෂාන්ට තම තිප්පලට පැමිණෙන ලෙස වික්ටර් රොෂාන්ට දන්වයි.

ඒ බිහිසුණු හෝරාවේ රොෂාන්ගේ ජීවන ඉරණම විසඳෙන්නේ කෙළෙසකද? රොෂාන් - නිශානිගේ ආදරයට කුමක් වේවිද?

මේ සියල්ලට පිළිතුරු රැගෙන ‘The Rainbow  - රන් දේදුන්නක්’ ළඟදීම රිදී තිරය මත පායනු ඇත.